• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරණ දඬුවම නියම වූ මරුසිරා අන්තිම කාලෙ හිරේ ඉද්දී නන්දන මාරසිංහ ඇතුළු ජවිපෙ සාමාජිකයන් ඉතා සූක්ෂ්ම විදියට ඇසුරු කරන්න ලැබුණේ කොහොමද? ජවිපෙ දේශපාලනික අදහස් සහ න්‍යායන් මරුසිරාට කාවැද්දුවේ කොහොමද? සිරකරුවන්ට ලබාදුන් ‘ලාගටීන්’ නිදිපෙති නන්දන මාරසිංහලා මරුසිරාට දුන්නාද? එල්ලා මරන දවසේ මරුසිරා බාගෙට මැරිලා හිටපු හැටි මරුසිරා බලාගත් ප්‍රධාන ජේලර් ‌අවුරුදු 45කට පස්සේ පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

May 16, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

මරු සිරා, හෙවත් සිරිපාල එහෙමත් නැත්නම් දෙද්දුව ජයතුංගලාගේ සිරිපාල යන නාමය මෙරට වැඩිහිටි ජනතාවට කිසි දිනෙක අමතක නොවන නාමයකි. 60 දශකයේදී දරුණු අපරාධකරුවකු ලෙස මුළු රටම කලඹමින් ජනතාව අතර ප්‍රසිද්ධව සිටි සිරිපාල ගැන එදා කතා නොකළ කෙනකු නැති තරම්ය. මරු සිරා කොතරම් ජනප්‍රිය චරිතයක් වූවාදැයි කිවහොත් අවසානයේදී ඔහුගේ චරිතය පිළිබඳ චිත්‍රපට දෙකක් පවා නිර්මාණය වුණා. ඒ අතරින් ජනප්‍රියම චිත්‍රපටය වූයේ එම යුගයේ ජනප්‍රියම නළු නිළි යුවළක් වූ රවීන්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා රඟපෑ ‘සිරිපාල හා රන්මැණිකා’ චිත්‍රපටයයි. දෙවැනි චිත්‍රපටය වූයේ දිවංගත ටයිටස් තොටවත්තයන්ගේ ‘මරුවා සමග වාසේ’ය. දරුණු අපරාධකරුවකු ලෙස හංවඩු ගසා සිටි සිරිපාල හෙවත් මරු සිරා සිදුකළ මිනිස් ඝාතන දෙකකට හා තවත් වැරැදි කිහිපයකට අධිකරණයෙන් ඔහු වැරැදිකරු බවට තීන්දු කොට අවසානයේදී මහනුවර බෝගම්බර සිරගෙදරදී එල්ලා මැරීමට නියම කරනු ලැබුවා. එදා රටම කැලඹූ මේ මරු සිරා එල්ලා මරාදමා මේ වන විට හරියටම වසර 45ක කාලයක් ගතවී ඇත. දරුණු අපරාධකරුවකු වුවත් මිනිමරුවකු වුවද මරු සිරාට අතිශයින්ම ආදරය කළ, ඔහු සමග බැඳුණු එකම චරිතය වූයේ රන්මැණිකාය. මරු සිරාගේ පෙම්වතිය වූ රන්මැණිකාද වයස අවුරුදු 88ක කාලයක් දිවි ගෙවා මරණයට පත්වූවාය. රන්මැණිකාගේ මරණයත් සමග නැවත වරක් මරු සිරා පිළිබඳ අතීතය මතකයට ගෙනාවේය. (Sri Lanka Latest News)

