බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් තීන්දුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෙන නොමැති බව වාර්තා වේ.
ඒ කෙසේවෙතත් මෙම විශ්වාසභංගයේදී ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කිහිප දෙනකුම විශ්වාසභංගයට සහාය නොදී සිටීමට තීන්දු කර ඇති බව නිල නොවන ආරංචිමාර්ගවලින් දැනගන්නට තිබේ.
ඒ බව දැනටමත් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන්ට මෙම මැතිඇමැතිවරුන් දැනුම් දී ඇති බවද දැනගනන්ට ඇත.










