• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි අපේ උන්ගෙ බලේ රෝසි සැපේ I Sri Lanka Latest News

June 19, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රෝසි සේනානායක (විවාහයට පෙර රාමනායක) ශ්‍රී ලංකාවට නොමද කීර්තියක් ගෙනදුන් කාන්තාවකි. 1980 ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකා රූ රැජින ලෙස සහභාගි වූ ඇය, 1981 වසරේ ආසියානු පැසිෆික් රූ රැජින වූවාය.(Sri Lanka Latest News)

එහෙත් රෝසි ලෝකය පුරා ප්‍රකට වනුයේ 1985 ලෝක විවාහක රූ රැජින ලෙස අහිෂේක ලැබීමත් සමගය. ඉන් අනතුරුව සිනමාවට පිවිසි ඕ ‘සුරදූතියෝ’ ඇතුළු සිනමා පට කිහිපයක රංගනයට දායක වූවාය. එදා රටට ආඩම්බරයක් ගෙනා ආ රෝසි පිළිබඳ මෙවැනි ලිපියක් ලියන්නට වේයයි ලියුම්කරු කවදාවත් සිතුවේ නැත.

එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු දේශපාලනය වෙළාගෙන පවතින දූෂණ, අක්‍රමිකතා නිසා විවිධ ක්ෂේත්‍රයන්හි කැපීපෙනෙන චරිත බවට පත්වී පසුව දේශපාලනයට පිවිසි බොහෝ දෙනකු පත්වන අවාසනාවන්ත තත්ත්වයට මේ වන විට රෝසි සේනානායකද පත්වෙමින් සිටී.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය අරඹන රෝසි, 2015 මැතිවරණයෙන් පරාජයට පත්වුවද තව දුරටත් දේශපාලනයේ නිරත වූවාය. 2018 පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණයෙදී කොළඹ නගර සභාවට තරග කරන ඇය, මැතිවරණය දිනා කොළඹ පුරපතිනිය බවට පත්වන්නීය. එහෙත් ඈ නගරාධිපති ධුරයට පත්වූ මුල් යුගයේ සිටම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූවාය.

වරක් සිය නිල නිවෙසේ වැසිකිළිය අධික මිලක් වැයකර අලුත්වැඩියා කළ බවට ඇයට චෝදනා එල්ල විය. එහෙත් පසුගිය මාර්තුවට දින නියමව තිබී මේ වනවිට කල්දමා ඇති පළාත් පාලන මැතිවරණයේදීද කොළඹ මහ නගර සභාවට එජාපයෙන් තරග කරන කණ්ඩායමේ නායිකාව වූයේ ඇයයි.

ධුර කාලය අහෝසි වූ පසු පළාත් පාලන ආයතන නියෝජිතයන් සිය නිල වාහන, නිවාස ආදිය නැවත භාරදිය යුතු නමුත් රෝසි එසේ නොකළ බවට සමජ මාධ්‍යයන්හි චෝදනා පළවන්නට විය. එමතුදු නොව පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දී තිබියදී දේශපාලන සදාචාරයේ සියලු සීමාවන් උල්ලංඝනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාදුන් ‘ජනාධිපති පළාත් පාලන ආයතන උපදේශක’ නම් දේශපාලන පත්වීම භාරගන්නට ඇය ඉදිරිපත් වීම පවා ඇගේ කීර්තියට සිදුවූ හානියකි.

එකී ආන්දෝලනාත්මක පත්වීම ලබාගෙන දින දෙක තුනක් යන්නට මත්තෙන් රෝසි සේනානායක යළිත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන්නට වූවාය. මෙවර වාර්තා වූ ප්‍රධාන පුවත වූයේ නගරාධිපතිනියක ලෙස ඕ සිය බලය අවභාවිත කර ඇති බවය.

කොළඹ පුරපතිනිය ලෙස කටයුතු කළ කාලයේ ඇයගේ නිල නිවෙසේ විදුලි බිල ගෙවා ඇත්තේ කොළඹ මහ නගර සභාවෙනි. විදුලි ගිණුම් අංක 0794414982 යටතේ පුරපති නිල නිවෙසේ විදුලි සබඳතාව ක්‍රියාත්මක වෙයි. නගරාධිපතිනිය ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව රෝසි සේනානායක එම නිවෙසේ පදිංචිවනුයේ 2018 මාර්තු මාසයේදී පමණය.

එම වසරේ මාස 9ක් සඳහා පුරපතිනියගේ නිල නිවෙස සඳහා නගර සභාව ගෙවා ඇති විදුලි බිල රුපියල් 143,052.95කි. 2019 වසර සඳහා රුපියල් 115,2509.20ක්ද, 2020 වසර සඳහා රුපියල් 220,9039.89ක්ද පුරපතිනියගේ නිල නිවෙස වෙනුවෙන් නගර සභාව විදුලි බිල ලෙස ගෙවා ඇත. එම මුදල 2021 දී රුපියල් 216,366,7.40කි. 2022 දී රුපියල් 242,8032.06ක් දක්වා ඉහළ යන අතර, 2023 වසරේ මුල් මාස 3 සඳහා පමණක් විදුලි බිල ලෙස රුපියල් 947,254.06ක මුදලක් ගෙවා ඇත.

ඒ අනුව 2018 සිට 2023 දක්ව කොළඹ මහනගර සභාව පුරපතිනි රෝසි සේනානායක වෙනුවෙන් ගෙවා ඇති සමස්ත විදුලි බිල රුපියල් 90,43533කි. මේ අනුව ඇය මසකට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න විදුලි පරිභෝජනයක් සිදුකර ඇති බව පෙනේ. මේ දැවැන්ත විදුලි පිරිවැය මහනගර සභාව විසින් දරනුයේ පුරපතිනි වෙනුවෙන් දරනා සෙසු වියදම්වලට අමතරවය.

