• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනෙත් නෑ! පොහොරත් නෑ! බැංකුවකුත් බ්ලැක් ලිස්ට්! නඩුවකුත් දාගත්තා! අන්තිමේ ‌ගෙවන්නත් ලෑස්තියි! ලංකාවටම වැරදුණු චීන පොහොර නැවෙන් හරි ගියේ කාටද?

December 21, 2021
in Exclusive, News
Reading Time: 7 mins read
A A
ලංකා මුහුදට ඇතුල් වූ චීන පොහොර නැව අතුරුදන්!
Share on WhatsAppShare on Facebook

‘කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා’ යැයි ප්‍රකට කියමනක් අප අතර තිබේ. රාජපක්ෂ ආණ්ඩුවේ සකලවිධ ක්‍රියාකාරීත්වය දෙස බලන විට මේ කියමන තරම් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය කැටිකොට දැක්විය හැකි වෙනත් සුදුසු වචනයක් සොයාගත නොහැකි තරම්ය. ඒ තරමට 2015 ජනවාරි 09 වැනිදා සිට මේ දක්වා මහින්ද සුළඟ, වියත් මග, එළිය ආදී නහුතයක් සංවිධාන අටවා ගත් ඊනියා වියතුන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු සියල්ලෝ උදේ හවා වැමෑරු සියල්ල දැන් ජනතාවට විහිළු සපයන කෝළමක් බවට පත්ව ඇති අතර තවත් සති කිහිපයකින් එය ඛේදාන්තයක් බවට පත්වන සොහොන් ලකුණු දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විද්‍යමාන වෙමින් තිබේ.

මේ අටුවා ටීකා ලීවේ මේ සතියේ සමස්ත සමාජයේ අවධානය දිනාගත්තා සේම දැඩි පිළිකුලට ලක්වූ චීන අසූචි නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවීම ගැන අලගිය තැන් මුලගිය තැන් ගැන සාකච්ඡා කිරීමටය. එහි ආදීනව ගැන පුරවැසි අවධානය යොමු කිරීමටය.

චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෲප් සමාගම සහ ශ්‍රී ලංකා ආණ්ඩුව (ඇත්ත වශයෙන්ම අර්බුදය නිර්මාණය වූයේ රජයේ පොහොර සමාගම් දෙක වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම අතරය) අතර දින 70ක් පුරා පැවැති අර්බුදයේ පළමු වටය දැන් අවසානයට පැමිණ තිබේ. ඒ එක් බ්ලොග්කරුවකු සඳහන් කළ ආකාරයට විත්තිකරුට වන්දියක්ද දී පැමිණිලිකරු දංගෙඩියට ගිය කැකිල්ලේ පන්නයේ ගේමක් අවසානයේදීය. එසේ නැතිනම් චීන කාබනික පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට පසුගිය 13 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් ඒ ඓතිහාසික තීන්දුවට පින් සිදුවෙන්නටය.

කටේ නරිවාදන්

සිය සුපුරුදු පිනෝකියෝ ස්වරයෙන් පසුගිය 14 වැනිදා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් මණ්ඩලය ගත් ඒ අපූරු ඓතිහාසික තීන්දුව ගැන මාධ්‍ය හමුවේ පම්පෝරි ස්වරයෙන් මෙසේ පැවැසූ බව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

‘චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශ්වයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත්කර ගැනීමට නීතිපතිවරයා උපදෙස්දී ඇත.

අර්බුදයකට තුඩුදී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට එකඟතාවකට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඒ අනුව දැනටමත් ගිවිසුම් ගත කාර්යසාධන ඇපකරය සුරැකුමක් ලෙස තබා ගනිමින් සහ ණයවර ලිපියේ හා දෙපාර්ශ්වයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් පොහොර නැව ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය පළකර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශ්වයටම එකඟ විය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත්කර ගැනීමට නීතිපතිවරයා දුන් උපදෙස් අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට පසුගිය 13 වැනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලයදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.’

මේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ හඬයි. ඒ අනුව මෙම ගෙවීම් සිදුකරනු ලබන්නේ ‘ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශ්වයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත්කර ගැනීමට නීතිපතිවරයා උපදෙස්දී ඇති නිසාය’ මෙහිදී සාමාන්‍ය පාඨකයන්ට නිතැතින්ම මතුවන ‘දෙපාර්ශ්වයටම එකඟ වියහැකි වාණිජ කොන්දේසි’ කුමක්දැයි කිසිම පැහැදිලි කිරීමක් නැත. සිදුව ඇත්තේ ඩොලර් මිලියන 6.7ක් අදාළ සමාගමට ගෙවීමට පමණය.

