දුපතකට ළඟා වෙන්න මුහුදු මැදින් බෝට්ටු බස් එකේ කුතුහලය පිරුණු ගමනක්. පළමුවැනියටම කියන්න හිතුණේ කෝවිලක් ගැන ඔන්න. නන්තිව් දූපතේ පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය මධ්‍යයේ පිහිටා ඇති පුරාණ හා හින්දු ඓතිහාසික හින්දු කෝවිල කැපවී ඇත්තේ නාගපූසානී අම්මාන් දේවියටය.
එදා නකදිව අද නාගදීපයයි.
යාපනය අර්ධද්වීපය නම් බුදුන් පහස ලත් බෞද්ධ උරුමයන් බොහොමයකට උරුමකම් කියන ශ්‍රී ලංකා අර්ධද්වීපයේ වූ තවත් එක් පූජනීය වන්දනීය භූමියකි. යාපනය අර්ධද්වීපය එදා හඳුන්වා ඇත්තේ ‘නකදිව’ හෙවත් ‘නාගදීපය’ ලෙසයි. නමුත් අද වන විට අර්ධද්වීපයට නුදුරු නයිනතිව් දූපත ‘නාගදීපය’ ලෙස හදුන්වනු ලබයි.
වංශකතාවට අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර පහකට පසු බක් මස අමාවක පුන් පොහෝ දිනයක දෙවැනි වරට ලංකාවට වැඩියේ නාගදීපයටයි. ඒ මන්ද නාග ගෝත්‍රිකයන් වූ මහෝදර හා චූලෝදර යන නා රජුන් අතර මිණි පළඟක් නිසා හටගත් මහා සංග්‍රාමය නවත්වාලීමේ අරමුණෙනි. සංග්‍රාමය සමතයකට පත් කළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නාරජුන් දෙපළ සංග්රාම භූමියේදීම යුද්ධයට නිමිති වූ මිණි පළඟ පූජා කරන ලදී. බුදුන්වහන්සේ වැඩසිටි ජේතවනාරාම භූමියේ වූ කිරිපළු නුග රුකට අරක්ගත් සමිද්ධ සුමන නම් වෘක්ෂ දේවතාවා පොළවෙන් උදුරාගෙන සේසතක් මෙන් ඉහළාගෙන පැමිණි කිරිපළු නුග රුකද නා රජුන් හට පූජා කරන ලදී. පසුව නා රජුන් දෙපළ කිරිපළු රුක පිහිටුවා මිණි පළඟද තබා කිරිපළු සෑය නොහොත් රාජායතන චෛත්‍යය ඉදිකරවන ලද බව වංශකතාවේ සඳහන් වේ.
පුන්කුඩතිව් දූපත් සංචාරක හුදෙක්ම යටගිය දශක තුනක අඳුරු මතකයන් නැවත සිහි කැඳවීමකි. ඩෙල්ෆ්ට්, මන්නාරම් සංචාරවලදී දුටු ‘පෙරුක්ක මරම්’ නොහොත් බයෝබැබ් ගස දැකීමට වඩා එහා ගිය බොහෝ දේ මෙසේ මා කැමරා කාචවල සටහන් විය. ලිවීමට බොහෝ දේ ඇතත් සිතීමට ඉඩ හරිමි.
යළි ඉපදීම
සියල්ල හමාර කළා මෙන්
කතා කරමින් සිටින්නාවු එම පාරවල්වලයි
තවමත් මා
ඇවිදෙන්නෙමි බඩ ගාමින්
කළු ගොළුබෙල්ලෙකු මෙන්
පෙර දවසක්දා අවසානයේ දී
ආශ්වාස කළ
මරණයේ දුර්ගන්ධය
තවමත් මාගේ නාසය කසයි
කාලයාණනි,
මා හිත මිතුරාණනි
‘පිණ්ඩය’ දිය කරමින් හඬා බෙරිහන් දෙන
මාගේ මවට කියන්න
නැට්ට වියළි වැටුණු
ඉදිච්ච ගෙඩියක ඇටය මෙන්
ජෙට් ප්‍රහාරයෙන් වැසුණු අහස මෙන්
අළු පිරී ඇති ආලෝකමත්
කාන්තාර ගින්න මෙන්
යළි නැගිටීමක් තිබෙන බව.
ෂර්මිලා විනෝතිනී
පරිවර්තනය – ඉබ්නු අසූමත්
(පිණ්ඩය – මළවුන් වෙනුවෙන් පුදන බත්)
විදුනි බස්නායක