• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරුගේ ජනසභා ක්‍රමයට අගමැති දිනේෂ් ලොකු බාල්දියක් පෙරළයි! රනිල්-කරු-දිනේෂ්-ප්‍රසන්න හමුව උණුසුම් වෙයි! I Sri Lanka Latest News

January 28, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
කරුගේ ජනසභා ක්‍රමයට අගමැති දිනේෂ් ලොකු බාල්දියක් පෙරළයි! රනිල්-කරු-දිනේෂ්-ප්‍රසන්න හමුව උණුසුම් වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප පසුගිය සතියේ සිදුවූ එක්තරා ගැටුමක තොරතුරු හෙළිකිරීමට සූදානම්ය. මෙම ගැටුම සිදුවූයේ වෙන කවුරුත් අතර නොව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ කරු ජයසූරිය මහතා අතරය. පසුගිය කාලයේදී ජනාධිපතිවරයාගේ යම් යම් මෙහෙයුම් කිහිපයකටම සක්‍රීයව දායකත්වය දක්වා තිබීම හේතුවෙන් කරු ජයසූරිය මහතා මේ වන විට ආණ්ඩුව ඇතුළේ විශාල භූමිකාවක් රඟදක්වමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. වරක් කරු උපයෝගී කරගෙන ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල්දමා ගැනීම සඳහා අතිසාර්ථක මෙහෙයුමක් දියත් කළේය. ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල් දමාගැනීම සඳහා විවිධ උප්පරවැට්ටි යොදමින් සිටියදී ඒ සඳහා උපයෝගී කරගත් ලොකුම ආයුධය බවට පත්ව තිබුණේ කරු ඒ දවස්වල ඉදිරිපත් කර තිබූ ජනසභා ක්‍රමයය. ගම් ඇතුළේ කමිටු පිහිටුවා දේශපාලන බලය ගමට ලබාදීම කරුගේ එම සංකල්පය විය. ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය කල්දැමීමට මාර්ග සොයද්දී කරුගෙන් ඉදිරිපත් වූ මෙම යෝජනාවත් සමග වහාම ජනාධිපතිවරයා කළේ එම යෝජනාව එළියට ගෙන එය ක්‍රියාත්මක කරන බව පවස ඒ සඳහා අවශ්‍ය කාලය ගැනීමය. ඊට අයවැයෙන් මුදල් වෙන් කිරීමය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ කරු වෙනුවෙන් වෙනම කාර්යාලයක් විවෘත වූ අතර, කරුට හිතවත් කිහිප දෙනකුම එහි සේවය කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඒ අනුව පසුගිය කාලය පුරාම කරු ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය තුළ හිඳිමින් මෙම ජනසභා වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා යම් යම් වැඩකටයුතු සිදුකොට තිබිණි. Sri Lanka Latest News

දිනේෂ් බාල්දිය පෙරළයි!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑමට ප්‍රථම මේ ජනසභා ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වූ අගමැති දිනේෂ් ගුණවර්ධන, කරු, ප්‍රසන්න රණතුංග, මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ අගමැතිවරයාගේ අමාත්‍යාංශ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. මෙහිදී සාකච්ඡාව ආරම්භයේදීම අශෝක ජනසභා ක්‍රමයට විරෝධය පළකරමින් මෙය රාජ්‍ය නොවන ආයතනවල වුවමනාව මත එම ස්වරූපයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනක් බව පෙන්වා දුන්නේය. එහිදී මනූෂද පෙන්වා දී තිබුණේ මෙය ආණ්ඩුව හරහා ක්‍රියාත්මක වන්නේ නම් ඊට දේශපාලනය සම්බන්ධ විය යුතු යැයි කියාය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දිනේෂ් ඊට ජනාධිපතිවරයා ඉදිරියේදීම විශාල බාල්දියක් පෙරළීමය. ඊට හේතු වූයේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිවක් නොදැන සිටීමය. ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වූ දිනේෂ්ද කිසිවක් නොදැන සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව දිනේෂ් එම වැඩසටහනේ ඇති ප්‍රායෝගික ගැටලු, ඊට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේ ඇති විරෝධය, ගම්වල සිටින හාමුදුරුවරුන්ගේ සහ පාක්ෂිකයන්ගේ විරෝධය ආදිය ප්‍රසිද්ධියේම සඳහන් කිරීමට පියවර ගත්තේය. එහිදී එල්ල වූ ප්‍රබලම චෝදනාවක් වූයේ මෙම ක්‍රමය රාජ්‍ය නොවන සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරයට සකස් කර ඇති බවය.

