මාළබේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයා හට එහි සැරයන්වරයෙකු පොලීසිය තුළදී ගිනිඅවියකින් වෙඩිතැබීමට උත්සාහ කර තිබේ. Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ, ඔවුන් දෙදෙනා අතරවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බවය.
පසුව පොලීසියේ සිටි සෙසු නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබුණි.
අනතුරුව අදාළ සැරයන්වරයා පොලිස් ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.
අදාළ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට ද පොලීසිය පියවරගෙන තිබේ.










