• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 අලුත් අවුරුදු ලග්න පලාපල! නැකැත් අවුල් වුණාට බයවෙන්න එපා! ලග්න 4කට ධන ලාභ! ලග්න 3කට මංගල යෝග! Sri Lanka Latest News

April 7, 2024
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

2024 සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවීමට හරියටම ඇත්තේ තවත් දින 07කට නොවැඩි කාලයක්. අපි කවුරුත් බලාගෙන ඉන්නේ උදාවෙන අලුත් අවුරුද්දේ අපේ ජීවිත ආලෝකවත් කරන, වාසනාවන්ත කරන වෙනසක් සිදුවේවි කියලා. ක්‍රිෂ්ණමූර්ති පද්ධති කාලාම්ශ ජ්‍යොතිෂ විශේෂඥ ගම්පහ ඩබ්.එස්. රාජපක්ෂ මහතා Sadisivahini යූටියුබ් නාලිකාවට ඉදිරිපත් කළ 2024 අලුත් අවුරුදු ලග්න පලාපල විස්තරය තුළ අපි හැම කෙනකුගේම ලග්නවලට අනුව ලැබෙන සුබ අසුබ ඵලයන් ගැන වටිනා විස්තරයක් ඇතුළත් වෙනවා. එම ලග්න පලාපල විස්තරය ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු. (Sri Lanka Latest News)

මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගුරු ග්‍රහයාත්, රවි ග්‍රහයාත් ලග්නයට ගතවෙනවා. ඒ අනුව ග්‍රහයෝ ඉන්නේ ඉස්ඵුට අනුව බැලුවොත්, රවි ග්‍රහයා කේතුගේ නැකැතේ බව කවුරුත් දන්නවා. නමුත් ගුරු ග්‍රහයා ඉන්නේ කුජගේ නැකැතක. කුජගේ නැකැත කියලා කියන්f්න ලග්නාධිපති. එහෙම නම් ශනි ගැන අපි ඊළඟට බලන්න ඕනේ. ශනි ඉන්නේ ගුරුගේ නැකැතක. ලග්නයයි, ගුරුයි අතර සම්බන්ධතාවක් තියෙනවා. ඒ නිසා තමන්ට යම්කිසි විදියක ධනයක් උපයාගැනීමේ හැකියාවක් පෙන්නුම් කරලා තියෙනවා. මෙතැන තව ප්‍රශ්නයක් තියෙනවා. පළමු දෙර්කානය පිළිබඳ විමසිලිමත් වුණොත් මෙහි ප්‍රතිඵල ගොඩක් තියෙනවා. දෙවැනි, තුන්වැනි දෙර්කානවලට යනකොට ටිකක් වෙනස් වෙයි. කොහොම කළත් තමන්ට හැකියාවන් පෙන්නුම් කරලා තියෙනවා බුධ වක්‍රව ගමන් කළත්, සිකුරු 12 වැනි භාවයේ (තමන්ගේ ශේෂ බලය ගෙනෙනවා කියන රාශියේ) ඉන්නවා. එතැන උප උපනියාමය 12 වැනි යාමය බැලුවොත් එයත් ශනිට අයිති වෙනවා. කේතු, සිකුරු නියෝජනය කරලා තියෙනවා. එතකොට සිකුරු දෙපැත්තෙන්ම නියෝජනය වන නිසා එයාට අසුබවාදීකමක් ඇතිවෙන්නේ නෑ. සැප සම්පත් ලබාගැනීමේ හැකියාවක් පෙන්නලා තියෙනවා. රාහු මීන රාශියට එතරම්ම අසුබ නැහැ. රාහු නිවේදනය කරන්නෙත් බුධ කියන ග්‍රහයා. එහෙම නම් බුධ එතැනම ඉන්නවා. මේ හේතු මත බලාගෙන යනකොට මීන රාශියේදී බුධට වෙන්න තිබුණු බලය හීන වීම මඟහැරිලා තියෙනවා එයා වක්‍ර වීම නිසා.