‘නඩු ගාස්තුත් ගෙවලා, බේරුම්කරණ ගාස්තුත් ගෙවලා, පොහොරත් නැහැ.’ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විග්‍රහ කළ ආකාරයට මෙය ඩොලර් මිලියන 6.7ක් ගෙවීමෙන් පමණක් නතර වන්නේද නැත.

‘ඒගොල්ලො දැන් සිංගප්පූරුවට යනව බේරුම්කරණය සඳහා බේරුම්කරණ ගාස්තු ගෙවන්න වෙනවා, නඩු දානවා නඩු ගාස්තු ගෙවන්න වෙනවා, අවසානය කුණු පෝර ටිකත් අපිට භාරගෙන ඒ පොහොර ටිකට කරන්න දෙයක් නැතුව, චීනේ නැව් ගාස්තුවත් ගෙවල, ඒ වගේම ගුදම් ගාස්තුවත් ගෙවල, ප්‍රමාද ගාස්තුවත් ගෙවලා, නඩු ගාස්තුත් ගෙවලා, බේරුම්කරණ ගාස්තුත් ගෙවලා අවසානයේ ගොවියන්ට පොහොර නැති රටට මහා හෙණපතයක් පාත්වෙන තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය…’

මේ අතර සුපුරුදු ලෙස මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසා තිබුණේ අදාළ චීන සමාගම ප්‍රසම්පාදනයට අනුකූලව පොහොර ලබා නොදුන් නිසා මුදල් ගෙවීමට හැකියාවක් නැති බවයි. කෙසේ නමුත් නීතිපති උපදෙස් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හානියක් නොවන පරිදි කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා කියන ආකාරයට සපුරා පටහැනි කතාවක් අමාත්‍යාංශ ලේකම්වරයා කියන්නේය. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට අනුව,
■ ප්‍රසම්පාදනයට අනුකූලව පොහොර නොදුන් නිසා මුදල් ගෙවීමට හැකියාවක් නැත
■ නමුත් නීතිපති උපදෙස් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හානියක් නොවන පරිදි කටයුතු කළ යුතු නිසා අදාළ ගෙවීම් කළ යුතුය. එහෙත් කෘෂිකර්ම අමාත්‍යවරයා කියන්නේ ‘ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශ්වයටම එකඟ විය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත්කර ගැනීමට නීතිපතිවරයා දුන් උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි. බැලූ බැල්මට කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශ එකිනෙකට පරස්පරය. එහෙත් ඒ දෙකේම පොදු හරය ‘ඔව් අපි ඩොලර් මිලියන 6.7ක් ගෙවනවා’ යන්නය. නැතහොත් ‘අනේ ඔව්, අපිට ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට සිදුවුණා. (බල කළා) යන්න විය හැකිය.

වචන කොතරම් සාටෝපකාරී, රාජ්‍ය තාන්ත්‍රික වුවත් මේ සියල්ලේ පොදු හරය නම් ඊනියා චීන පොහොරවලට ඩොලර් මිලියන 6.7ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් මිලියන 1,200කට අධික මුදලක් ගෙවීමට ආණ්ඩුව සූදානම් බවය.

ඇත්තම කතාව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා රැක ගැනීම ද ?

කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා කියන ආකාරයට චීන කාබනික පොහොර නැව වෙනුවෙන් රුපියල් මිලියන 1,200ක් ගෙවන්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්ම නම් එය එක අතකින් නොව සෑම අතකින්ම බරපතළ තත්ත්වයකි. මන්ද මේ ගනුදෙනුව සිදුව ඇත්තේ චීන රජය සහ ශ්‍රී ලංකා රජය අතර නොව මහජන චීනයේ පුද්ගලික සමාගමක් සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සමාගම් දෙකක් අතරය. මෙවැනි ගනුදෙනු චීනය සමග පමණක් නොව තවත් රටවල් සමාගම් අතර සිය දහස් ගණනක් සිදුවුවද ඊට ‘රාජ්‍ය තාන්ත්‍රිකභාවය’ එසේ නැතහොත් රාජ්‍ය (තානාපති හෝ මහ කොමසාරිස් කාර්යාල) මැදිහත් වීම් සිදුවනු අප මීට පෙර දැක නැත. උදාහරණයක් ලෙස මීට පෙර සිදුවූ කුප්‍රකට හෙජින් ගනුදෙනුවේදී රුපියල් කෝටි 12,000ක් පමණ වන්දි ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවුවද එයට ඊනියා රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සළු පැලඳීමට එකී රටවල් පියවර ගත්තේ නැත.

