• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල් ආයෙත් වරද්දගෙන! කබ්රාල් ගේන සල්ලි පාවිච්චි කරන්න බෑ! තියාගෙන පෙන්නන්න විතරයි පුලුවන්!

December 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
‘එකට වැඩ කරමු! බැරි නම් වෙන්වෙමු!’ පොහොට්ටුවෙන් විමල්ලාට පළමු උත්තරය එයි!
Share on WhatsAppShare on Facebook

ඉදිරි දින කිහිපය ඇතුළත චීනයෙන් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලැබෙන බවත්, එමගින් ජනවාරි මාසයේදී ණය පියවිය හැකි බවට මහබැංකු අධිපතිවරයා කී බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ චීනයෙන් ලබා දෙන මෙම ණය මුදල කිසිදු ගෙවීමක් සදහා භාවිත කළ නොහැකි බවට චීනය විසින් පනවා ඇති කොන්දේසියය.

එය තැන්පතුවක් ලෙස බැංකුවේ තැබිය හැකි නමුත් ඉන් කිසිදු ගෙවීමක් කළ නොහැකි බවට කොන්දේසි පනවමින් චීනය මෙම ණය මුදල ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත.

මේ බව ඉකුත් 12 වැනි ඉරිදා රාජ්‍ය රහස් තීරය මෙම හෙළිදරව්ව පළමුවරට රටට අනාවරණය කළේ මෙසේය.

චීනය දාපු කොන්දේසිය!

චීනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදීද සිදුවූයේ මේ හා සමාන දෙයකි. ලංකාව චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ණය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණියේ මීට සති දෙකකට පෙරාතුවය. ඔවුන් සමග පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔවුන්ට දැනුම්දී සිටියේ තමන් ඩොලර් මිලියන 1,500ක ණය මුදලක් චීනයෙන් බලාපොරොත්තු වන බවය. නමුත් මේ වන විට ආණ්ඩුව සහ චීනය අතර හොඳ හිත පළුදු වී ඇති බැවින් මෙම ණය මුදල ලබාගැනීම සඳහා දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමට කබ්රාල්ට සිදුව තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

දෙන්නම්… හැබැයි ගන්න බෑ!

ඒ අනුව මෙම චීන නියෝජිත පිරිස පසුගිය දිනෙක රාත්‍රියේදී අගමැතිවරයා මුණගැසීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණියේය. එහිදීද මෙම ණය මුදල සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර චීන නිලධාරීන් අගමැතිවරයාට පෙන්වා දුන්නේ තවමත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී නොමැති බවත්, අවශ්‍ය ලිපි ලේඛන පවා සකස් වී නොමැති බවත්ය. ඒ අනුව එම චීන නිලධාරීන් පිරිස අගමැතිවරයා සමග සාකච්ඡාව අවසන් කළේ ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වමිනි. ඉන් දින කිහිපයකට පසු ඔවුන් ලංකාවෙන් පිටත් වීමට ප්‍රථම නැවත වතාවක් මහ බැංකු අධිපති කබ්රාල් මහතා මුණගැසීමට පියවර ගත්හ. එම සාකච්ඡාවේදී ඔවුන් චීන රජයෙන් ලද පණිවුඩයක් සේ කබ්රාල්ට මෙම මුදල ලබාදිය හැකි ආකාරය පිළිබඳ දැනුම් දීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් කියා සිටියේ අදාළ ඩොලර් මිලියන 1,500 ලබාදිය හැකි නමුත් එය කිසිදු කරුණකට භාවිතයට ගත නොහැකි බවකි. නොඑසේ නම් එය තැන්පතුවක් ලෙස පමණක් තබාගත හැකි ලෙස ලබාදිය හැකි බව චීන නියෝජිත පිරිස කබ්රාල්ට දැනුම් දී සිටියහ.

මහින්ද චීන ණය ගැන කියපු කතාව…!

මෙය යම්කිසි ආකාරයකින් අසුබ ආරංචියක් බැවින් සාකච්ඡාව නිම වූ වහාම අගමැතිවරයා මුණගැසුණු කබ්රාල් ඒ පිළිබඳ අගමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී මහින්ද ගත් කටටම කියා සිටියේ, ‘කාටවත් ගෙවන්න බැරි සල්ලියක් අපට දීලා මොනව කරන්නද’ යැයි කියාය. ඊට පිළිතුරු දුන් කබ්රාල් කීවේද, ‘ඒක තමයි සර්… අපට මේ සල්ලි පාවිච්චි කරන්න බැහැලු. ඒක බැංකුවේ දාලා ඕනෙ කෙනකුට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න විතරයි පුළුවන්’ යැයි කියාය. ඊට මහින්ද පිළිතුරු දුන්නේ මඳ සිනහාවකින්ය.

SendShareShare
Previous Post

සුනිල් නැගපු වේදිකාවල හිටපු අයට සුනිල්ව අමතක වුණාට සුනිල් නැගපු වේදිකාවල නොහිටපු සජිත්ට නම් සුනිල්ව අමතක වෙලා නෑ වගේ! (PHOTOS & VIDEO)

Next Post

මේ දවස්වල දාහේ පන්දාහේ ‌කොළ සාක්කුවට දාගන්නේ බලාගෙන!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper