• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් දිනයේදී රනිල් අරගලය ගැන කතා කරයි! පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් වෙන දේ ගැනත් කියයි!

September 4, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති රනිල් වික්‍රමසිංහ!
Share on WhatsAppShare on Facebook

පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බව අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එම ආයතන දෙක ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බව අවධාරණය කළේය.

රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් අද (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.

පොලිස් උත්තමාචාර පිළිගන්වමින් එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

රාජකාරියේ යෙදී සිටිය දී මිය ගිය ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් “ජනාධිපති පොලිස් වීරතා පදක්කම” පිරිනැමීම සහ පාර්ලිමේන්තු ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අගයමින් සංකේතාත්මකව නිලධාරීන් 30 දෙනෙකු සඳහා ප්‍රණාම සහතික පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

පොලිස් වෙබ් අඩවිය සහ “ඊ පුවත්පත” එළිදැක්වීම ද සිදු කෙරුණු අතර පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් මිලියන 100ක මුදලක් අභිනවයෙන් ස්ථාපනය කෙරෙන “නීති සහන අරමුදල” සඳහා පිරිනමමින් අදාළ චෙක්පත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පොලිස් බටහිර තූර්ය වාදන සංදර්ශනයකින් සහ නිළ සුනඛ සංදර්ශනයකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
අද මට අලංකාර ආචාර පෙළපාලියක් නරඹන්න අවස්ථාව ලැබුණා. ඇත්ත වශයෙන් මම සම්පූර්ණ පෙළපාළිය දුටුවේ නැහැ. දකුණු පැත්තේ තිබූ පෙළපාළියත්, වම් පැත්තේ තිබූ පෙළපාළියත් දුටුවා, මැද මම දුටුවේ මාධ්‍යයේ ඡායාරූප ශිල්පීන් පමණයි. කෙසේ හෝ ඇතැම් මාධ්‍ය කොපමණ පොලිසියට චෝදනා කළත්, තමන්ගේ ඡායාරූපකරුවන්ට පහර දුන් බව කිව්වත් මට නම් මෙතන පෙනෙන්න තිබෙන්නේ ඒ කණ්ඩායම් දෙක අතර හොඳ මිත්‍රත්වයක් තිබෙන බවයි.
අදට යෙදී ඇති පොලිස් දිනයේ දී කරන ක්‍රියාකාරකම් හා පොලිසිය කරන සේවාවන්වලින් අපට වටහා ගත හැකියි පොලිසිය ආරම්භ කළ කාලයට වඩා වෙනස් කාලයක් අද තිබෙන බව. ඊට වඩා සංකීර්ණ ප්‍රශ්න තිබෙන බව. ඒ සංකීර්ණ ප්‍රශ්නවලට මුහුණ දෙන්න, එම ගැටලු විසඳන්න තමයි අද පොලිසිය සංවිධානය කර තිබෙන්නේ. ඒ නිසා මේ පොලිසියේ කාර්යක්ෂමතාව පවත්වාගෙන යාමට ක්‍රියාකරන පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ නිලධාරීන් සියලුදෙනාට මම මගේ ප්‍රශංසාව පිරිනමනවා. එම වැඩකටයුතු කරන්න පොලිසියට සම්පූර්ණ සහයෝගය, මග පෙන්වීම ලබා දෙන ඇමතිතුමාටත් මම ප්‍රශංසා කරනවා.