මරු සිරා හෙවත් සිරිපාල එදා එල්ලා මැරුවාද? නැත්නම් මරා එල්ලුවාද? ඔහු මරණයට පත්ව මේ වන විට අවුරුදු 45ක දීර්ඝ කාලයක් ගතවී තිබුණද මෙම ප්‍රශ්නවලට අදටත් පිළිතුරක් ලැබී නැත. අධිකරණයේදී දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඬුවම නියමවූ සිරිපාල අනුරාධපුරයේ සිට බෝගම්බර සිරගෙදරට මාරුකර එවනු ලැබීය. අධිකරණයෙන් සිර දඬුවම් නියම කිරීමෙන් පසුව සිරකරු එල්ලා මරන දිනය නියම කරන්නේ එවක සිටි ආණ්ඩුකාරවරයා විසිනි. සිරකරු එල්ලා මරනු ලබන නියමිත දිනය ආණ්ඩුකාරවරයා විසින් දින 07කට පෙර දන්වනු ලබයි. මරු සිරාට මරණ දඬුවම ලබාදීම සඳහා රඳවා සිටි බෝගම්බර සිරගෙදර ඔහු සිටින කොටස බාරව සිටියේ එවක දෙවැනි පෙළ ජේලර්වරයකු ලෙස සේවය කළ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී රංජිත් බණ්ඩාර ඒකනායක මහතාය. ඔහු මරු සිරා සම්බන්ධයෙන් තම මතකය අවදි කළේ මේ ආකාරයටය.

‘මම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණේ 1967 වසරේ. දෙවැනි පෙළ ජේලර්වරයකු ලෙස මුලින්ම රැකියාව ලැබුණේ වැලිකඩ බන්ධනාගාරයට. මම රැකියාවට බැඳුණේ එම වසරේ ඔක්තෝබර් මාසයේ 15 වැනිදා. මම රැකියාවට බැඳුණු දිනට පසුවදාම රත්ගම ප්‍රදේශයේ පදිංචි මෙන්ඩිස් කියන පුද්ගලයාව වැලිකඩදී එල්ලා මරාදැමුවා. දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහු අතින් පුද්ගලයකු මරණයට පත්වීම නිසා ඔහුට මරණ දඬුවම ක්‍රියාත්ම කර තිබුණා. ඒ මරණ දඬුවම ක්‍රියාත්මක කළ ආකාරය මම සියසින්ම දුටුවා.

ඒ කාලේ මුළු ලංකාවටම හිටියේ අලුගෝසුවෝ දෙන්නයි. ඒ වැලිකඩයි, බෝගම්බරයි. වැලිකඩ සහ බෝගම්බර ළඟට ඒ කාලේ රටේ ප්‍රධාන වශයෙන්ම තිබුණු මහර සහ යාපනය බන්ධනාගාර පමණයි. සාමාන්‍ය බන්ධනාගාර විදියට බදුල්ල, මඩකළපුව සහ මීගමුව ක්‍රියාත්මක වුණා. මට ඉන් පසුව 1969 වසරේ අගභාගයේදී බදුල්ල බන්ධනාගාරයට මාරුවක් ලැබුණා. මම බදුල්ල බන්ධනාගාරයට ගිහින් මාස කිහිපයකට පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර බදුල්ල බන්ධනාගාරයට ගෙනාවා රිමාන්ඩ් සිරකරුවකු විදියට. එතකොට 71 කැරැල්ලක් ගැන කිසිම සඳහනක් තිබුණේ නැහැ. දේශපාලනමය වශයෙන් හම්බන්තොට ප්‍රදේශයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් තමයි විජේවීර සැකකාරයකු ලෙස සිටියේ. වෙඩිතැබීම් සිද්ධියක් මේකට සම්බන්ධයි කියලා තමයි දැනගන්න ලැබුණේ. ඔහු හිටියේ මගේ බාරයේ. විජේවීර මට හමුවුණු බොහෝ අවස්ථාවලදී ඔහු දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගැන මාත් සමග කතා කළා. ඔහු දේශපාලනය ගැන ඉතා ගැඹුරින් කතා කළා. ඔහු මට කියපු සමහර දේවල් මට තේරුණේම නැහැ. ඉන් ටික කාලෙකට පසුව ඔහු නිදහස ලැබුවා. 71 තරුණ නැගිටීමක් ගැන වචනයක් හෝ ඔහු මට කියා තිබුණේ නැහැ. ඔහු නිදහස් වෙලා මාස කිහිපයකට පසුව තමයි 71 කැරැල්ල පටන් ගත්තේ. රෝහණ විජේවීර හමුවෙලා කතා කරන්න ලැබීමත් මගේ රාජකාරි ජීවිතයේ ලැබුණු සුවිශේෂ අවස්ථාවක් විදියට මම දකිනවා. ඒ කාලේ විජේවීර කියන්නේ රටේ බොහෝ ප්‍රසිද්ධ චරිතයක්. ඔහු ගැන නිතරම පුවත්පත්වල විස්තර පළවුණා.