ඒ වගේම මේ අනුව සුබවාදීකමක් බොහෝ දුරට තියෙනවා. උප්පත්තියෙන් ගෙනාපු නැණ නුවණ විදහා දක්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒවා ඉස්මතු කරගෙන කටයුතු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් විදියට තියෙන්නේ ස්ත්‍රී පක්ෂයට දරු සම්පත් සම්බන්ධයෙන්. ඒ ගැන සැලකිලිමත් වීම කළ යුතුයි. මේ කේන්දරයේ බොහෝ විට 11 වැනි භාවයෙන් ලැබීම් පිළිබඳ කියැවෙන නිසා දැනුම් සම්භාරයකින් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා ධනය. 11 වැනි භාවය නියෝජනය පිළිබඳවත් මම කතා කළා. 10 වැන්නත් ශනිට අයිතියි. ධාර්මිකත්වය පිළිබඳ ගුරුගෙන් පෙන්වනවා. එහෙනම් 9ත් ලග්නයත් අතර ගුරු නිවේදනය වන නිසා ධාර්මිකත්වය වැඩිවෙන තරමට මේෂ රාශියෙන් උපන් අයගේ ඉදිරි අනාගතය බොහොම හොඳයි.

වෘෂභ ලග්නය
වෘෂභ රාශියෙන් උපන් අයගේ කේන්ද්‍ර සටහනේ අපිට පෙන්නුම් කරනවා ඒ ග්‍රහයෝ කුජ – ශනි යෝගය පස්වැනි භාවයට එන බව. 05 වැනි භාවයට ආවම අපට පෙන්වනවා තමන්ගේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ 10 වැනි භාවයෙන්. 10 වැනි භාවයේ ඉන්නකොට විදේශ ගමන් පිළිබඳ විශේෂ අවස්ථාවන් උදාවෙනවා. ඒ අනුව වෘෂභ ලග්න හිමියන් ස්වභාවධර්මයේ නිර්මාණ කෙරෙහි වැඩි ඇල්මක් ඇතිකර ගන්නවා. ලෝහමය ද්‍රව්‍ය මෙන්ම ශනිට අයිති දේවල් පිළිබඳ සම්බන්ධතා ඇතිකරගෙන තමන්ගේ ධනය උපයා ගැනීමේ හැකියාවක් පෙන්නුම් කරලා තියෙනවා. කීර්ති ප්‍රශංසා ඇතිකරගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. 5 වැනි භාවයට කේතු පැමිණීම එතරම් දුර්වල දෙයක් නෙවෙයි. ඥාන ශක්තීන් දියුණු කරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම රවි-ගුරු යෝගය මේෂ රාශියේම තමයි. එතැන බලයක් තියෙන නිසා ඒක අසුබයක් වෙන්නේ නෑ. රවිට ගුරුගේ සුබවාදීකම තවත් වැඩිවෙනවා කියන එක පෙන්වනවා. භාවානුරූපීව මේ ගැන හොයා බැලුවොත් අපට දකින්න ලැබෙනවා වෘෂභ රාශියේදී එම ග්‍රහයා ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව.

