• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපානය අල්ලාගත්ත අපේ පොත් මාමා…

June 27, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ජපානය අල්ලාගත්ත අපේ පොත් මාමා…
Share on WhatsAppShare on Facebook

ඉර හඳ අල්ලන්නට පවා ලෝකයා තමන්ගේ සිතැඟියාවන් පෙළගස්වා ඇති වග අරුමයක් නොවන අතර එවන් වූ ලෝකයක බොහෝ ඉසව්හි කන්න යමක් නැති, හිසට වහලක් නැති, තාමත් අකුරු ශාස්ත්‍රයවත් නොදන්නා දරු පැටවු දකින්නට ලැබීම අරුමයකි. ඒ දරුවන් වෙනුවෙන් පරමවූ ආදරය කරුණාව දිය යුතු පාලකයන් සමාජය අඳුරු වලාවන්ගෙන් පුරවා සමස්ත අනාගතයම සුන්නධූලි කරමින් සිටීම සමස්ත මනුෂ්‍යත්වයම විඳවන්නා වූ ඛේදවාචකයකි. එවන් අඳුරු ගුහාවක දිදුළන පහන්සිළු තමන්ගේ අතින් දල්වන්නට හිතෙන මිනිසුන් දුලබ වන අතරම ඒ මිනිසුන් උදෙසා විශ්වය විසින් කොන්දේසි විරහිතව තම බලය කාවද්දනු ලබයි. පහුගියදා එවන් කතාවක් කන වැකුණේ ලංකාව හා ජපානය සම්බන්ධ වන පුවතක් හරහාය.

මේ කතාව ලියැවෙන්නේ රටේ සාමාන්‍ය තරුණයකු ගැනය. සැැබවින්ම ඔහු ගැන අපේ අවධානය අවම වුවද ඔහු ගැන අද ජපානයේ පාඩම් පොතකට ඇතුළත් වී ඇත. මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ට මේ ලෝකයේ කොහේ හෝ තැනක සැබෑ වටිනාකමක් ලියැවී තිබෙන වග විශ්වාස කරන්නට ඔහු අනර්ඝතම උදාහරණයක් වී අවසානය. ඔහු පොත් පෙට්ටියක් තම මෝටර් බයිසිකලයේ බැඳගෙන ගමින් ගමට ගොස් කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා කියවීම හුරු පුරුදු කොට සාරවත් සමාජයක් ගොඩනගනන්ට පාහින්පත් තැබුවේය. ඒ ගමන තනි මිනිසකුගේ එක සිතුවිල්ලක් ලෝකයටම රැගෙන යාමේ මහා හාස්කමක් බවට පත්විය.

නමින් ඔහු මහින්ද දසනායකය. ඔහු ඉපදෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමක වන අතර ඉගෙනීම ලබන්නේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලයෙන් හා කෙහෙල්වත්ත මහා විද්‍යාලයෙනි. උසස් අධ්‍යාපනය ලබන්නේ රජරට විශ්වවිද්‍යාලයෙනි. 2014 වසරේදී ඔහු තම නිදහස් අධ්‍යාපනයේ මහාර්ඝතම ඵලය මේ රටේ කුඩා දරුවන් උදෙසා කැප කරන්නට සූදානම් වන්නේ ළමාරක්ෂණ නිලධාරියකු ලෙස රැකියාව භාරගනිමිනි.

මහින්දගේ රැකියාවේ මුල්ම සේවා පදාසය වෙන්වන්නේ වතු ගම්මාන ආශ්‍රිතවය. ඒ අත්දැකීම් ඔහු කම්පනයට පත්කරන්නට විය. තමන්ගේ රැකියා කාලයෙන් ඔබ්බට මේ දරුවන් වෙනුවෙන් කළ හැක්කේ මොනවාදැයි කල්පනා කරන්නට විය. මහින්දගේ තරුණ සිත උදේ හවා ප්‍රශ්න කරන්නට වූයේ තමන් එදිනෙදා දකින දුක්ඛිත මල් කැකුළුවල අසරණ බව සුළුවෙන් හෝ පළවා හරින්නට කළ හැකි දේ කුමක්ද යන්නයි. ඒ අනුව ඔහු එක අදහසක් ක්‍රියාත්මක කරන්නට විය. ඒ තමන්ගේ විවේක කාලය මේ දරු දැරියන්ට පොත් කියවීමට හුරුකිරීමටය. ඒ සඳහා ඔහු කිසිවකුගේ අතහිත බලාපොරොත්තු වූයේ නැත. තමන්ගේ දැනුම ආකල්ප, උත්සාහය, ධනය ඒ සඳහා යොදාගත් අතර තමන්ගේ මෝටර් සයිකලයට ලී පෙට්ටියක් සවිකරගත් ඔහු එය පුරවාගත්තේ විවිධ විෂයන්ට අයත් පොත්පත්වලින් සහ ළමා කතා පොත්වලිනි. එතැන් පටන් හැම හැන්දෑවකම ඔහු කෑගල්ලේ දුෂ්කර ගම්මාන සොයා තම බයිසිකලයෙන් යන්නට විය. දැන් ඔහුව බොහෝ දෙනකු දන්නේ මහින්ද දසනායක ලෙස නොව ‘පොත් මාමා’ ලෙසය. මහින්දගේ ‘පොතයි මමයි’ සංකල්පය මුළු ලංකාවම වැලඳගන්නට විය. ඒ ගමන් පොත්පත් කියවන්න පමණක් නොව කුඩා තරුණ මහලු මිනිසුන් දිරිමත් කිරීමේ චිත්‍රපට පෙන්වීමට පවා අවස්ථාවක් කොට ගත් ඔහු හන්දි ගානේ කුඩා පුස්තකාල ඇති කරන්නටද කටයුතු කරන්නට විය.