ඊළඟට මට මාරුවීම ලැබුණේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයට. ඒ, 1974 අවුරුද්දේ. එතකොට මම උසස්වීමක් ලබලා හිටියේ. මම බෝගම්බරට එනකොට මරුසිරාත් එක්ක මරණ දඬුවම නියමවූ තවත් සිරකරුවන් හත්දෙනෙක් පමණ එහි රඳවා සිටියා. මේ පිරිස අතරින් ප්‍රසිද්ධම කෙනා තමයි සිරිපාල. ඒ කාලේ මුළු රටම ඔහු ගැන කතා වෙනවා. දරුණු අපරාධකරුවෙක් විදියට රටේ ජනතාවට සිරිපාල එක්තරා ආකාරයේ වීර චරිතයක්ද වුණා. ඔහු රඳවා තිබූ සිර මැදිරිය බාරව තිබුණේ මටයි. මේ නිසා සිරිපාල සමග ඔහු එල්ලා මරන තෙක් සමීපව ආශ්‍රය කරන්න මට අවස්ථාව ලැබුණා. සිරිපාල, මරුසිරා විදියට රට පුරා ප්‍රසිද්ධ වුණාම බොහෝ දෙනා සිතා සිටියේ ඔහු ඉතා උස මහත දේහධාරී පුද්ගලයෙක් කියලයි. ඔහු ඇස් දෙකෙන්ම දකින තුරු මාත් හිතාගෙන හිටියේ ඒ විදියටමයි. දරුණු අපරාධකරුවකු වුණාට බෝගම්බරදී මා නම් ඔහුව දුටුවේ කිසිදු කරදරයක් නැති පුද්ගලයකු ලෙසයි. සිරිපාල කෙට්ටුයි. ගොඩක් උසයි. ඒ වගේම හොඳ කඩවසම් පුද්ගලයෙක්. දැක්කොත් ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ මේ මිනිහා මිනීමරුවෙක්ද කියලා. ඒ තරමටම හොඳ පෞරුෂයක් ඔහුට තිබුණා.

වරක් ඔහු සියදිවි නසාගන්න වෙඩිතබා ගැනීම නිසා ශරීරයේ අවයව කොටසකුත් අඩුවෙලා තිබුණේ. නමුත් ඔහු මනා නිරෝගී තත්ත්වයකින් සිටියා. සිරිපාල එල්ලා මරන දිනය නියම කරන තෙක් රඳවා සිටියේ ‘සී’ කොටසේ 121 දරන කාමරයේ. එය තට්ටු තුනකින් සමන්විත ගොඩනැගිල්ලක්. 71 අප්‍රේල් කැරැල්ලේ වරදකරුවන් වුණු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් මේ ගොඩනැගිල්ලේම රඳවා සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ නායකයකු වන නන්දන මාරසිංහත් මේ පිරිසේ හිටියා. කොහොම හරි අපට නොදැනී සිරිපාලට නන්දන මාරසිංහ ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතා සූක්ෂ්ම විදියට සිරිපාලව ඇසුරු කරලා තිබුණා. ඔවුන්ගේ දේශපාලනික අදහස් සහ න්‍යායන් සිරිපාලට කාවද්දලා තිබුණා. මරණ දඬුවම නියම වූ සිරකරුවකු දැඩි රැකවල් මධ්‍යයේ රඳවා තිබියදී මේ විදියට ඔහු සමග සම්බන්ධතා පැවැත්වූයේ කොහොමද කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක් වුණා.

සිරිපාල රඳවා සිටියේ පහළම මහලේ වුණත් ඊට ඉහළින් රඳවා සිටි නන්දන මාරසිංහලා අවස්ථාවක් ලැබුණු විගස හයියෙන් කතාකර සිරිපාල සමග අදහස් හුවමාරු කරගෙන තිබුණා. මේ අදහස් ලැබීම නිසාම තමයි සිරිපාල මරණයට නියම වන විට වෙනස්ම අදහස් සහිත පුද්ගලයකු බවට පත්වෙලා හිටියේ. මට පැවරිලා තිබුණු රාජකාරිය තමයි සිරිපාල බලාගැනීමට යොදවා සිටි නිලධාරීන් නිසි පරිදි රාජකාරිය කරනවාද යන්න සොයාබැලීම. මොකද මරණ දඬුවම නියම කෙරුණු සිරකරුවකු අවසාන මොහොත දක්වා රැකබලා ගැනීම ඉතා භාරදූර රාජකාරියක්. ඔහුට සේවය සපයන නිලධාරීන් හොර රහසේ මොනවා හරි දෙයක් අරගෙන යනවාද කියන එක සොයා බැලීමත් මට පැවරී තිබුණා. විශේෂයෙන්ම රාත්‍රී වැඩමුර පරීක්ෂා කර බැලීම සිදුකළා. එතකොට බෝගම්බර බන්ධනාගාර අධිකාරී ලෙස කටයුතු කළේ එච්.ජී. ධර්මදාස මහත්තයා. ඒ කාලයේ ලොකු තදබදයක් බන්ධනාගාරයේ තිබුණේ නැහැ. මේ විදියට මරණ දඬුවම් නියම වෙලා සිටින සිරකරුවන් බලන්න ඥාතීන්ට සතියකට එක දවසක් ලබාදී තිබුණා. මට මතකයි සිරිපාල එල්ලා මරනතුරුම රන්මැණිකා ඔහුව බලන්න හැම සතියකම අනිවාර්යයෙන්ම බෝගම්බරට ආවා. මට මතක විදියට රන්මැණිකා කියන්නේ චිත්‍රපටයේ විදියට මාලනී ෆොන්සේකා වගේ ලස්සන ගැහැනියක් නෙවෙයි. ඇය කළු පැහැති ගැහැනියක්. ඇය රූපයෙන් එතරම් ලස්සන නොවුණාට සිරිපාල ඇයට දැඩිව ආදරය කරන්නට ඇති. සිරිපාල එල්ලා මරූ දවසේත් රන්මැණිකා ඒ මරණ දඬුවම බලන්න ඇවිත් හිටියා.

සිරිපාල මුලින්ම අපිත් එක්ක එතරම් හිත හොඳින් නෙවෙයි හිටියේ. මුලදී අපිත් එක්ක කතා කළේම නැහැ. පසුව මාත් සමග තරමක් සුහද වෙලා කතාබහ කරන්න ගත්තා. මම ඔහුට කතා කළේ සිරා කියලා. ඔහු නිතරම කියපු දෙයක් තමයි ‘මම තොපි අතින් මැරෙන්නේ නෑ’ කියන කතාව. ඒ නිසා අපිට ඔහු ගැන විශේෂ අවධානයකින් සිටීමට සිදුවුණා. මොකද ඔහු එල්ලා මරන්න කලින් මොකක් හරි ක්‍රමයකින් සියදිවි නසාගනී කියන සැකය අපට තිබුණා. මේ නිසාම නාන්න අවශ්‍යයි කිව්වාම අපි නාන වතුර ටැංකියේ වතුර භාගයක් හිස් කරලා තමයි ඔහුට නාන්න දුන්නේ. මොකද සිරිපාල මරුසිරා විදියට ඒ කාලයේ මුළු රටේම ප්‍රසිද්ධ චරිතයක් නිසාම ඔහුගේ මරණය සිදුවන ආකාරය ගැන එදා මුළු රටම බලාගෙන හිටියා. සිරිපාල මාත් සමග හිතවත් වුණාට, වරක් ඔහු මා සමග ගැටුමක් ඇතිකර ගත්තා. නමුත් නැවත මා සමග හිතවත් වුණා. මම එහෙට ගිහින් මාස ගණනාවකට පසුව තමයි ඔහුගේ මරණ දඬුවම ස්ථිරවම තීන්දු වුණේ. සතියක් ඇතුළත එල්ලා මරාදමන ලෙස නියෝගය ලැබුණා. ඒ අනුව සිරිපාල එල්ලා මරන දිනය කෙමෙන් කෙමන් ළංවුණා. ඒ, 1975 වසරේ අගෝස්තු මස 05 වැනිදා…’