පොලිසිය මේ රාජ්‍ය යාන්ත්‍රණයේ වැදගත් ආයතනයක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය හදන්නේ මහජනතාව තෝරාපත් කරගත් නියෝජිතයන්. එය ක්‍රියාත්මක කරන විධායකයේ ඉන්නේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගත් නියෝජිතයන්, සමහර අවස්ථාවල ජනතාව තෝරාගත් විධායක ප්‍රධානින්. එහෙම නම් නීතිය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවෙන්, නීතිය හදන්නේ පාර්ලිමේන්තුවෙන්. එය ක්‍රියාත්මක කරන්න තිබෙන්නේ විධායකයට. කැබිනට් මණ්ඩලයට. ඒ නීතිය උල්ළංඝනය කරනවා නම් පාර්ලිමේන්තුවත්, කැබිනට් මණ්ඩලයත් ක්‍රියාත්මක වන්නේ නෑ. නීතියේ ආධිපත්‍ය කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන්නේ එයයි. අපි නීතියට ගරු කරලා නීතිය අනුව ක්‍රියා කළ යුතුයි. නීතිය උල්ළංඝනය කරන විට නීතියේ ආධිපත්‍ය කැඩෙනවා. නීතියේ ආධිපත්‍ය කඩනව නම් ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ වෙනවා.
නීතිය උල්ළංඝනය කළ විට ඒ පිළිබඳ ක්‍රියා කරන්න ආයතන දෙකක් තිබෙනවා. පළමුවෙන්ම ඒ ගැන සොයා බලා එයට වගකිව යුත්තේ කවුද කියලා හඳුනගෙන ඒ අයට විරුද්ධව නඩු දාන්න, අවශ්‍ය නම් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම පොලිසියේ කටයුත්තක්. ඒ පුද්ගලික නීති කැඩීම නෙවේ, පොදු නීතිය උල්ළංඝනය කරන අවස්ථාවලදී. ඉන් පසුව එම පුද්ගලයන් නීතිය කැඩුවද නැද්ද කියලා තීරණය කරන එක ස්වාධීන අධිකරණයකින් කෙරෙන්නේ. ඉතින් මේ ආයතන දෙක නැතිව රටක් ක්‍රියාත්මක කළ නොහැකියි. පොලීසියක් නැත්නම් නීතියේ ආධිපත්‍යයක් නැහැ. ඒ වගේම ස්වාධීන අධිකරණයක් නැතිනම් නීතියේ ආධිපත්‍ය නැහැ. ඉතින් මේ ආයතන දෙක ආරක්ෂා කිරීමට තමයි අපි කැපවී සිටින්නේ.
මේ නීතිවලින් වැදගත්ම නීතිය තමයි රටේ මූලික නීතිය. ව්‍යවස්ථාවට අනුකූලව අපි වැඩ කළ යුතුයි. ව්‍යවස්ථාවට අනුකූලව වැඩ කළේ නැත්නම් ඒ අයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි. එහිදී අධිකරණය පමණක් නොව පාර්ලිමේන්තුවේ බලතල උල්ළංඝනය කළා නම් කතානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවත් ඒ ගැන ක්‍රියා කළ යුතු වෙනවා.
පොලිසිය ව්‍යවස්ථාවත්, නීතියත් ආරක්ෂා කරන්න ක්‍රියා කරනවා. අප මතක තබා ගත යුතුයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වීමට නම් රටේ ව්‍යවස්ථාව ආරක්ෂා විය යුතුයි. ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනතාව තෝරා පත්කරගත් පාර්ලිමේන්තුවකින් අගමැතිවරයාත්, ඇමතිවරුත් තෝර ගන්න. කැබිනට් මණ්ඩලය කියන්නේ එයයි. ඒ අය තමයි මේ රටේ නීතිය ප්‍රකාශ කර රට ගෙනියන්නේ. ඒ අයට ක්‍රියාකරන්න පුලුවන් පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙනවා නම් පමණයි.
කවුරු හරි උත්සාහ කරනවනම් පාර්ලිමේන්තුව නැතිව පිටින් අගමැතිවරයා ඉවත් කරන්න, කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න, එසේ නම් එය ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් වෙනවා. ඒක වීර ක්‍රියාවක් බව කිව නොහැකියි. එවැනි අවස්ථාවකට තමයි අපිට මුහුණ දීමට සිදු වුණේ. මේ රටේ තරුණයෝ එකතු වෙලා ආණ්ඩුවකට විරුද්ධව අරගලයක් කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ අය සාමකාමීවයි ක්‍රියා කළේ. ඒ අයගේ දක්ෂකම් එක එක අංශවලින් පෙන්නුවා. ඒ ගැන කාටවත් ප්‍රශ්න කරන්න බැහැ. ඒ අය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව උද්ඝෝෂණය ගෙන ගියා. අවාසනාවකට මේ කණ්ඩායම ඉවත් කර ප්‍රචණ්ඩකාරීන් විසින් පසුගිය ජූනි මාසයේ දී මේ ව්‍යාපාරය අල්ලා ගත්තා. එවැනි ව්‍යාපාරයක් දීර්ඝකාලිව ගෙන යා නොහැකියි. ඒ තරුණ අරගලකරුවන් වෙනුවට ලංකාවේ එක එක පැතිවලින් කණ්ඩායම් ගෙනල්ලා එදා ආණ්ඩුව අඩපණ කරලා, නැති කරන්න කටයුතු කළා.
