• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසි ඇතුළේ කචල් වැඩිවෙයි! මාළඹේ පොලිසිය ඇතුළේ සැරයන් කෙනෙක් OICට වෙඩි තියන්න ගියා! දැන් අනුරාධපුරේ SSP කෙනෙක් එක්ක සැරයන් කෙනෙක් කුණුහරුපෙන් බැනගෙනලු! I Sri Lanka Latest News

June 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වැඩ කරන්න දෙන්නෙ නෑ! අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ SSP තිලකරත්න අයින් වෙයි!
Share on WhatsAppShare on Facebook

විනය හේතුවක් මත ස්ථාන මාරු කරන ලද පොලිස් සැරයන්වරයකු විසින් එම ස්ථාන මාරු වීම අවංගු කරන ලෙස ඉල්ලා පැමිණ තමාට මරණීය තර්ජනය කළ බව අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජේ. පුෂ්පකුමාර මහතා අනුරාධපුර පොලිස් ස්ථානයට පෙරේදා (15) පැමිණිල්ලක් කර තිබේ. Sri Lanka Latest News

අනුරාධපුර හුරීගස්වැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින දිසානායක නමැති සැරයන්වරයාද කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තමාට බැණ තර්ජනය කළ බවත්, එහිදී තමාද පෙරළා ඔහුට බැණ වැදුණු බවත් සඳහන් කරමින් අනුරාධපුර පොලිසියට පැමිණිලක් කර ඇත.

මේ සිදුවීම වී ඇත්තේ පසුගිය 12 දාය. පොලිස් සැරයන්වරයා පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින කාන්තා නිලධාරිනියක සමඟ සමීප සම්බන්ධයක් පවත්වන බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබී තිබුණු වාර්තාවක් පදනම් කරගෙන හුරීගස්වැව පොලිස් ස්ථානයේ සිට මේ නිලධාරියා විලච්චිය පොලිස් ස්ථානයට මාරු කර යවා ඇත. මේ නිලධාරියාට ස්ථාන මාරුවීම දී ඇත්තේ සේවා අවශ්‍යතා මත යැයි කියාය. ඔහු මේ ගැන විමසීමට පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණ ඇත්තේ සිය බිරිය සමඟිනි. එහිදී පැය ගානක් ඔවුන් දෙදෙනා රස්තියාදු කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මුණගැසීමට අවස්ථාවක් දී නැත. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව මුණගැසීමට ඔහුගේ පෞද්ගලික සහකාර පොලිස් නිලධාරියාට පවසා ඇතත් එම නිලධාරියා පවසා ඇත්තේ මෙම ස්ථානමාරු වීම කිසි සේත් අවලංගු නොකරන බවයි. අවසානයේදී පොලිස් අධිකාරි කාර්යාලයේ සේවයේ නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවකගේ මැදිහත් වීමක් මත පැය 5කට පමණ පසු සැරයන්වරයාට පොලිස් අධිකාරිවරයා මුණගැසීමට අවස්ථාව ලැබී ඇත.

එහිදී මේ සැරයන්වරයා පොලිස් අධිකාරිවරයාට පවසා ඇත්තේ අදාළ නිලධාරිනිය සමඟ තමාගේ අනියම් සම්බන්ධයක් නැති බවත්, ඇය තම ඥාතිවරියක බවත්ය. ඒ බව පොලිස් නිලධාරියාගේ බිරිය පවා පොලිස් අධිකාරිවරයාට පවසා ඇත. එහිදී පොලිස් අධිකාරිවරයා මේ ස්ථාන මාරු වීම කිසි සේත් අවලංගු නොකරන බව පවසා ඇති බව සඳහන්ය. එවිට මේ නිලධාරියා පවසා ඇත්තේ විනය හේතුවක් මත තමාට ස්ථාන මාරු වීමක් කරන්නේ නම් එය සඳහන් නොකර සේවා අවශ්‍යතා යැයි කියමින් ස්ථාන මාරු දීම සිදු කළේ මන්දැයි කියාය. එහිදී දෙදෙනා අතර උස් හඬින් බහින්බස් වීමක් සිදුව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ සැරයන්වරයා බිරිය සමඟ සිය කාර්යාලට ඇතුළු වී උස් හඬින් අමතමින් ස්ථාන මාරු වීමක් කළේ ඇයිදැයි විමසමින් ඔහු අත වූ කොළ කිහිපයක් මේසය මතට විසි කළ බවයි. අනතුරුව සැරයන්වරයා තමාට තර්ජනය කරමින් ස්ථාන මාරු වීම් කිරීමට හේතුව විමසමින් එම ස්ථාන මාරු වීම අවලංගු කරනවාද? නැද්ද? යන්න විමසා සිටි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසා ඇත. තමා මේ ස්ථාන මාරු වීම සිදු කළේ හුරීගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයාට කළ දැනුම් දීමකට කළ විමර්ශනයකින් අනතුරුව තමාට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව බව සැරයන්වරයාට පැහැදිලි කර දුන් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. ඒ අවස්ථාවේදී මෙම සැරයන්වරයා ප්‍රකෝප වෙමින් තමාට පරුෂ වචනයෙන් බැණ වැදී මරණීය තර්ජන කළ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ පැමිණිල්ල කර ඇත්තේ සැරයන්වරයා විසින් කළ පැමිණිල්ලට පසුවය. මේ පැමිණිලි දෙකම සම්බන්ධයෙන් අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති මඟින් විමර්ශනයක් පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අසභ්‍ය ලෙස බැණ වැදුණු බවට වූ තවත් පොලිස් නිලධාරිනියක විසින් කළ පැමිණිල්ලක්ද අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති යටතේ මේ වන විටත් විමර්ශනයට ලක් වෙමින් ඇති බවද මේ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

මාළඹේ පොලිසිය ඇතුළෙදිම ස්ථානාධිපතියි සැරයනුයි ලොකු වලියක්! සැරයන් පිස්තෝලය අරන් වෙඩි තියන්නත් ගිහින්! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

JR ජනමතයක් තියලා අවුරුදු 12ක් රට පාලනය කළා වගේ රනිල්ටත් ජනමතයක් තියලා අවුරුදු 12ක් රට පාලනය කරන්න දෙන්න ඕනේ! UNP උපසභාපති වජිර කියන්නේ! Sri Lanka Latest News

Next Post

සල්ලි අපේ උන්ගෙ බලේ රෝසි සැපේ I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.