• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතට තිත තියන්න ආපු හැම ආණ්ඩුවක්ම බාර් පර්මිට් දුන්නා! මත්පැන්-මත්ද්‍රව්‍ය-දුම්වැටි පාසල් ආක්‍රමණය කළා! දැන් දේශපාලඥයන් බිලිබාගන්න බාර් ලයිසන් දීගෙන යනවා! එහෙම දීපු හැම ලයිසන් එකක්ම සජබ රජයක් යටතේ අහෝසි කරනවා! මත්පැන්-දුම්වැටි ප්‍රවර්ධනයට මගේ රජයක් යටතේ ඉඩක් ලැබෙන්නේ නෑ! 41 ලක්ෂයක් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සජිත් ගත් තීන්දුව! VIDEO I Sri Lanka Latest News

May 16, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල් මට්ටමින් අමද්‍යප ව්‍යාපාරයක් අවශ්‍ය බවත් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි පාසල් ආක්‍රමණය කර ඇති බවත් මෙයට විරුද්ධව අම්මලා සහ තාත්තලා එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ වන විට දේශපාලනඥයන් බිලී බා ගන්න මෘදු මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් මේ ගැන හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරන බවත් මෙසේ ගන්නා සෑම මත්පැන් බලපත්‍රයක්ම සමගි ජන බලවේග රජයක් තුළ අහෝසි කරන බවත් මත්පැන් ප්‍රවර්ධනයට මත්ද්‍රව්‍යවලට දුම්වැටි ප්‍රවර්ධනයට ඉඩක් නොමැති බවත් මේ කතාව කියන්නේ ඡන්දයක් නොමැති 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර කලාවැව තඹුත්තේගම සෝලම විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 188 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

හරියට වැඩ නොකළොත් මේ සුන්දර තත්ත්වය වසර 2-3කින් ඉවරයි

අප රටේ මුළු ණය බර තාව ඇ. ඩොලර් බිලියන 100ක් බවත් සුන්දර කියා කිසිවක් නොමැති බවත් මේ සුන්දර තත්ත්වය වසර 2-3කට පමණක් සීමා වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කාල සීමාව තුළ ණය ගෙවීම අවශ්‍ය නොවන බවට පවසා ඇති බවත් වසර 2-3කින් ද්වීපාර්ශ්වීය, බහු පාර්ශ්වීය ණය, විදේශීය සෛරී බැඳුම්කර අයිතිකරුවන්ට මෙන්ම දේශීය ණය හිමියන්ට ද ණය ගෙවිය යුතු බවත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් ආර්ථිකය ශීඝ්‍ර වර්ධනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් රජය ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා

මේ සඳහා සෑම ක්ෂේත්‍රයක්ම ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත් සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා පගාව, හොරකම තුරන් කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ සියලුම රාජ්‍ය ගනුදෙනු විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කරන බවත් ලක්ෂ 220 ඇස් වසා ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව වර්තමානයේ හොරා කන තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අපි කයිවාරු කාරයෝ නෙවෙයි. වැඩ කරන විපක්ෂයයි

බලයට ආවොත් අධ්‍යාපනය වෙනුවෙන් සෞඛ්‍ය වෙන් කරන රජයේ මුදල් වැඩි කරනවා යැයි හැමෝම කියන බවත් සමගි ජන බලවේගය හැර සෑම විකල්පයක්ම ක්‍රියාත්මක වන්නේ පැරණි සම්ප්‍රදායික රාමුව මත බවත් ඒ නිසා ඔවුන්ට සක්වල හුස්ම කිරීම හීනයක් බවත් සමගි ජන බලවේගයේ සිටින්නේ කයිවාරුවට පමණක් සීමා වූ දේශපාලනඥයන් නොව සේවාවන් කිරීමට බැදී සිටින දේශපාලනඥයන් බවත් එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය මුදල්වලට අමතරව පෞද්ගලික දානපතියන්ගෙන් ද ආධාර උපකාර ලබා ගෙන රටේ සංවර්ධන කටයුතු සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ නායකයා පරමාදර්ශී විය යුතුයි

රාජ්‍ය පාලනය විහිලුවක් නොවන බවත් නායකයා පරමාදර්ශී දැක්මක් ඇත්තෙක් විය යුතු බවත් අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයේ පිහිටා සිටිය යුතු බවට ධම්ම පදයේ පවා සඳහන් බවත් ඒ ආකාරයෙන්ම සමගි ජන බලවේගය රට පාලනය කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

බොරු, ව්‍යාජ සටන්පාඨවලට රැවටෙන්න එපා

මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ විෂයන් කිහිපයක් හැරුණු කොට බහුතරයක් විෂයන් රැකියා වෙළෙඳපොළට උචිත නොවන නිසා විරැකියාව වැඩි වී ඇති බවත් මෙහි වෙනසක් සිදුවිය යුතු බවට තමා සිතන බවත් යම් හෙයකින් මෙවැනි වෙනසක් සිදු කිරීමට උත්සාහ කරන විට විජාතික බලවේග යැයි කියමින් උද්ඝෝෂණ කියමින් පාරට බහින කොට්ඨාසයක් සිටින බවත් මෙම සටන්පාඨවලට රැවටී පාරට බැස මෙම නූතනවාදි අධ්‍යාපනය හඳුන්වා දීම කඩාකප්පල් කිරීමෙන් පාඩු සිදුවන්නේ කාටද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් සටන් පාඨවලට නොරැවටි සත්‍යවාදී දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මකව අත්හදා බලපු සාර්ථක ක්‍රියාදාමවලට යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 188ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2078ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

මරණ දඬුවම නියම වූ මරුසිරා අන්තිම කාලෙ හිරේ ඉද්දී නන්දන මාරසිංහ ඇතුළු ජවිපෙ සාමාජිකයන් ඉතා සූක්ෂ්ම විදියට ඇසුරු කරන්න ලැබුණේ කොහොමද? ජවිපෙ දේශපාලනික අදහස් සහ න්‍යායන් මරුසිරාට කාවැද්දුවේ කොහොමද? සිරකරුවන්ට ලබාදුන් ‘ලාගටීන්’ නිදිපෙති නන්දන මාරසිංහලා මරුසිරාට දුන්නාද? එල්ලා මරන දවසේ මරුසිරා බාගෙට මැරිලා හිටපු හැටි මරුසිරා බලාගත් ප්‍රධාන ජේලර් ‌අවුරුදු 45කට පස්සේ පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණය තියන්නේ කොහොමද? ඡන්දෙ තිබ්බොත් රටේ ආර්ථිකයට අවුලක්ද? ජනාධිපතිවරණය ගැන තීන්දු ගන්න ජනාධිපතිට පුලුවන්ද? පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න පුළුවන්ද? ප්‍රශ්න විසඳගන්න ජී.එල්.පීරිස් හා මද්දුමබණ්ඩාර මැතිවරණ කොමිසමට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.