ජනාධිපති මන්දිරයත්, ජනාධිපති කාර්යාලයත් අල්ලා ගත්තා. එවිට ජනාධිපතිවරයෙකුට ක්‍රියා කළ නොහැකියි. ඊට පසුව අගමැති නිල නිවස අල්ලා ගත්තා. ඊට පසුව මගේ පුද්ගලික නිවසට ගිනි තැබුවා. මට ඉල්ලා අස්වෙන්න කිව්වා. මම ඉල්ලා අස්වුනේ නැහැ. ඒ වන විට ආණ්ඩුව ගෙනියන්න අපිට අමාරු වුණා. නැවත අගමැති කාර්යාලය අත්පත් කරගත්තා. එහෙම නම් දැ එවැනි පසුබිමක විධායකයට ක්‍රියාත්මක විය නොහැකියි. විධායකය අඩපණ වී තිබුණේ. එදා මම ක්‍රියා කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස.
ඉන් පසුව පාර්ලිමේන්තුවත් වට කළා. පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙනවා. එසේනම් මෙය නීතියේ ආධිපත්‍ය උල්ළංඝනය කිරීමක් පමණක් නොව ව්‍යවස්ථාවත් උල්ළංඝනය කිරීමක්. ජනතාවගේ සර්වජන ඡන්ද බලය නැති කිරීමක්. මොකද ඔනෑම ව්‍යවස්ථාවක පාර්ලිමේන්තුවක් පත් කර ගත් විට යම් කාල සීමාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හොද නම් ඒ මන්ත්‍රීවරු නැවත පත් කරනවා. නැත්නම් ඒ අය පිට කරනවා.
ඉතින් මේ සියල්ල අඩපණ කර මේවා නැති කරන්න ක්‍රියා කළා. පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් අද මේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. කවුද රට පාලනය කරන්නේ කියලා අපි දන්නේ නැහැ. එවැනි බැරෑරුම් තත්ත්වයකටයි ආවේ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව ආරක්ෂා වුණේ මේ යුද හමුදාව සහ පොලීසිය නිසා. සමහරු කියනවා මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියලා. සමහරු කියනවා ඒ අය මර්දනය කළා කියලා. එදා රටේ නීතියක් තිබුණ ද, සාමයක් තිබුණද, ගෙවල්වලට පැනලා බඩු අරගෙන යනවද, විශාල බයක් රටේ තිබුණා. දැන් මේකට සුදු හුණු ගාන්න වැඩක් නැහැ. පොලිසියේ පරීක්ෂණවලින් ඒ කරුණු දැන ගත හැකියි. ඊට පසුව පාර්ලිමේන්තුවටත් මේ ගැන සොයා බලන්න සිදු වේවි.
අපේ යුතුකම මේ අවස්ථාවේ දී මේ ප්‍රජාතන්ත්‍රවදය ඉදිරියට ගෙන යාම. මේ සාමකාමී අරගලකරුවන් ඉල්ලුවේ සමාජයේ වෙනස්කම් ඇති කිරීම. මොකද අනාගතය අයිති ඒ අයට, අපිට නෙවේ, එහෙම නම් ඒ අයට ඇහුම්කන් දී අපි ඉදිරියට යා යුතුයි. අපිට තිබෙන්නේ මේ බංකොළොත්භාවයෙන් ගොඩ ඒම. එය කරන්න නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය අවශ්‍යයයි. මෙය ආරක්ෂා කරන්න අපේ පොලීසිය සහ ආරක්ෂක හමුදාව පියවර ගත්තා. මේ අය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ මූලික ආයතනය ආරක්ෂා කළේ.
ඒ සඳහා කැපවූ පොලිස් නිලධාරීන්ට අපි විශේෂයෙන් අපේ ප්‍රණාමය පළ කළ යුතුයි. අද සංකේතාත්මකව සහතික ලබා දුන්නේ ඔවුන්ටයි. අපි සියලු දෙනා එකට එකතු වෙමු. මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු. මම හිතන්නේ නැහැ මෙතන ඉන්න මාධ්‍යවේදීන්ගෙන් කවුරුන් හෝ කැමති වෙයි කියා , තමන්ගේ මාධ්‍ය ආයතනයට පැමිණ තමන්ට තර්ජනය කර, ඒ අයට ඕන දේ දාන්න කියනවට. එයත් එදා සිදු වුණා.
මේ නිලධාරින් කළ කැපකිරීම නිසා අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණා. අපි මතක තබාගත යුතුයි දේශපාලනඥයින් ලෙස අපෙනුත් වැරදි සිදු වී තිබෙනවා. සියලු දෙනා එකතු වී අලුත් ගමනක් එළැඹෙන නිදහස් දිනයේ ආරම්භ කරමු.