සිරිපාල එල්ලා මැරීමේ රාජකාරිය එවක වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ කාර්යාල කාර්ය සහායක ලෙස සේවය කළ ලුවිස් සිඤ්ඤෝට පැවරී තිබුණා. සිරිපාල එල්ල මැරීමට අවශ්‍ය ඔහුගේ බරට සමාන වැලි කොට්ටයක්ද සමග මරාදැමීමෙන් අනතුරුව වළදැමීම සඳහා අවශ්‍ය ලී පෙට්ටියක්ද බෝගම්බර සිරගෙදර වඩු මඩුවෙන්ම ඒ වනවිට සාදා තිබුණා. කෙසේ වුවද සිරිපාල හෙවත් මරුසිරා ඇත්තටම එදා එල්ලා මරනු ලැබුවාද, නැත්නම් මරා එල්ලා දැමුවාද යන ප්‍රශ්නය එදා සිට අද දක්වාම පිළිතුරු ලැබී නැති ප්‍රශ්නයක්. නමුත් මරුසිරා මරාදමා වසර 45කට පසුව මේ ප්‍රශ්නයට පිළිගත හැකි පිළිතුරක් සැපයීමට පුද්ගලයකු සිටියා. ඒ, අන් කවරකුවත් නොව මරු සිරා මියෙන තෙක්ම ඔහු බාරව සිටි එවක දෙවැනි පෙළ ජේලර්වරයකු වූ රංජිත් ඒකනායක මහතාය. ඔහු මරු සිරා එල්ලා මැරීම සියැසින් දුටු, දැනටත් ජීවතුන් අතර සිටින බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. ඒකනායක මහතා සිරිපාල ජීවිතය ගතකළ ඒ අවසන් දිනය සම්බන්ධයෙන් තම මතකයන් මෙසේ අවදි කළා.

‘එදා අගෝස්තු 04 වැනිදා. සිරිපාල රඳවා සිටි මැදිරිය පැයෙන් පැයට සෝදිසි කරන ලෙස අපට උපදෙස් ලැබී තිබුණා. ‘තොපි අතින් මම මැරෙන්නේම නැහැ’ කියලා ඔහු නිතරම කියපු කතාව නිසාම අපි නිරන්තරයෙන්ම සිරිපාල ගැන දැඩි අවධානයෙන් හිටියා. 05 වැනිදා අලුයම 1.30ට පමණ ඔහු බුලත් විටක් ඉල්ලාගෙන කාලා නිදාගන්න ගොස් තිබුණා. පසුදාට මරණ දඬුවම ක්‍රියාත්මක වන නිසා සිරිපාල මානසික වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටින්නට ඇති. ඒ නිසාම ඔහු බොහෝ වේලාවක් අවදියෙන් සිට තිබුණා. මරණ දණ්ඩනය සඳහා සූදානම් කිරීමට පාන්දරම ඔහු අවදි කරන්නට ගිය නිලධාරීන් සමග ගියාම මම දුටුවා ඔහු තද නින්දේ පසුවන බව. අවදි කරන්නට උත්සාහ දැරුවත් ඔහු අවදි වුණේ නැහැ. පසුව වතුර ඉහලා බැලුවත් සිරිපාල අවදි වුණේම නැහැ. ඒ නිසා අපි හැමෝම හිතුවේ මරණෙට බියෙන් ඔහු බොරු රඟපෑමක් කරනවා ඇති කියලා.

