මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ට ලබාදී තිබෙන පත්වීම් ලිපි කිසිදු අයුරකින් වෙනස් කිරීමක් හෝ අවලංගු කිරීමක් සිදු නොකරන බවත්, රාජකාරි පවරන නිලධාරීන් සේවයට වාර්තා නොකරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.Sri Lanka Latest News
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සියලුම නිලධාරීන් පත්කර අවසන් බවත්, ඔවුන්ට අවශ්‍ය උපදෙස් සියල්ලම ලබාදී ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලබාගත් නිලධාරීන් අනිවාර්යයෙන්ම, නියමිත දිනයේදී නියමිත ස්ථානවලට වාර්තා කළයුතු බවත්, උපදෙස් පන්තිවලට සහභාගිවූ නිලධාරීන්ට මෙතෙක් පත්වීම් ලිපි ලැබී නොමැති නම් අදාළ ප්‍රදේශයේ මැතිවරණ කාර්යාලයෙන් එය නිරාකරණය කරගැනීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා කීවේය.










