• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කාදිනල් හිමියන් බැහැදකින්න ගිහින් දීර්ඝ සාකච්ඡාවක් කරයි! 21 වැනිදා කාදිනල් හිමි අලුත් සටනකට සැරසෙයි! Sri Lanka Latest News

April 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
එදා බලයට එන්න පාස්කු ප්‍රහාරය යොදාගත්තා! කාදිනල් හිමියන්ටත් කතෝලික ප්‍රජාවටත් අපහාස කරන්න එපා! පාස්කු ප්‍රහාරය ගැන හොයන්න වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවන්න! ආණ්ඩුවේ බාධාකිරීම් මැද සජිත්ගෙන් වේගවත් කතාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයට වසර 05ක් සම්පූර්ණ වූ ඉකුත් සතියේ සජිත් තවත් විශේෂ අමුත්තකු බැහැදැකීමට ගියේය. ඒ, වෙන කවුරුවත් නොව උති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ය. උන්වහන්සේ මේ දිනවල දණහිසේ ශල්‍යකර්මයක් සිදුකොට සිටින්නේ විවේක සුවයෙනි. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවීම හේතුකොට ගෙන පසුගිය කාලය පුරාම කාදිනල් හිමියන් සිටියේ පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලකයකුට තමන් හමුවීමට කාලවේලාව ලබා නොදෙමිනි. නමුත් සජිත් කළ විශේෂ ඉල්ලීම හමුවේ ඔහුට කාලවේලාව වෙන්කිරීමට කාදිනල් හිමිපාණෝ පියවර ගත්හ.Sri Lanka Latest News

මෙම හමුවේදී සජිත් කාදිනල් හිමිපාණන් හමුවීමට ගියේ නිකන් නොව, ඉදිරි සජබ රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකිරීමට සූදානම් වන පරීක්ෂණවල දළ සැලැස්මක්ද සකස් කොට ගෙනය. ඒ අනුව උන්වහන්සේ මුණගැසුණු සජිත් පාස්කු මහමොළකරුවන් නීතියේ රැහැනට හසුකරගන්නා ආකාරය කාදිනල් හිමියන්ට පෙන්වා දුන්නේය.

එළඹෙන ජනාධිපතිවරණයේදී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කරගත හොත් මාස 2ක් ඇතුළත් 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ දේශීය හා විදේශීය සාමාජිකයන් 7ත් 9ත් අතර සමන්විත කොමිෂන් සභාවක් පත් කරන බවත්, ඒ තුළින් අතීත හා වර්තමාන සමයට අයත් සමස්ත ආරක්ෂක වැඩපිළිවෙළ අධ්‍යයනය කිරිමක් තුළ එයට සීමා නොවූ වගකීමක් ඉටු කරමින් ඕනෑම ආයතනයක ඕනෑම පුද්ගලයකුගෙන් කිසිදු තහංචියකින් තොරව ප්‍රකාශන ලබාගැනීමේ බලය ලබා දෙන බවත් සජිත් කියා සිටියේය.

එසේම කොමිෂන් සභාව ස්ථාපිත කර සති 6ක් ඇතුළත ඒ හා සමානව එක්ව කටයුතු කිරිමට ස්කොට්ලන්ඩ්යාර්ඩ්, එෆ්.බී.අයි ඇතුළු විදේශ ඔත්තු හා ආරක්ෂක සේවා මෙන්ම දේශීය බුද්ධි අංශ හා ආරක්ෂක අංශවලින් සමන්විත ස්ථිර විමර්ශන කාර්යාලයක් පිහිටුවන බවත්, කොමිෂන් සභාවේ නිර්දේශ හා නියෝගවලට, ශ්‍රී ලංකාවේ නීතිවලට යටත්ව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය කරන බවත් සජිත් කාදිනල් හිමිපාණන්ට පෙන්වා දුන්නේය.

තවද ඒ සඳහා අවශ්‍ය වන ආකාරයට 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 7 (2) හෝ 24 වැනි වගන්ති සංශෝධනය කරන බවත් ඉහත කී වැරදි සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් තීන්දු ලබා දීමට ස්ථිර මහාධිකරණයක් පිහිටුවන බව කී සජිත්, ඒ සදහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තිය සංශෝධනය කිරිමට පියවර ගන්නා බවත්, නීතිපතිවරයාගෙන් ස්වාධීන වූ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට නීති සම්පාදනය කරන බවත් කියා සිටියේය.

සජිත්ගේ මෙම පැහැදිලි කිරීම සාවධානව අසා සිටි කාදිනල් හිමිපාණන් ඉතා සතුටට පත්ව ඊට අනුමැතිය ලබාදුන් ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ දැනට විවේක සුවයෙන් පසුවන කාදිනල් හිමිපාණන් හරියටම පාස්කු ප්‍රහාරයට වසර 05ක් පිරෙන ලබන අප්‍රේල් 21 වැනි දින දැවැන්ත වැඩපිළිවෙළක් සමග යළි කලඑළි බැසීමට සැලසුම් කරමින් සිටින බවය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

2024 අලුත් අවුරුදු ලග්න පලාපල! නැකැත් අවුල් වුණාට බයවෙන්න එපා! ලග්න 4කට ධන ලාභ! ලග්න 3කට මංගල යෝග! Sri Lanka Latest News

Next Post

71 කැරැල්ල අමතක කරන්න බෑ! මේ ටික දැනට කියවන්න! හොඳම ටික ළඟ එනවා! Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.