ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට (ITAK ) මහ ලේකම්වරයෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයන් කීපයක් නිසා පත් වූ පුද්ගලයාගේ මහ ලේකම් ධුරය අහෝසි කිරීමටත් යළි ඉදිරි දිනක මේ සදහා ඡන්දය විමසීමක් පැවැත්වීමටත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (27) තීරණය කොට තිබේ. (Sri Lanka Latest News)
ඉලංකෙහි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායකයා වශයෙන් කිලිනොච්චියේ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තේරීපත් වීමෙන් පසුව එම පක්ෂයට මහලේකම්වරයකු පත්කරගැනීමට අවශ්‍ය වූයේය.
මෙහිදී හයදෙනකුගේ නම් ඉදිරිපත් වීම නිසා මීළඟට පක්ෂයේ මධ්‍යම කාරකසභාව රැස්වන දිනයේදී ඡන්ද විමසීමකින් මහලේකම්වරයා තෝරා පත්කර ගැනීමට තීන්දු වූ අතර, ඒ අනුව ත්‍රිකුණාමලයේ පෞද්ගලික හෝටලයකදී පැවැති ඡන්ද විමසීමේදී උතුරු පලාත නියෝජනය කරමින් මහලේකම් ධුරයට තරග කළ එස්. කුගදාසන් පක්ෂයේ මහලේකම් ධුරයට තේරී පත්විය.
මේ අවස්ථාවේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී පුද්ගලයන් කිහිප දෙනකුම අත් දෙකම ඔසවා ඡන්දය ප්‍රකාශ කළ බවට චෝදනාවක් එල්ල වූ අතර, එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයාද එය සනාථ කරමින් ඡන්දය ප්‍රකාශ කළ පිරිස හා ලැබූ ඡන්ද ප්‍රමාණය ගළපා බැලීමේදී යම් පරස්පරයක් තිබූ නිසා මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ඡන්දය අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව තවත් චෝදනා හා යෝජනා ගණනාවක් මධ්‍යම කාරකසභාවට ඉදිරිපත් වීමත් සමගම උතුරේ පිරිස හා නැගෙනහිර පිරිස අතර පැහැදිලි බෙදීමක් හා විරසකභාවයක් පෙන්නුම් කිරීම නිසා පක්ෂයේ මධ්‍යම කාරකසභාවේදී කිසිදු යෝජනාවක් සම්මත කරගැනීමට හෝ බොහෝ යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් හටගෙන තිබිණි.
සභාව තුළ විශාල ගාලගෝට්ටියක් හා මතවාද මැද සිදුවූ කෑකෝගැසීම නිසා සභාව නිසි ක්‍රඹවේදයකින් තොරව හමාර කිරීමට පක්ෂයේ නායකයන්ට සිදුවිණි.
යළි මධ්‍යම කාරකසභාව රැස්වන දිනයක් හෝ ඡන්දය පැවැත්වෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
lankasara