ගුරු වෘත්තිය සමිති නායකයින් නිරෝධායනයට යොමු කිරීමට විරෝධය දක්වමින් ගුරු වෘත්තිය සමිති ඇතුළු වෘත්තිය සමිති මේ වනවිට කොළඹදී විරෝධතාවක නිරතව සිටී.
නිදහස් අධ්‍යාපනය සදහා වූ සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අතරතුර නිරෝධායන රීති කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප හිමි වීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කෙරුණු අතර විරෝධතාවේ නිරත පිරිස් ඉල්ලා සිටින්‌නේ, වහාම පිරිස නිදහස් කරන ලෙසයි.
විරෝධතාවට සහභාගී වූ තම සාමාජිකයින් පිරිසක් අධිකරණයෙන් ඇප නියමකර තිබියදීත් නිරෝධායනය සඳහා රැගෙනයාමට එරෙහිව පසුගිය 12 වනදා සිට මේ දක්වා ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වී සිටිති.
පසුගිය 8 වනදා නිදහස් අධ්‍යාපනය සදහා වූ සිසු ජන ව්‍යාපාරය සංවිධානය කල විරෝධතාවක් අතරතුර නිරෝධායන රීති කඩකිරීමේ චෝදනා මත රැස්ව සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තේ ය.
පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඇප හිමිවීමෙන් අනතුරුව පිරිස නිරෝධායනයට යොමු කෙරිණ.