කරුට කේන්ති යයි

මේ ආකාරයට දිනේෂ් දිගින් දිගටම චෝදනා කරද්දී එක්තරා අවස්ථාවක කරුට කේන්ති ගිය බවක් දැකගත හැකි විය. ඒ අනුව කරු වහාම කියා සිටියේ, ‘මේක මගේ පෞද්ගලික වුවමනාවක් අනුව අරගෙන ආපු එකක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ අදහසකට අනුවයි මම මේක අරගෙන ආවේ. එතුමට උදව්වක් විදියටයි මම මේක භාරගත්තේ…’ යැයි කියාය. එහිදී වහාම දිනේෂුත්, සාකච්ඡාවේ සිටි ප්‍රසන්නත්, ‘නෑ නෑ මේක ඔබතුමා එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. වෙන එකක්. මෙහෙම දෙයක් වෙනවා කියලා අපේ පැත්තේ මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ. අපි කියන්නේ එතුමන්ලාවත් දැනුවත් කරලා මේ වැඩේ කරන්න කියලා…’ යැයි කියද්දී ජනාධිපතිවරයා ප්‍රසන්නට කියා සිටියේ එසේ නම් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් සංවිධාන කොට ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරන්නැයි කියාය.
ඒ අනුව, පෙබරවාරි 24 වැනි දින ජනසභා නිලධාරීන් සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර රැස්වීමක් සංවිධාන කිරීමට ප්‍රසන්න සැලසුම් කළේය.

රැස්වීම උණුසුම්

මේ සම්බන්ධයෙන් නැවත වතාවක් බරපතළ සංවාදයක් මතුවූයේ පසුගිය අඟහරුවාදා පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර, මෙහිදී පළමු බාල්දිය පෙරලුවේ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තය.
‘මොකක්ද මේ ජනසභා කතාව? අපි මොනවත් මේ ගැන දන්නේ නැහැ. කවුරුත් අපිව මේ ගැන දැනුවත් කරලත් නෑ. මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මේ ගැන සාකච්ඡා කරන්න සමුළුත් තියනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛත් ගහලා. මෙතැන තියෙන්නේ වෙන න්‍යායපත්‍රයක්.’ යනුවෙන් අශෝක කියද්දී අගමැතිවරයාද එය අනුමත කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය.
‘එහෙම කොහොමද මන්ත්‍රීවරු කැඳවන්නේ? ඒ අය දන්නේ නැහැනේ මේකෙ තියෙන්නේ මොනවද කියලාවත්.’ යනුවෙන් දිනේෂ් කියද්දී ප්‍රසන්න ඊට යම් පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ ජනසභා ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකිරීමට මෙසේ මන්ත්‍රීවරුන් කැඳවා ඇතැයි කියාය. එහිදී නැවතත් දිනේෂ් ප්‍රශ්න කරමින් කියා සිටියේ ‘දැනුවත් කරන්නේ මොකක් ගැනද කියලා මන්ත්‍රීවරුන් මුලින් දැනගෙන ඉන්න ඕනනේ.’ යැයි කියාය.

එහිදී සාකච්ඡාවට මැදිහත් වූයේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධය. ඉන්දික කියා සිටියේ මේ සම්බන්ධයෙන් කරුගේ කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇති බවත්, මාර්තු 31 වැනිදාට පෙර ජනසභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ඒ හරහා දැනුම්දී ඇති බවත්ය. එවිට දිනේෂ් කියා සිටියේ තමන් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවකි. එහිදී වහාම ඉන්දික කළේ සිය පළාතේ ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතන ඇමතුමක් ලබාදී, දුරකතනයේ ‘ස්පීකර්‘ ක්‍රියාත්මක කර ඇගෙන් මේ පිළිබඳ විමසා සිටීමය. එහිදී ප්‍රාදේශීය ලේකම්වරිය එම තොරතුරු සත්‍යයක් බව ප්‍රකාශ කිරීමත් සමග මන්ත්‍රී කණ්ඩායමේ සිටි සියලු දෙනා අගමැතිවරයාගෙන් විමසා සිටියේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා ඊට කිසිසේත්ම ඉඩ දිය යුතු නැතැයි කියාය.

