ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රාජකාරියට වාර්තා කරන දිනකට දින එකහමාර බැගින් දීමනා ගණනය කොට ඉකුත් වර්ෂ දෙක තුළ (2020 -2021) රුපියල් හයකෝටි, විසිඑක් ලක්ෂ, දාසය දහස් අටසිය හැත්තැ තුනක මුදලක් අධිකාරියේ කාර්යමණ්ඩල සඳහා ගෙවා ඇති බැව ජාතික විගණන කාර්යාලය පවසයි.
අධිකාරිය විසින් කාර්යමණ්ඩල සඳහා කොවිඩි 19 දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කොට සාමාන්‍ය රාජකාරි දින හා නිවාඩු දිනයන් ලෙස නොසලකා මෙම දිමනා ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
2020 වර්ෂයේ දී මෙසේ දිමනා ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ, හතලිස්තුන්දහස්, හත්සිය අසුඑකක මුදලක් හා 2021 වර්ෂයේ දී රුපියල් හාරකෝටි, හතලිස්දෙලක්ෂ, හැත්තැතුන්දහස්, අනුදෙකක මුදලක් දීමනා ලෙස ගෙවා තිබුණි.
එමෙන්ම අධිකාරියේ සභාපතිවරයාට ද 2021 වර්ෂයේ දී චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව කොවිඩි 19 දිමනා ලෙස රුපියල් 4,54,827ක මුදලක් කිසිදු අනුමැතියකින් තොරව ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ මේ වනවිට මෙම ගෙවිම් අත්හිටුවා ඇති බවය.
ගෙවු දීමනා ආපසු අයකර ගැනීමට හෝ භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට හෝ කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2021 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
lankasara