මේ පිහිටීමේදී පළමු දේ තමයි ශනි ග්‍රහයා 7-8 අවස්ථාවේ නියෝජනය වෙන්නේ නෑ. ඒ නිසා ඉක්මන් විවාහවලට යොමුවීමක් පෙන්වනවා. එය කොයි තරම් දුරට සාර්ථක වේවිද කියන එක ගැළපීම් පිළිබඳ හොයා බලලා තීරණය කළ යුතුයි. මේ ලග්න හිමියන්ට එතරම් අසුබ බවක් පෙන්නුම් කරන්නේ නැහැ. වෘෂභ රාශියෙන් උපන් අයගේ සිකුරු ග්‍රහයා 11 වැනි භාවයේ ඉන්නේ. ඒ නිසා එයාට සුබවාදී ජීවිතයකට හේතු වාසනාව තියෙනවා. බලවත් රෝග තත්ත්වයන් පෙන්වන්නේ නැහැ. 6,9,11,3 තමන්ගේ කුජ-ශනි යෝග තමන්ගේම කේන්දරයේ තිබුණොත් ඒකත් බලවත් දෝෂයක් වෙන්නේ නෑ. සමහර වෙලාවට තමන්ගේ කේන්දරයේ ඒ වගේ යෝග තියෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ගැන සැලකිලිමත් වෙන්න. කලින් සඳහන් කළ විදියට විවාහ පිළිබඳ සොයා බලා කටයුතු කරන්න. හිතුමතේට විවාහ වීම සුදුසු නැහැ. ඔබගේ කේන්දරයේ කුජ ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් අතර සම්බන්ධතාව සැලකිලිමත් විය යුතුයි. මිථුන ලග්නය
මිථුන රාශිය කියන්නේ සුබවාදීම ලග්නයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේකට හේතුව තමයි ධනු, මකර, කුම්භ. කුම්භ රාශිය 9 වැන්නට යනවා. එතකොට ධර්මස්ථානය. ඒගොල්ලෝ ධාර්මික සිතුවිලි ගොඩක් සිතුවිලි ඇතිකරගන්නවා. එහෙම වුණාම ඔවුන්ට පුළුවන් වෙනවා තමන්ගේ ජීවිතය දියුණු කරගෙන සුබවාදී කටයුතු කරගෙන ජීවත් වෙන්න. එහෙම වෙනකොට ඔවුන්ගේ දෝෂ භංග වෙනවා. නමුත් මෙතැනදී ශනිගෙන් දෝෂ තත්ත්වයක් කොහොමත් ඒ අයට නැති බව පෙන්නලා දීලා තියෙනවා. මේ අනුව මිථුන ලග්න හිමියන්ට පුළුවන්කමක් තියෙනවා විදේශගත වෙලා රැකියාවක නිරත වෙන්න. ඇතැම් විට කේන්ද්‍රයේ ශනි දෝෂ තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් ඒ ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. විවාහ යෝජනා බොහෝ ලැබිය යුතුයි. එය අසුබවාදී වෙන්නේ නෑ. ඉක්මන් විවාහ පිළිබඳවත් පෙන්නුම් කරලා තියෙනවා. මිථුන ලග්නයෙන් උපන් අයගේ බුධ ග්‍රහයා 10 වැන්නේ ඉන්න නිසා ඔවුන්ගේ ආයු වර්ධනය වෙනවා. බලවත් රෝග තත්ත්ව පෙන්වන්නෙත් නැහැ. උෂ්ණාධික ආහාර නිසා අසනීපයක් ඇතිවුණොත් හැරෙන්න වෙනත් රෝගයන් පෙන්වන්නේ නැහැ.

කටක ලග්නය
කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ රවි-ගුරු කියන යෝගය යෙදෙන්නේ 10 වැනි භාවයට. ඒ වගේම ධර්මස්ථානයට බුධ – සිකුරු – රාහු කියන ග්‍රහයෝ එනවා. කුජ – ශනි යෝගය 8 වැන්නට එනවා. මේ අවස්ථාවේදී මේ අයට තරමක අසුබතාවක් ඇතිකරන්න පුළුවන්කම තිබෙනවා. මොකද ඒරාෂ්ටකයක් යෙදෙනවා. ඒරාෂ්ටකයෙන් උපන් ඇතැම් අයට හෝ කේන්දරයේ සුබවාදීව ග්‍රහයන් පිහිටීම මත චන්ද්‍ර-ගුරු යෝග ලග්නයේ හෝ 5 වැන්නේ හෝ 9 වැන්නේ හෝ උපතේදී පිහිටි අයට මෙය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් එහෙම නැති අයට ඒරාෂ්ටක යෝගයක් බලපානවා. මොකද කුම්භ රාශියේ ශනි ගමන් කරනවා කුජත් සමග. එහිදී තමන්ට අනතුරු, කරදර, දුක්වලට පත්වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන සැලකිලිමත්ව තමන්ගේ ආරක්ෂාව සලසාගෙන කටයුතු කළ යුතු වෙනවා. මෙතැනදී පෙන්වනවා සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12 වැනි භාවයේ. 12 නිවේදනය කරන්නේ කුජ – රවි කියන ග්‍රහයන්. රවිගේ පාලනය යටතේ උප උප නියාමයෙන් පෙන්නුම් කරන නිසා ලග්න හිමියාට එතරම් අසුබතාවක් පෙන්වන්නේ නැහැ. මොකද රවි, ගුරුත් සමග 10 වැනි භාවයේ ඉන්න නිසා. කීර්ති ප්‍රශංසා ලැබෙන විදියට, තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ඉදිරියට යන්න පුළුවන්කම කටක ලග්න හිමියන්ට පුළුවන්කම තියෙනවා. ඒරාෂ්ටක අපලය බලපෑවොත් පමණයි ප්‍රශ්නයක් මතුවෙන්නේ.

සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් අයගේ චන්ද්‍රයා 11 වැනි භාවයට එනවා. කුජ-ශනි 7 වැන්නට එනවා. මෙතැනදී සිදුවෙන්නේ බාධක ස්ථානයක් බවට පත්වීම. කුම්භ රාශියට ශනි සහ කුජ ආවාම විවාහය, ව්‍යාපාර කටයුතු සහ මිතුරන් අතරින් තමන්ට අසුබ ප්‍රතිඵල ඇතිවීම සිදුවෙනවා. ඒ නිසා කල්පනාකාරීව එම බාධක මැඬපවත්වා ගන්නා කටයුතු කළ යුතු වෙනවා. රවි – ගුරු ග්‍රහ යෝගයක් 9 වැනි භාවයට යෙදෙනවා. ඒ නිසා පුළුවන් තරම් ගුණයහපත් සහ ආගමානුකූල ජීවිතයක් ගතකරනවා නම් මේ දෝෂය දුරු කරගන්න පුළුවන්. මෙහෙම තිබුණොත් විවාහයේදී නම් ශනිගේ දෝෂය භංග කරගන්න අවශ්‍යයි. කුජගේ ගැළපීම තිබුණොත් තමයි එය පටන්ගත යුත්තේ. 12 වැනි භාවයේ අධිපති කියන්නේ මීන රාශියේ අධිපතියා. ධර්මස්ථානයේ ඉන්න නිසා 8 තියෙන ගොඩක් දෝෂ මඟහැරී යනවා. තමන්ගේ සැරපරුෂ ගති තියෙනවා නම් ඒවා දුරුකර ගන්න වෙනවා. ඒ වගේම කිසිවකුටවත් යටත් නොවන ස්වභාවයන් තියෙනවා නම් එයත් මගහැරගත යුතු වෙනවා.

සිංහ ලග්නයෙන් උපන් අයට බරපතළ දෝෂ තත්ත්වයන් මේ නව වසර උදාවත් සමග පෙන්නුම් කරන්නේ නෑ. විවාහයට බලපාන බාධකත් පෙන්නුම් කරන්නේ නැහැ. මේවා ඇතැම් විට උත්පත්ති කේන්දරයට අනුව පාලක ග්‍රහයන්ගේ ස්වභාවය වෙනස් වෙනවා දෙර්කානයෙන් දෙර්කානයට. විදේශගත වීමට සූදානමින් සිටින අය තමන්ගේ කේන්දරය පරීක්ෂා කරගෙන දෝෂ භංග කරගෙන ඒ ගමන යායුතු වෙනවා. නැතිනම් කරදර ඇතිවීමේ ඉඩක් පවතිනවා. ඒ වගේම රාහු සහ කේතුගේ පිහිටීම ගැනත් සැලකිල්ලක් දක්වන්න.

