ජනතාවට සෞභාග්‍යමත් රටක් නිර්මාණය කරන බවට පුරසාරම් දොඩා බලය ලබාගත් වත්මන් ආණ්ඩුව ජනතාව අන්ත අසරණ තත්ත්වයට ඇද දමා ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජන බලවේග දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන ලබාදීමේ දිස්ත්‍රික් කමිටු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලය අමතමින් විපක්ෂ නායකවරයා අද (26) මේ බව සඳහන් කළා.
එසේම වැඩි මිලට ගෑස් ආනයනය කිරීම හරහා මිලියන ගණනක මහා වංචාවක් සිදුකර ඇති බවද ප්‍රේමදාස මහතා එහිදී අනාවරණ කර සිටියා.