එහෙත් චීන කාබනික පොහොර ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම රටේ පුද්ගලික සමාගම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි අතර ශ්‍රී ලංකා රජයට අයත් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම දක්වා අතිශය කුරිරු තර්ජනකාරී පිළිවෙතකට මාරු විය. මෙය පැහැදිලිවම බලහත්කාරී තත්ත්වයක් පමණක් නොව ශ්‍රී ලංකාවට ඍජුව තර්ජනය කිරීමකි. නැතහොත් බලහත්කාරය පෑමකි‍.

එනිසාම පසුගිය 13 වැනිදා කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවද මෙම බලහත්කාරී ක්‍රියාවලියේ තවත් දිගුවක් බව අවධාරණය කිරීමට සිදුවන්නේ ආණ්ඩුවට වගකියනු මිස රාජ්‍යයට වගකීමක් හෝ වගවීමක් නැති අමාත්‍යවරයා කියන කාරණා තව දුරටත් ව්‍යාකූල හා වගකීම් විරහිත ඒවා වන බැවිනි. (කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය දින 70 පුරා කී දෑ අවධානයට ගන්න)
රුපියල් මිලියන 1,200ක් වැනසීමේ වගකීම කාගේද?

ඊනියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පෙරට දමා ආණ්ඩුව චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවා සමථකරණයට පිවිසීමට කැමැත්ත පළ කළද (නීතිපතිවරයාගේ උපදෙස් අනුව) විපක්ෂය ප්‍රමුඛ මේ සිදුවීම ගැන අවධාන යොමුකරන සියලු පාර්ශ්ව අවධාරණය කරන්නේ මෙය කිසිසේත් ජනතාව (රජය) දැරිය යුතු වන්දියක් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් පසුගිය 16 වැනිදා ජාතික ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම ප්‍රශ්නගත පොහොර ගෙන්වීමේ වන්දි ගෙවීම පිළිබඳ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අනුර කුමාර දිසානායක මහතා තම පක්ෂයේ ස්ථාවරය ඉතාම පැහැදිලිව හෙළි කරමින් කියා සිටියේ චීනයේ සිට සාම්පල් පරීක්ෂාවකින් තොරව කාබනික පොහොර ගෙන්වීම නියෝග කරනු ලැබූවන් සහ ණයවර ලිපි විවෘත කරනු ලැබූවන් විසින්ම එහි වන්දි මුදල් ගෙවිය යුතු බවත් ජනතා බදු මුදල් ඒ සඳහා යෙදවීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

‘ණයවර ලිපියක් නිකුත් කරනවා කියන්නේ ගනුදෙනුවේ අවසන් සම්මුතිය. මහජන බැංකුව එකඟ වෙනවා ක්වින්ඩාඕ සමාගම නියෝජනය කරන බැංකුවට ඕගොල්ලෝ බඩු එවන්න වරායට බඩු ආවාට පස්සේ අපි සල්ලි දෙන්නම් කියලා. ඒ සම්මුතියට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා පොහොර ගත්තත් නැතත් සල්ලි ගෙවන්න ඕන. මේකට අධිකරණ නියෝගයක් ඕන නෑ. අධිකරණයෙන් බැංකුවට කිව්වා සල්ලි ගෙවන්න එපා කියලා. එහෙම නැතිනම් නිකම්ම සල්ලි ගෙවන්න වෙනවා. ඒ නිසා මෙතන ගැටලුව තියෙන්නේ සාම්පල් පරීක්ෂා කිරීමකින් තොරව ණයවර ලිපි විවෘත කළේ කවුද? ඒවාට නියෝග දුන්නේ කවුද? ඒ කඩිමුඩිය තිබුණේ කාටද? ඒ නිසා මේක කිසිසේත්ම මහජනයාගේ බදු මුදල්වලින්, මහජනයාට බරක් පැටවෙන විදියට නොගෙවිය යුතුයි. ඇයි? මේ රටේ කිසිදු පුරවැසියෙක් මේ ගනුදෙනුවට හවුල් නෑ. මේ ගනුදෙනුවට හවුල් මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, පොහොර සංස්ථා දෙකේ සභාපතිවරු දෙදෙනා. මේ හතර දෙනාම දේශපාලකයෝ. මේ ගනුදෙනුවට අපිවත් මේ රටේ පුරවැසියෝවත් හවුල් නෑ. මහජනයාගේ ධනයෙන් වන්දි ගෙවන්න කිසිසේත්ම යුක්තිසහගත අයිතියක් නෑ. ඒ නිසා මේ වන්දිය ගෙවිය යුතු වන්නේ මේ වන්දි ගෙවීමේ අපරාධය කරන ලද මහින්දානන්දත්, ශෂීන්ද්‍ර රාජපක්ෂත්, පොහොර සමාගම් දෙකේ සභාපතිවරු දෙදෙනාත්. ඒගොල්ලෝ හොරකම් කරනවා. ඒ ගොල්ලෝ වංචා කරනවා. ජනතාව පිට බර පටවනවා. මේක කරන්න බෑ හැමදාම.’