පුදුමය නම් මේ පොත් පෙට්ටියක් බැඳගෙන හැන්දෑකරයේ හන්දි ගානේ ඉන්නා ඔහු තමන්ගේ පවුලේ කෙනකු කරගන්නට තරම් ඒ ලොකු කුඩා සියලු මිනිසුන්ද දයාබර වීමය. මොහුගේ ගමන ඉතා ඉක්මනින් ජනප්‍රිය වන්නට විය. ඒ ගමන විවිධ ගම්මාන මෙන්ම දිස්ත්‍රික්කද අතික්‍රමණය කරන්නට වූයේ වියළි බිමකට වැටෙන සිහිල් දිය රොදක් වෙමිනි. මහින්ද දකුණේ පමණක් නොව උතුරේද වෙසෙන්නේ තමන්ගේ මිනිසුන් බව විශ්වාස කරමින් යාපනය, ත්‍රිකුණාමලය ආදී දුර ගම්මානද සොයා ඔහු තම පොත් රැගෙන ගමන් කළේය. යාපනය සරසවියේ සිංහල, දෙමළ, මුස්ලිම් සිසුන් ඔහු සමග සිට ගන්නට විය. එහි එකම වෙනස නම් ඒ ගම්මාන කරා යන ගමනේදී ඔහුගේ පොත් පෙට්ටිය බර පොත් බෑග් තුළට මාරු වීමය. ගමන දුම්රියට භාර වීමය.

උතුරේ මිනිසුන්ට මෙන්ම කඳුකරයේ වෙසෙන දරුවන් උදෙසාද තම මෙහෙවර දියත් කිරීමට සිතුූ ඔහු පහුගිය කාලයේ හැටන්, තලවකැලේ, නුවරඑළිය ආදී ප්‍රදේශ කරා තම බයිසිකලයෙන් ගියේ එහි වතුවල වෙසෙන දරුවන්ටද මේ පොත් කියවීමේ සංකල්පය තෑගි කරන්නටය. ඒ යන එන ගමන් ඔහු අහිංසක දරුවන්ගේ විවිධ අවශ්‍යතා සඳහා සහාය දීම මෙන්ම ඒ දරුවන්ගේ දක්ෂතා සඳහා නිවැරදි මඟ පෙන්වීම් හා දිරිගැන්වීම්ද සිදු කරන්නේය. ඔහුට ඒ සඳහා එදා මෙන් නොව දැන් දැන් දෙස් විදෙස් හිත මිතුරන් රැසක් ඔවුන්ගේ කාරුණික අනුග්‍රහය දක්වා සිටී.

පහුගියදා ඔහු ලෝකයේ සියලු දරුවන් වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් මෙන්ම ළමා අවිහිංසාව පිළිබඳ දැනුවත් කරමින් කෑගල්ලේ සිට පාගමනින් කොළඹ දක්වා ආවේය. මිනිසුන් මිනිසුන්ට ආදරේ කළ යුත්තේ කෙසේදැයි තමන්ගේ අව්‍යාජ ක්‍රියාවලිය තුළින් ලොවට කියමින් සිටින මහින්ද පිළිබඳ ලෝකයේ විවිධ මාධ්‍යවල පළවුණු අතර පසු ගියදා ඒ සියල්ල අභිභවා ගිය අපූරු යමක් සිදුවිය. ඒ තාක්ෂණය, ශික්ෂණය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී සියල්ලෙන් අගතැන්පත් රටක් වන සකුරා දේශයේ දරුවන්ගේ පොතකට අපේ මහින්ද දසනායක හා ඔහුගේ ආදරණීය කාර්යය පිළිබඳ ඇතුළත් වීමයි. මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘The Week’ නම් සඟරාවේද මහින්දගේ ‘පොතයි මමයි’ වැඩසටහන පිළිබඳ පළවිය.

එහි පිටු ගණනාවක මහින්ද දසනායක නම් ආදරණීය මිනිසා පිළිබඳ සඳහන් වෙයි. ඒ පිළිබඳ අන්තර්ජාලය හරහා කියවන්නට පවා අවස්ථාව ලබාදී ඇත.