කන්‍යා ලග්නය
කන්‍යා රාශියෙන් උපන් අයගේ රවි-ගුරු යෝගය 8 වැන්නට එනවා. කුජ, රාහු, සිකුරු කියන ග්‍රහයන් 7 වැනි භාවයට එනවා. කේතු ලග්නගත වෙනවා. චන්ද්‍රයා 10 වැනි භාවයට එනවා. මේ අනුව හිතලා බැලුවොත් පළමු දේ තමයි ලග්නාධිපති ග්‍රහයා 7 වැනි භාවය නියෝජනය කරනවා. වෙනත් ආකාරයකට කුජ සමග ඇතිකරගන්නා යෝගය 10 වැනි භාවයට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව කන්‍යා ලග්න හිමියන්ට රුධිරගත රෝග වැලඳීමේ අවදානමක් තිබෙනවා. නමුත් එම රෝග බරපතළ වෙන්නේ නැහැ. විවාහ වෙලා ඉන්න අය සැලකිලිමත් විය යුතුයි. දරු සම්පත් සඳහා බාධක ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. අනාගතයේ යහපත් බව පෙන්නුම් කරලා තියෙනවා. චන්ද්‍රයා බලවත් වෙලා ඉන්නේ මිථුනයේ ඉන්නේ කුජගේ නැකැතක වුණාට, කුජ කියන ග්‍රහයා 6 වැනි භාවයේ සිටිනවා. බුධ නියෝජනය කරනවා 10 වැනි භාවය. නමුත් රවි ග්‍රහයා එතැනදී යෝගයක් ඇතිකරගන්නවා මේෂය මත. රවි සඳු අතර යෝගයක් සම්බන්ධව උප උප නියාමයෙන් පෙන්නුම් කරලා තියෙන නිසා එතැන තිබෙන දෝෂ තත්ත්වය බොහෝ දුරට භංග වෙනවා. මේ නිසා ඔබේ අනාගතය සුබවාදී වෙනවා. ගුණධර්ම ආරක්ෂා කරමින් දැහැමි ජීවිතයකට යොමු වුණොත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් බවත් මතක් කරනවා.

තුලා ලග්නය
තුලා ලග්නයෙන් උපන් අයට බරපතළ දෝෂ තත්ත්වයන් පෙන්නුම් කරන්නේ නැහැ. සුබවාදී බවක් ඇතිකරනවා. බොහෝ දෙනෙක් විදේශගත වෙන්න, විදේශ රැකියා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු, විවාහය, ගේ දොර ඉඩකඩම් පිළිබඳවත් අපේක්ෂා හැම කෙනෙක් ගාවම තියෙනවා. හොඳට හිතාබලා, ආගමානුකූලව, යුක්ති ධර්මයට අනුව කටයුතු කරද්දී ඔබේ කාරණා සුබවාදීව ඉටුවන බව කිව යුතුයි. 9 වැනි භාවය නිවේදනය කරනවා රවි ග්‍රහයා. රවි මේ රාශියට අවතීරණ වුණා විතරයි. මැයි මාසයේ මුල් දින 15 තුළ තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගැනීමට හැකියාවක් ඇතිවෙනවා. විදේශ ගමන්වලට ඒ කාලය ඉතා සුබයි. බොහෝ විට තමන්ගේ කේන්දරයේ දශාව අනුව විදේශගත වීමකට හේතු වාසනාව වැඩිපුර තියෙනවා නම් මේ දවස් ටික ඒ සඳහා යොමුවීම අනිවාර්යයි. වෙනත් බාධක කිසිවක් පෙන්වන්නේ නැහැ. තුලා රාශියේ අයට ශනිගේ දෝෂ තත්ත්වයන් එතරම් බලවත්ව පවතින්නේ නැහැ. කුජ-ශනි යෝගයක් 5 වැනි භාවයේ පෙන්වනවා. 5 වැනි භාවයේදී එම යෝගය යෙදෙනකොට බොහෝ විට තමන්ට ශනි ග්‍රහයා බලවත් වෙනවා. කුජත් බලවත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනය, විදේශගත වීම යනාදිය සඵල වෙනවා.