‘මහජන බැංකුවේ තියෙන්නේ කාගේ සල්ලිද? මේ රටේ අහිංසක ඇඹිලිපිටියේ අම්පාරේ ගොවියා කෙහෙල්කැනක් විකුණලා, අඹ ගෙඩියක් විකුණලා, වී මුට්ටයක් විකුණලා හම්බකරන සල්ලි. අපට මේ ඩොලර් මිලියන 6.7 ගෙවන්න වෙන්නේ, ඹක්‍ඡ 600ය කියන ජාත්‍යන්තර නීතියට අනුව, අපේ මහජන බැංකුව බැඳිලා ඉන්නවා. මේ කෝටි 210 ගෙවන්න. ජාත්‍යන්තර සම්මුතියක්’.
ජවිපෙ නායකයාගේ ස්ථාවරයට සමාන ස්ථාවරයක් ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ශ්‍රීලනිපයේ ප්‍රබලයකු වන චන්දිම වීරක්කොඩි මහතාද අවධාරණය කළේ චීන කාබනික පොහොර වෙනුවෙන් මුදල් ගෙවිය යුතු වන්නේ ආණ්ඩුව නොව අදාළ ගිවිසුමට නායකත්වය දුන් අමාත්‍යවරුන් දෙදෙනා සහ රාජ්‍ය පොහොර සමාගම් ද්විත්වයේ සභාපතිවරුන් දෙදෙනා බවයි.

මේ අතර වත්මන් ආණ්ඩුවේ හවුල්කාර ශ්‍රීලනිපයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද පසුගිය 15 වැනිදා ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකින් පසු චීන කාබනික පොහොර නැව වෙනුවෙන් ඩොලර් මිලියන 6.7ක් ගෙවීම ගැන සිය ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේ චීන පොහොර නැවට ගෙවිය යුතු මුදල වරද කළ අයගෙන් අය කරගත යුතු බවයි.
‘රට තුළ දැඩි ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ගෙවීමක් කරන්නට සිදුවීම රටට විශාල පාඩුවක්. එය වගකිවයුත්තන්ගෙන් අයකරවීම වෙනුවෙන් පක්‍ෂයක් ලෙස කළ හැකි සියල්ල කිරීමට අප සූදානම්. ආණ්ඩුව කරන හැමදේම හරි කියා පිළිගන්නට සූදානම් නැහැ. වැරදි දේ වැරදියි කියන්න බයවෙන්නේත් නැහැ. පොහොර අර්බුදය නිසා රටට වී ඇති විනාශය අද සියලු දෙනාම අත්දකිනවා. කෘෂිකර්ම ඇමැතිවරයා ගත් තීන්දුව නිවැරදි වුවත් එය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ගොස් විනාශයක් සිදුවුණා’ දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ජවිපෙ නායකයා සහ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් මෙසේ දැඩි ස්ථාවරයක් දරන විට සුපුරුදු ගැලවිජ්ජාවේ මාවත අනුගමනය කරන ආණ්ඩු පාර්ශ්වය යළි යළි අවධාරණය කරමින් සිටින්නේ ඩොලර් මිලියන 6.7ක වනසා දැමූ මේ ක්‍රියාවලිය සර්වසාධාරණ කිරීමටය. ඊට පැහැදිලි සාක්ෂියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම සිදුවන්නේ පාර්ශ්ව දෙකක් අතර වුවද එහිදී ගනුදෙනු සිදුවන්නේ බැංකු දෙකක් අතර බවයි.