දිනේෂ්ට තද වෙයි

‘අගමැතිතුමනි, මේකට ඉඩ දෙන්න එපා. මේක ඔබතුමාගේ විෂයපථයට අයිති දෙයක්. එහෙම චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන කාර්යාලයකින් නිකුත් කරනවා කියලා ඔබතුමා දන්නෙත් නෑ. වහාම මේ ගැන ක්‍රියාත්මක වෙන්න. එහෙම නැතිවුණොත් මේවා කරන්න ගිහින් රාජ්‍ය නිලධාරීනුත් අමාරුවේ වැටෙනවා.’ යනුවෙන් මන්ත්‍රීවරු දිනේෂ්ට දැනුම් දී සිටියහ. එහිදී දිනේෂ් කියා සිටියේ, එය ලේකම් කාර්යාලයක් පමණක් බවත්, ඊට නීත්‍යනුකූල තත්ත්වයක් නොමැති බවත්ය.

‘ඒක එක ලේකම් කාර්යාලයක් විතරයි. ඒකෙන් ගහන චක්‍රලේඛ නීත්‍යනුකූල නෑ. හැබැයි මට ඒකට ගිහින් නියෝග නිකුත් කරන්න බෑ මේක කරන්න එපා කියලා. ඒ හින්දා ඉස්සෙල්ලාම ඔය කැඳවලා තියෙන මීටින් එක කැන්සල් කරන්න. මොකද මන්ත්‍රීවරු මේ ගැන දන්නෙත් නෑ. ඒ නිසා මන්ත්‍රීවරුන්ව ඉස්සෙල්ලාම මේ ගැන දැනුවත් කරලා ඉන්න. අනෙක මේ මන්ත්‍රීවරු මේකට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණොත් මොකද කරන්නේ?’ යනුවෙන් එහිදී දිනේෂ් කියද්දී සියලු දෙනා එය නිහඬව අසා සිටි ආකාරයක් දැකගත හැකි විය.

අපිටම කෙළවෙනවා

ඉන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට ලක්වූයේ ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන ඔන්ලයින් පනත පිළිබඳවය. මෙහිදී ප්‍රසන්න මුලින්ම අදහස් දක්වමින් කියා සිටියේ මේ හරහා අධිකරණය අපහාසයට ලක්කිරීමේ ඉඩකඩ අහිමි කිරීමට කටයුතු කොට ඇතැයි කියාය. එවිට බොහෝ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ අධිකරණය පමණක් නොව, පාර්ලිමේන්තුවටද අපහාස කිරීමේ ඉඩකඩ මෙමගින් වැළැක්විය යුතු යැයි කියාය. මේ අවස්ථාවේදී නීතිපතිවරයා පවා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි අතර, ඔහුටද චෝදනා එල්ල වන ආකාරයට මන්ත්‍රීවරුන් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.

කෙසේ වෙතත් රැස්වීම අවසානයේදී පෙළක් මන්ත්‍රීවරුන් අතර ගිය කසුකුසුවකින් කියැවුණේ ඉදිරියේදී මෙම පනත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටද පාරාවළල්ලක් විය හැකි යැයි කියාය.
‘අපි මේකට අත් ඉස්සුවට මේක අපිටත් කෙළවෙන වැඩක්. අපි විපක්ෂයට ගිය දවසට අපිටත් මේ පනතෙන් බැට කන්න වෙනවා. මං කියන්නේ බොරුද කියලා මන්ත්‍රීතුමන්ලා මේ පනත හොඳට කියවලා බලලා තේරුම් ගන්න’ යනුවෙන් මන්ත්‍රීවරුන් එහිදී එකිනෙකාට කියා ගන්නා ආකාරයක් දැකගත හැකි විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

මාධ්‍ය හමුවට මරික්කාර් රනිල්ගේ හඬපටයක් අරන් එයි! පාර්ලිමේන්තුව හදිසියේම වාරාවසාන කරපු හේතු මෙන්න! 30 කොළඹ වටලන්නේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

උතුරේ නායකයා නම් තෝරගත්තා! මහලේකම් තෝරන්න ගිහින් අලි ජංජාලයක් වෙයි! හොර ඡන්ද දාලා මාට්ටු! තෝරගත්ත නමත් අවලංගු කරයි! ඡන්දෙත් කැන්සල් කරයි! දින නියමයක් නැතිව වැඩේ කල්දමයි! Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.