ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සුපිරි නෞකා අවම වශයෙන් තුනක් හෝමුස් සමුද්‍ර සන්ධිය අසළදී මාර්ගය වෙනස් කරමින් නැවත හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. Sri Lanka Latest News
හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට යාත්‍රා කිරීමෙන් පසුව මාෂල් දූපත් ධජය සහිත මාරි සී සහ පැනමා ධජය සහිත රෙඩ් රූබි ප්‍රවාහන නෞකා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළට ඔබ්බෙන් ෆුජයිරා අසල නැංගුරම් ලා ඇති බවත් එක්සත් රාජධානියේ ධජය සහිත කොහ්සාන් මරු නෞකාව, ඕමාන් බොක්කෙහි ඕමාන් මුහුදු සීමාවට ආසන්නව යාත්‍රා කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එසේම කොස්විස්ඩම් ලේක් නම් ඉන්ධන ප්‍රවාහන සුපිරි නෞකාව පසුගිය 22 හෝමුස් සමුද්‍ර සන්ධියට සේන්දු වී ඇතත් එම නෞකාව ආපසු හරවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඉරාන පාර්ලිමේන්තුව හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට මේ වනවිටත් අනුමැතිය ලබාදී ඇති පසුබිමක මෙලෙස ඉන්ධන සහ රසායනික ප්‍රවාහනය කරනු ලබන සුපිරි නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය මග හරිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මේ වනවිට ඉරාන – ඊශ්‍රායල අර්බුදය හේතුවෙන් බොරතෙල් බැරල් ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි නෞකා දිනකට අයකරන ගාස්තුව දිනකට ඇමෙරිකානු ඩොලර් 60,000 දක්වා දෙගුණයකින් ඉහළ දමා තිබෙන බවත් තත්වය වර්ධනය වුවහොත් එම ගාස්තුව තවත් ඉහළ යනු ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.








