ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.
පසුගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.
පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ, විධායක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධූරයද අත්හිටුවා ඇති බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.