සිරිපාල ඇහැරවන්න කොච්චර උත්සාහ ගත්තත් ඔහු සිටියේ ඉතා තද නින්දක වගේ ස්වභාවයක. ඔහුට සිදුවූයේ කුමක්ද කියන ප්‍රශ්නය අපට තිබුණා. සිරිපාලගේ මේ හැසිරීම නිලධාරීන් වූ අපට බරපතළ ප්‍රශ්නයක් වුණා. නියම කර තිබූ වෙලාව බොහෝ ඉක්මනට ළඟාවෙමින් තිබුණා. ඒ නිසාම බන්ධනාගාර අධිකාරිවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා තීරණය කළා සිරිපාලව ඔසවාගෙන හෝ ගොස් පෝරකයට රැගෙන යෑමට. ඒ අනුව නිලධාරීන් සිරිපාලව එල්ලුම් ගහ ළඟට ඔසවාගෙන රැගෙන ගියා. උදේ 8.10ට තමයි එල්ලා මරන්න නියම කරලා තිබුණේ. තද නින්දක සිටි නිසා සිරිපාල කෙළින් කරලා තියන්න බැරි වුණා. කෙළින් කරලා තිබුණු ගමන් පණ නැතුව වගේ ඇදගෙන වැටෙනවා. මේ තත්ත්වය අපට විශාල ප්‍රශ්නයක් වුණා. මොහු එල්ලා මරන්න එල්ලුම් ගහ ළඟ සිටවලා තියන්න අමාරුයි. නමුත් කුමන ආකාරයකින් හෝ රජයේ නියමයට අනුව නියමිත වේලාවට ඔහු එල්ලා මැරිය යුතුමයි. ඒ නිසා අපි මේකට විසඳුමක් විදියට ලී කොටයක් ගෙනල්ලා ඒ මත සිරිපාල වාඩිකරලා තමයි මරණ දඬුවම ක්‍රියාත්මක කළේ. ලුවිස් සිඤ්ඤෝ එල්ලුම් ගහේ ලීවරය ඇද්දාම ලී කොටයයි සිරිපාලයි දෙකම එල්ලුම් ගහෙන් පහළට ඇදගෙන වැටුණා. ඒ විදියට තමයි එදා මරු සිරා එල්ලා මැරුවේ. පසුව මළ සිරුර මහයියාව සුසාන භූමියේ එදාම වළදැමුවා…’

රංජිත් ඒකනායක වසර 45කට පමණ ඉහතදී තමන් සියැසින් දුටු ඒ ඉතිහාසගත මරණ දඬුවම පිළිබඳ එසේ විතර කළා.
සිරිපාල එදා තද නින්දකට වැටුණේ කොහොමද?අපිටත් ප්‍රශ්නයක් වෙලා තිබුණු මේ කරුණත් අපි ඒකනායක මහතාගෙන් ඇහුවා.

‘එල්ලුම්ගහට නියම වෙලා ඉන්න සිරකරුවන් වගේම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙලා ඉන්න සිරකාරයෝ නිරන්තරයෙන්ම දැඩිව මානසික පීඩනයට ලක්වෙලා ඉන්නේ. ඔවුන් බලන්න බන්ධනාගාරයේ වෛද්‍යවරයා ආවාම නිතරම කියන දේ තමයි තමන්ට නින්ද යන්නේ නෑ කියන කතාව. මේ නිසා වෛද්‍යවරයා ඔවුන්ට නියම කරනවා ලාගටීන් කියන පෙත්තක් රාත්‍රියට බොන්න. ඒ බෙහෙත් පෙති දෙන්නේ එදාට සිර මැදිරිය බාරව සිටින පිරිමි හෙද නිලධාරියා අතටයි. ඔහු තමයි වෛද්‍යවරයා නියම කරන සිරකරුවන්ට පමණක් එම ඖෂධය ලබාදෙන්නේ. හරි නම් ඒ බෙහෙත දීලා එය සිරකරුවන් බොනතුරු හෙද නිලධාරියා බලාසිටිය යුතුයි. නමුත් එදින රාත්‍රියේ ඒ දෙය නිසි ආකාරයට සිදුවෙලා නැති බව අපට පසුව අනාවරණ වුණා. සිරිපාල දිගටම තමන්ට ලැබුණු ලාගටීන් කියන නිදි පෙති ටික එකතු කරලා එකවර බීලා සියදිවි හානිකරගන්න තියාගෙන ඉන්න ඇති. එහෙමත් නැත්නම් ඔහු එම ටික කාලයකට සමීපව ඇසුරු කළ නන්දන මාරසිංහලා සෙසු සිරකරුවන්ට ලබාදුන් ලාගටීන් පෙත්ත ඉතා සූක්ෂ්මව එකතු කර සිරිපාල අතට පත්කරන්න ඇති. මේ කාරණා දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම සිදුවෙන්න ඇති කියලා මට හොඳටම විශ්වාසයි. මොකද සිරිපාලට දැඩි අවශ්‍යතාවක් තිබුණා බන්ධනාගාර නිලධාරීන් අතින් මරණයට පත් නොවන්න.