වෘශ්චික ලග්නය
කුජ-ශනි කියන ග්‍රහයන් දෙන්නා 4 වැනි භාවයට එනවා. විවාහයට හොඳ කෙනෙක් ලැබෙන්න පුළුවන් බව පෙන්වනවා. එක පාරටම හිත ගිහින් විවාහයක් සිදුකරනවාට වඩා විමසිලිමත්ව කල්පනා කරලා ඒ ගැන තීරණ කළ යුතු වෙනවා. බලවත් අසුබ බවක් පෙන්නුම් කරන්නේ නෑ. ගුරු ග්‍රහයා රෝගී ස්ථානගත වෙලා ඉන්නවා. නමුත් ස්නායු රෝගවලට හේතුවක් ලෙස එය පෙන්නුම් කරන්නේ නැහැ. අධ්‍යාපන කටයුතු කරන අයට යහපත් අනාගතයකට හේතු වාසනා තියෙනවා. වෘශ්චික රාශියේ අයටත් විදේශ ගමන් සාර්ථක වෙන්න පුළුවන්. සඳු ජල රාශිගත වීම සාමාන්‍යයෙන් පළමු වතාවට විදෙස්ගත වන අයට සුබයි. ඒ නිසා බොහෝ දුරට යහපත් ජීවිතයකට හේතු වෘශ්චික රාශියෙන් පෙන්වලා තියෙනවා. දැඩි අසුබ බවක් සඳහන් වෙන්නේ නැහැ.

ධනු ලග්නය
ධනු ලග්නයෙන් උපන් අයගේ කේන්දරයේ 6 වැනි භාවයට සඳු යනවා. මෙතැනදී සඳුගේ ක්‍රියාකාරීත්වය ධනු රාශියේදී අයහපත් බවක් ඇතිකරන්නේ නැහැ සිකුරුගේ භාවයක් වුණාට. මොකද සිකුරු ග්‍රහයා ඉන්නේ සඳුගේ රාශියක. ශනි නිවේදනය කරනවා. එයාගේ උප ග්‍රහයා වෙන්නේ ගුරු. ලග්නාධිපති උප ග්‍රහයා වන නිසා බරපතළ රෝග වැනි දේ ඇතිවෙන්නේ නැති බව පළමුවෙන්ම කියනවා. ඒ වගේම 5 වැනි භාවයට ගුරු ඇවිදින් තියෙනවා. 5 වැනි භාවයේ ක්‍රියාත්මක වෙන්නේ ගුරු කියන උප ග්‍රහයාත්, සිකුරු උප ග්‍රහයාත් අතර සම්බන්ධතාවක් පෙන්වනවා. ගුරු කියන ග්‍රහයාට සිකුරුගේ නැකැතක නිසා ඒ අතර හොඳ සම්බන්ධතාවක් ඇතිවෙනවා. ඒ නිසා ආයුෂ වර්ධනය වෙනවා, බුද්ධිය වැඩිවෙනවා, විභාගවලින් ඉහළ සාමාර්ථ ලබාගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ සඳහා උනන්දුවෙන් පාඩම් කටයුතුවල යෙදීමත් අත්‍යාවශ්‍ය වෙන බව සිහිපත් කරනවා. ඔවුන්ට වැඩි දෝෂ තත්ත්වයන් පෙන්වන්නේ නැහැ.

ධනු ලග්න හිමියන්ට මේ යෝගයත් සමග කලකිරීම් ස්වභාවයක් ඇතිවෙන්නත් පුළුවන්. කුජ-ශනි යෝගයක් 11 වැනි භාවයේ තිබෙන නිසා විවාහයේ ප්‍රමාදයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම විවාහ ප්‍රමාද වීමක් සිදුවෙන්නත් පුළුවන්. නමුත් තමන්ගේ ආත්මය දියුණු කරගෙන හැකියාවක් පෙන්නුම් කරලා තියෙනවා. ආධ්‍යාත්මික ගුණ වගාවත් වැඩිකරගන්න ඕනේ.

මකර ලග්නය
මකර ලග්නයෙන් උපන් අයගේ ලග්නයේ දෙවැනි භාවයේ කුජගේ සම්බන්ධතාව පෙන්නුම් කරනවා. රවි හා ගුරු කියන යෝගය මේ ස්ථානයට බොහොම හොඳයි. විවාහයට අසුබ සහ බාධක බොහොමයක් පෙන්නුම් කරනවා. තමන්ගේ කේන්දරයේ කුජ ග්‍රහයා 7 වැනි භාවයේ හිටියොත්, කුජ ග්‍රහයා ලග්නගත වෙලා හිටියොත් ඒ අය ඉක්මන් විවාහවලට යොමුවෙනවා. බලවත් රෝග තත්ත්වයන් පෙන්නුම් කරන්නේ නැහැ. අනාගතය සුබවාදී විදියට සැලසුම් කරන්නත් පුළුවන්. 9 වැනි භාවයට කේතු පැමිණ තිබෙන නිසා ඥානකාරක බවකින් අනාගතය දියුණු කරගන්න ආගමික කටයුතුවලට මුල්තැන දී කටයුතු කරන්න කියන එක සිහිපත් කරනවා.

කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් උපන් අයගේ කුජ – ශනි යෝගය ලග්නගත වෙනවා. සහජ නිර්මාණ කිරීමේ හැකියාව, ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ උනන්දුවක් තිබෙනවා නම් මේ යෝගය යෙදෙද්දී ඒවා මතුවෙලා එනවා. ඒක 5 වැනි භාවයෙනුත් පෙන්නුම් කරලා තියෙනවා. 5 වැනි භාවය මිථුන රාශියට අයිතියි. එතැන රවි නිවේදනය කරලා තියෙනවා. කුම්භ ලග්න හිමියන්ට විවාහය සම්බන්ධ ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනවා. මෙවැනි කේන්දරවලදී පොරොන්දම් හොඳින් ගළපා ගැනීම ඉතා වැදගත් වෙනවා. විවාහය නිසා සිතට බරක්, කනස්සල්ලක් වගේ දෙයක් දැනෙන්න පුළුවන්. මොකද රවි ග්‍රහයා ලග්නගත වීම නිසා. කොහොම වුණත් සෑම අතකින්ම දියුණුව සලසා ගන්න වාසනාව ඇති බවත් සඳහන් කළ යුතුයි.

මීන ලග්නය
මීන ලග්නයෙන් උපත සිදුවුණාම කුජ-ශනි යෝගය 8 වැන්නට යනවා. එහිදී රවි, බුධ, සිකුරු, රාහු ලග්නගත වෙනවා. කුජ 7 වැන්නට එනවා. චන්ද්‍රයා 3 වැනි භාවයට එනවා. ගුරු 2 වැනි භාවයට එනවා. ගුරු 2 වැනි භාවයේ ඉන්නකොට බොහොම කලාත්මක නිර්මාණ, ග්‍රන්ථ කර්තෘවරයෙක් වෙන්න පුළුවන්. නිර්මාණශීලීත්වයෙන් ධනය උපයා ගැනීමේ හැකියාවක් සහිතයි. තමන්ගේ දශාවත් එක්ක එම යෝග යෙදුණොත් එම හැකියාවන් වඩාත් වර්ධනය වෙනවා. දෙර්කානය අනුව පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒකත් ලග්නයට යෙදුණොත් ඔබ එතරම් අසුබ බවක් පෙන්වන්නේ නැහැ. විවාහ කටයුතුවලදී තරමක අසුබ බවක් පෙන්නුම් කරනවා. මීන ලග්න හිමියන්ට විදේශ රැකියා සම්බන්ධ අවස්ථා තියෙනවා. ඒ වගේම අධ්‍යාපනය සාර්ථක කරගැනීමේ වාසනාවත් මේ අයට තියෙනවා. බලවත් රෝග වැලඳීමේ ඉඩක් නැහැ. ආයුෂ වර්ධනය වෙනවා. කලාත්මක අංශයේ රැකියාවන් කිරීමේ අවස්ථාවත් උදාවෙනවා.

SendShareShare
Previous Post

නාමල්ගේ හම්බන්තොට රැලිය වර්ජනය කළ ප්‍රසන්නලා-කංචනලා මාතරින් රිටර්න් එක දෙන්න ලෑස්ති වෙයි! පොහොට්ටුවට එරෙහිව 12 වැනිදා මාතර මහරැලියක්! Sri Lanka Latest News

Next Post

සජිත් කාදිනල් හිමියන් බැහැදකින්න ගිහින් දීර්ඝ සාකච්ඡාවක් කරයි! 21 වැනිදා කාදිනල් හිමි අලුත් සටනකට සැරසෙයි! Sri Lanka Latest News

MORE NEWS

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

Load More
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු...

Read more
Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.