‘චීන සමාගමේ පොහොර නෞකාවට වන්දි ගෙවීමට බැරි තරමට රට තල්ලු වී තිබෙනවා. ඒක වෙනමම කතාවක්. නමුත් පොහොර නෞකාවට වන්දි ගෙවීම සඳහා ඩොලර් මිලියන හය හමාරක් කොහෙන්දැයි අසන අයට දිය යුතු පිළිතුර වන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම සිදුවන්නේ පාර්ශ්ව දෙකක් අතර වුවද එහිදී ගනුදෙනු සිදු වන්නේ බැංකු දෙකක් අතරයි’ මේ මහාචාර්ය රංජිත් බණ්ඩාර අදාළ ගෙවීම සාධාරණීකරණය කරන්න ගන්නා නිර්ලජ්ජිත උත්සාහයයි.

අර්බුදයේ ප්‍රතිවිපාක මොනවාද ?

චීන කාබනික පොහොර නැවට වන්දි ගෙවීමට රජය ගත් තීන්දුව දැඩි ප්‍රශ්න කිරීමට හා විවේචනයට ලක් වෙද්දී ඒ හරහා කෘෂිකර්මාන්තය තුළ නිර්මාණය වූ අර්බුදය දෛනිකව තීව්‍ර වනු මිස සමහන් වන ආකාරයක් දැකගත නොහැකිය. ඊට හේතුව වන්නේ මහ කන්නයේ වී වගාවද ඇතුළුව සමස්ත කෘෂිකර්මාන්තය මේ වන විට රසායනික පොහොර සහ පළිබෝධ නාශක, වල් නාශක නොමැති වීම හමුවේ දැවැන්ත අස්වනු හානියකට ලක්ව තිබීමය. ලංකාවේ ප්‍රමුඛතම වී වගා කන්නය වන මහ කන්නයේ සමස්ත වගාවම මේ වන විට දැඩි සේ දුර්වල වී ඇති අතර එළවළු වගාව ඇතුළු වගාවන්ටද මේ අර්බුදයේ ඍජු ගොදුරු වීමට සිදුව ඇත.

මෙය කිසිසේත් පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ. මේ අර්බුදය හරහා සමස්ත කෘෂිකර්මික ප්‍රජාවම දැඩි අර්බුදයකට ලක්වන අතර ඒ හා සමගාමීව කෘෂිකර්මාන්තය මත යැපෙන කර්මාන්ත හා සේවා අංශයද අර්බුදයකට ලක්වන්නේය. එහි සමස්ත ප්‍රතිඵලය බවට ආහාර හිඟය හරහා නිර්මාණය වන සමාජ – ආර්ථික අර්බුදය උත්සන්න වනු ඇති අතර ඩොලර් හිඟය සමග නිර්මාණය වී ඇති ආනයන සීමාකිරීම් සමස්ත ජනතාවම සහ ආර්ථික යාන්ත්‍රණයම දැවැන්ත බිඳ වැටීමකට ලක් කිරීම අනිවාර්ය කරුණ බවට පත්වනු ඇත.

ප්‍රශ්නය කියන්නේ මේ හැම දේකින්ම බැට කන්නේ මේ ආණ්ඩුවට ඡන්දය දුන්න 69 ලක්ෂය පමණක් නොවීමයි. සමස්ත ජාතියම මේ අර්බුදය හමුවේ අසීමිත ලෙස බැට කනවා. ඒ වගේම මේ චීන අසූචි නැවට ගෙවන මිලියන 1,200 ගෙවන්න වෙන්නෙත් අපේ දරුවන්ට. ඒ කියන්නේ ඉපදෙන්න ඉන්න පරපුර පවා මේ ඔලමොට්ටල දේශපාලන තීන්දු නිසා වන්දි ගෙවිය යුතුයි.

‘කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා’ කියලා අපේ මිනිස්සු කිව්වේ මෙන්න මේ නිසාය.

චින්තක බණ්ඩාර කරල්ලියැද්ද

SendShareShare
Previous Post

මේ දවස්වල දාහේ පන්දාහේ ‌කොළ සාක්කුවට දාගන්නේ බලාගෙන!

Next Post

රත්තරන් මාල කඩලා වැඩක් නැහැ වගේ! වැලිමඩ එකම පවුලේ හත්දෙනෙක් හේන්වල එළවළු හොරකමේ ගිහින්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.