ඩීසල් මිල ඉහළ නැංවීමත් සමඟ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා හෙට (27) දිනය වන විට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඟහරුවාදා (28) සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජූලි 01 වැනිදා සිට බලාත්මක වන බවත්, ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් මේ වන විට බස් රථ කර්මාන්තය අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවයි.