නිලධාරීන්ගේ අවසරය මත සිරිපාල සිර ගෙදර සුරතලයට පූසෙක් ඇතිකළා. මේ පූසාගේ බෙල්ලේ ගැටගසා තිබුණු පටියක ඔහු මේ බෙහෙත් පෙති සඟවා තිබුණු බවත් මෙහිදී කියවුණු තවත් කතාවක්. නමුත් එක දෙයක් ස්ථිරවම කියන්න පුළුවන්. ‘තොපි අතින් මම මැරෙන්නේ නෑ’ කියන කතාව ඒ විදියටම ඉෂ්ට කරගන්න සිරිපාල ඒ නිදි පෙති බීලා දැඩි නිද්‍රාවකට පත්වෙලා සිටින්න ඇති කියලා. ඒ නිසා රට පුරාම ප්‍රසිද්ධ වුණේ මේ දරුණු අපරාධකාරයා එල්ල මරන්න කලින් ගහලා මරලා ඉන් පසුව එල්ලලා මැරුවා කියන කතාව. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මොකද සිරිපාල බෝගම්බර සිටි කාලයේදීත් කිසිම ආකාරයකට දරුණු විදියට හැසිරිලා නැහැ. අනෙක ඔහුට ගහලා පලිගන්න නිලධාරීන් කාටවත් අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. ඇත්තෙන්ම සිරිපාල ටික කාලයක් සමීපව ඇසුරු කරන්න ලැබුණු නිසා ඔහුගේ මරණය මගේ හිතට විශාල දුකක් ගෙන දුන්නා. ඒ දුක අදටත් මගේ හිතට දැනෙනවා….’ රංජිත් ඒකනායක මහතා හැඟුම්බරව කියා සිටියා.

රංජිත් ඒකනායක මහතා එදා තමන් සියැසින් දුටු දේ එසේ පැවැසුවද ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න දන්නේ සිරිපාල පමණයි. සිරිපාලගේ මරණය සම්බන්ධයෙන් ඇතිව තිබූ මේ ගැටලුකාරී තත්ත්වය නිසාම එල්ලා මැරීමෙන් පසුව වළදමන ලද ඔහුගේ සිරුර නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටද එවක පැවැති රජයට සිදුවිය. එම මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ එල්ලා මැරුවද සිරිපාලගේ කොඳුඇට පෙළට හානියක් සිදුව නැති බවය. එසේ නම් ඔහු මියගියේ කෙසේද? ඒ ප්‍රශ්නයට පිළිගත හැකි පිළිතුරක් ඇත්තේ කා අතේද? එසේ නොවන තාක්කල් 60 දශකයේ ලංකාවම හෙල්ලූ මරු සිරා නම් වූ මේ දරුණු අපරාධකරුගේ මරණ දඬුවම ඉදිරියටද ප්‍රශ්නාර්ථයක්ම වනු ඇත…

A Mark TV යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

හර්ෂ කට අරී! ගහන්න පටන් ගනී! ඇත්ත එළියට පනී! මෙන්න පළමු එක! පොඩි මිනිහගේ අර්ථසාධකයට කන පැලෙන්න ගහලා ජාත්‍යන්තර ණය හිමියන්ට ලොකු සහනයක් දෙනවා! ජනාධිපති සජිත් යටතේ අපි රට ගොඩගන්නවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මතට තිත තියන්න ආපු හැම ආණ්ඩුවක්ම බාර් පර්මිට් දුන්නා! මත්පැන්-මත්ද්‍රව්‍ය-දුම්වැටි පාසල් ආක්‍රමණය කළා! දැන් දේශපාලඥයන් බිලිබාගන්න බාර් ලයිසන් දීගෙන යනවා! එහෙම දීපු හැම ලයිසන් එකක්ම සජබ රජයක් යටතේ අහෝසි කරනවා! මත්පැන්-දුම්වැටි ප්‍රවර්ධනයට මගේ රජයක් යටතේ ඉඩක් ලැබෙන්නේ නෑ! 41 ලක්ෂයක් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සජිත් ගත් තීන්දුව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.