මෙම උත්සව කාලය තුළ වෙළෙපාළ දී මුදල් , ගෙවීම්, භාණ්ඩ මිළ දී ගැනීම් වලදී මුදල් නෝට්ටු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත්, උත්සව සමයේ රුපියල් 1000, 5000 ව්‍යාජ මුදල් සංසරණව වීමේ අවදානමක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බවත් පොලිසිය කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත්ව බැලීමේ දී මුදල් නෝට්ටුවේ ඝනත්වය, දිය සලකුණ, වෙනත් සලකුණු අනුව ව්‍යාජ නෝට්ටුව පහසුවෙන්ම හදුනාගත හැකි බවකි.
ඒ අනුව මෙම කාලය තුළ මුදල් පරිහරණය කිරීමේ ජනතාව වඩාත් සැලකිලිමත්ව කටයුතු කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.