හෙට (27) සිට ජූලි 03 දක්වා දිනෙකට පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
ඒ සඳහා මහජන උපයෝගීතා කොමෂන් සභාවේ අනුමැතියද හිමිව ඇති අතර, ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 01 යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලය තුළ පැය 01 යි විනාඩි 20 ක විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
CC කාණ්ඩය සඳහා පෙරවරු 6.00 සිට 8.00 දක්වා (ජූලි 2 සහ 3 හැර) පැය දෙකක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර MNOXYZ කාණ්ඩ සඳහා උදෑසන 5.00 සිට 8.00 දක්වා (ජූලි 2 සහ 3 හැර) පැය 03 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.