එහි අපේ පොත් මාමා ගැන සඳහන් වන්නේ ‘Library on Wheels’ යන මාතෘකාව යටතේය. ඒ පාඩම අවසාන ප්‍රශ්නාවලියක්ද ජපන් බසින් හා ඉංග්‍රීසි බසින් සඳහන් කොට ඇත. මේ විස්තර සඳහන් වන්නේ ජපානයේ මිනිසුන් අගය කිරීමේ කලාව මනුෂ්‍යත්වයේ ආදරණීය කලාවක් බව අපට පෙර ජපානය වටහාගෙන ඇත. එවන් රටවල් සියල්ලෙන්ම අපිට වඩා ඉදිරියට යා හැකි රහසද එය වන්නේය.

අප ආඩම්බර විය යුත්තේ ලෝකයේ උසම සිමෙන්ති කුලුන හෝ ලොකුම සිංහ රුව සෑදීමෙන් නොව, මෙවන් මිනිසුන්ගේ විශාල හදවත් ගැන සිතීමෙනි. මීට අවුරුදු ගණනකට පෙර ජපානයේ පාඩම් පොතකට ගිය මුල්ම මිනිසා වූයේ මැරතන් ශූරයකු වූ රණතුංග කරුණානන්ද හෙවත් ‘මැරතන් කරූය’.

ඒ 1964 වසරේ ජපානයේ ටෝකියෝවේ පැවැතී ගිම්හාන ඔලිම්පික් තරගයට සහභාගි වී දිගුදුර දිවීමේ ඉසව්ව ඔස්සේ ඔහුගේ වීර්යවන්ත බව හා පරාජයට වුව ගෞරවයක් ඇතිවග සනාත කරමින් තරගය අවසාන කළ ක්‍රීඩකයා ලෙස සියලු ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර විය. ඔහුද පසු කලෙක ජපන් දරුවන්ගේ පෙළපොතකට ඇතුළත් වූ අතර එසේ ජපන් පෙළපොතකට ඇතුළත් වූ මුල්ම ශ්‍රී ලාංකිකයා වූයේ කරුණානන්දය. එසේ එහි පොතකට එක් වූ දෙවැනියා වන්නේ මහින්ද දසනායකය.

ඒ පිළිබඳ මහින්ද දැක්වූයේ මෙවන් අදහසකි.

‘අපි ලෝකය අපිට දීපු සොඳුරු දෑ අපේ දරුවන්ට දිය යුතුයි වගේම අපි ලෝකයෙන් ලඳ අඳුරු දුක් කම්කටොළු අපේ දරුවන්ට ඇස නොගැසෙන සමාජයක් උරුම කරන්නට වග බලාගන්න ඕනේ. අපිට මේ රටේ දීපු නිදහස් අධ්‍යාපනය තවදුරටත් දියුණු කරලා මේ දරුවන්ට දායාද කරන්න ඕනේ. මේ දරුවන් අහිංසක මල් කැකුළු බව මතක තියාගෙන අපි අපේ හැම කාර්යයක්ම සිදුකරන්න ඕනේ. දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරන්න ඕනේ. මට මගේ රැකියාව මේ දරුවන්ට සේවය කරන්න ලැබුණු වාරයක්. ඒක පැය අටකින් නිමා කරන්න මම කැමති නෑ. ඒ නිසාමයි පොත් පෙට්ටියක් අරන් ගමින් ගමට යන්නේ. මට දැන් ඒ හැමෝම මගේ දරුවෝ හා සමානයි. අනික මම ගෙනියන පොත් කියවන්න වැඩිහිටියොත් බලාගෙන ඉන්නවා.

ඒ වෙනුවෙන් උදව් කරන්න ආදරණීය මිත්‍රයොත් මට උදව් උපකාර කරනවා. අපිට තාමත් සුන්දර හෙටක් ගැන බලාපොරොත්තු තියාගන්න ඒ සොඳුරු මිනිසුන් අපිට කියනවා.’

හිත ඇත්නම් පත කුඩාද? කිසිවක් නොකර සිටීමට වඩා තමනට හැකි පරිමාණයෙන් එය සිදු කිරීම කොපමණ උතුම් ක්‍රියාවක්ද? හැම ගංගාව ක්ම ආරම්භ වන්නේ කුඩා දිය උල්පතකිනි.

එසේ නම් ඒ ආරම්භයට මහින්දලාගේ කතාව සොඳුරුම ආදර්ශයක් වග ජපානය අපිට කියාදී ඇත. මෙවන් කතා ගැන ලංකාවේ අපි තවමත් දක්වන අවධානය මදිපාඩු වග හැඟේ.

සඳරැසී සුදුසිංහ

SendShareShare
Previous Post

ලෝකෙ වටේ යන සංචාරය ඇරඹේ! තෙල් හොයන්න කංචන අද කටාර් යයි! ඇමැතිවරු දෙන්නෙක් රුසියාවට යන්නත් සූදානම්!

Next Post

විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරපු දවසේ දිනේෂ් අලුත් ජන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා! අස්සන් කරලා තියෙන්නේ පොහොට්ටුවයි-දේවානන්දයි විතරයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.