පුරපතිනි රෝසි සේනානායකගේ වියදම් අධික පැවැත්ම විදුලි බිල සඳහා සිමාවන්නක් නොවේ. තවත් බොහෝ කාරුණු කාරණා අතින් ගත්තද එය සීමාවන් ඉක්මවා යයි. ඊට හොඳම උදාහරණය පුරපතිනී නිල නිවෙස සහ ගෙමිදුල පිරිසිදු කිරීමට කොළඹ මහ නගර සභාව දරා ඇති වියදමය. නගර සභාව විසින් අනුමත කර ඇති නිල ප්‍රතිපාදනවලට අනුව පුරපති නිවෙස සඳහා සේවකයන් 04 දෙනකු යොදාගත හැකිය.

එහෙත් වත්මන් පුරපතිනිය එකී ප්‍රතිපාදනයන් ඉක්මවා යමින් නගර සභාවේ සේවකයන් 03 දෙනකු සහ නගර සභාවේ නොවන, පිරිසිදු කිරීමේ සේවාවන් සපයන ආයතනයක සේවකයන් 09 දෙනකු 2021 පෙබරවාරි 06 වැනිදා සිට සිය නිල නිවෙසේ පිරිසිදු කිරීම් සඳහා යොදාගෙන ඇත. ඒ අනුව ඇය සිය නිල නිවෙසේ පිරිසිදු කිරීම් සඳහා පමණක් සේවකයන් 12 දෙනකු යොදාගෙන ඇත.

ඒ වෙනුවෙන් කොළඹ මහ නගර සභාව ගෙවා ඇති මුළු මුදල රුපියල් 15,107,894.20කි. ඊට අමතරව ගෙමිදුල ඇමදීම සහ එහි පිරිසිදු කිරීම් වෙනුවෙන් කොළඹ මහ නගර සභාව දරා ඇති මුදල රුපියල් 909,000.00කි.

පුරපති නිවෙස වෙනුවෙන් ජල සම්බන්ධතා දෙකක් භාවිත කර ඇති අතර, ඒ වෙනුවෙන්ද දැවැන්ත වියදමක් දැරීමට කොළඹ මහ නගර සභාවට සිදුව ඇත්තේය. ඉන් පැරැණි සබඳතාව ගිණුම් අංක 10/14/352/251/11 යටතේ ක්‍රියාත්මක වන අතර, එම සබඳතාව වෙනුවෙන් 2018 වසරේ මාර්තු මස සිට 2023 මාර්තු මස තෙක් කොළඹ මහ නගර සභාව ගෙවා ඇති ජල බිල රුපියල් 91856.00කි. පුරපති නිල නිවෙසට තවත් ජල සැපයුමක් 2021 වසරේ ලබාගෙන ඇත. එහි ගිණුම් අංකය 10/14/352/251/11 වන අතර 2021 සිට 2023 මාර්තු දක්වා එම ජල සබඳතාවය වෙනුවෙන් කොළඹ මහ නගර සභාව ගෙවා ඇති මුදල රුපියල් 802,645.00කි.

මේ අනුව බලනා කළ පුරපතිනිය වෙනුවෙන් කොළඹ මහ නගර සභාව ජල සබඳතා දෙකක්, විදුලි සබඳතා එකක් සහ පිරිසිදු කිරීමේ සේවකයන් 12 දෙනෙක් වෙනුවෙන් පමණක් 2018 මාර්තු සිට 2023 මාර්තු දක්වා වැය කර ඇති මුදල රුපියල් 25,954,928.00කි. ‍රට මේ තරම් දරුණු අර්බුදයක ගිලී සිටින සමයක මේසා දැවැන්ත මුදලක් එක තැනැත්තියක් වෙනුවෙන් වැයකිරීම වූ කලී බරපතළ අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම දැවැන්ත මුදල් අපහරණය පිළිබඳ මේ වන විටත් අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිසමට පමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

එහි තීන්දුව ඉදිරි අනාගතයේ ලැබෙනු ඇත. එම තීන්දුව කුමක් වෙතත් මහජන සේවයට දේශපාලනයට එන පුද්ගලයන් මහජන මුදලින් නඩත්තු කිරීම තවදුරටත් සාදාරණීකරණය කළ යුතු නොවේ. මේ සටහනේ අරමුණ හිටපු පුරපතිනිය විවේචනය කිරීම නොවේ. අනාගතයේ මෙම ධුරයට පත්වන ඕනෑම කෙනෙක් මේ ආකාරයෙන් තම සුඛ විහරණය සඳහා මහජන මුදල් වැයකිරීම නතර කිරීම මෙහි අරමුණ වෙයි. (මෙම ලිපියේ අඩංගු සංඛ්‍යාලේඛන සියල්ල 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ශ්ව කිහිපයක් විසින් ලබාගත් විස්තර පදනම් කරගෙන ලබාගත් ඒවාය)

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Sri Lanka Latest News
Sri Lanka Latest News
Sri Lanka Latest News
Sri Lanka Latest News
SendShareShare
Previous Post

පොලිසි ඇතුළේ කචල් වැඩිවෙයි! මාළඹේ පොලිසිය ඇතුළේ සැරයන් කෙනෙක් OICට වෙඩි තියන්න ගියා! දැන් අනුරාධපුරේ SSP කෙනෙක් එක්ක සැරයන් කෙනෙක් කුණුහරුපෙන් බැනගෙනලු! I Sri Lanka Latest News

Next Post

ගත්ත ණය ගෙවාගන්න බෑ ! තරුණයෙක් ලියුමක් ලියා තබා දිවි නහගෙන ! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.