මෙහිදී අදහස් දැක්වූ පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා,
“ අද 156 වන පොලිස් දිනය සමරන ශ්‍රී ලංකා පොලිසියේ ගමන් මඟ ඉතා සුන්දර එකක් වූයේ නෑ. විවිධ සමාජ ගැටීම්, ජන අරගල, සන්නද්ධ අරගල සහ ත්‍රස්තවාදී ක්‍රියා ආදියට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි අතීතයකුයි අපට තිබෙන්නේ. මෙම දීර්ඝ ගමනේදී පොලිසියට මුහුණ දීමට සිදු වූ සියලු තත්ත්වයන්ට අභීතව මුහුණ දෙමින් නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමට අපට හැකියාව ලැබුණා.
මෙ ලෙස විවිධ යුග වලදී මුහුණ දීමට සිදු වූ ගැටලුකාරී තත්ත්වයන්, කෙතරම් බැරෑරුම් වුවත් ඒවාට මුහුණ දෙමින්, එවැනි ගැටළුවලට මූලාශ්‍ර වූ කරුණු පිළිබඳ මැනවින් හදාරා, එම දැනුමෙන් හා අත්දැකීම්වලින් පන්නරය ලබමින්, කලින් කලට අවශ්‍ය වෙනස් වීම් සහිතව ක්‍රියා කිරීම සහ සමාජය විසින් විවිධ යුගවලදී නීතියේ රාමුව තුළ සිටිමින් ඉල්ලා සිටින වෙනස්වීම් පිළිබඳව ද අප විසින් ගැඹුරින් සළකා බලමින් ක්‍රියා කිරීම මෙතෙක් පැමිණි අපගේ ගමන් මගේ සාර්ථකත්වයට ඉවහල් වූ බව පෙන්වා දීමට කැමතියි.
මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ කොවිඩ් වසංගත තත්ත්වයයි. එයට මුහුණ දුන් ලොව බොහෝ රටවල මෙන්ම අප රටේ ද විවිධ ජන සමූහයන් මුහුණ දුන් ආර්ථික හා සාමාජීය ගැටළු හමුවේ ඔවුන්ගේ පීඩනයන් සමාජය වෙත මුදා හැරීම එම අභියෝගයයි. එම වේදනාවද පොලිසිය විසින් දරා ගැනීමට සිදු වීම අපට අභියෝගයක්. එවැනි අභියෝගයකට මුහුණ දෙමින් ඒවා පාලනය කිරීම ඉතා සංකීර්ණ කටයුත්තක් වූ අතර ඊට සාර්ථකව මුහුණ දීමට පොලිසියට හැකියාව ලැබුණේ එම සංකීර්ණත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව තීරණ ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි යන මහත්වරු සහ ජාත්‍යන්තර පොලීසියට අයත් රටවල් රැසක් නියෝජනය කරමින් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

මහජන බැංකුවේ හයිඩ් පාක් කෝනර් ශාඛාව නව පරිශ්‍රයකට…

Next Post

Noyon Lanka වෙතින් හඳුන්වාදුන් 100% ස්වභාවික වර්ණකයක් වන Planetones Control Union සහතිකයෙන් පිදුම් ලබයි…

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.