ඇතැම් අමාත්‍යංශවලට ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක ඇමතිවරයකුට මේ සියළුම ආයතන ගැන හොයලා බලන්න බැහැ. ඒ නිසා තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් පත්කරන්න ඕන. එතකොට වැඩ කරන්න පහසුයි. මේ පත්කිරීම් නිසා වියදම් වැඩි වෙනවා කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. එහෙමනම් සියළුම මන්ත්‍රීවරුන් වැටුප් හා දීමනා ලබානොගෙන වැඩ කරන්න ඕන. රාජ්‍ය නිළධාරීන් අපිට වඩා වැටුප් හා දීමනා ගන්නවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණීයගෙ කාලේ මේ රටේ සෘණ ආර්ථිකයක් තිබුණා. ඇමතිකම් බාර ගැනීම ගැන අපිට චෝදනා කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාලා ඒ වෙලාවෙත් ඇමතිකම් ගත්තා. මේක මේ විපක්ෂයේ සටන් පාඨයක් විතරයි යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අද (12) මේ බව කියා සිටියේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලවයි. රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක්. වාහාන පවා ඉතාම සීමිතයි. මේ අමාරු වෙලාවේ රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න අපි ඔක්කොම සූදානම්.
ඇතැම් අමාත්‍යංශවලට ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක ඇමතිවරයකුට මේ සියළුම ආයතන ගැන හොයලා බලන්න බැහැ. ඒ නිසා තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් පත්කරන්න ඕන. එතකොට වැඩ කරන්න පහසුයි. මේ පත්කිරීම් නිසා වියදම් වැඩි වෙනවා කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. එහෙමනම් සියළුම මන්ත්‍රීවරුන් වැටුප් හා දීමනා ලබානොගෙන වැඩ කරන්න ඕන. රාජ්‍ය නිළධාරීන් අපිට වඩා වැටුප් හා දීමනා ගන්නවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණීයගෙ කාලේ මේ රටේ සෘණ ආර්ථිකයක් තිබුණා. ඇමතිකම් බාර ගැනීම ගැන අපිට චෝදනා කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාලා ඒ වෙලාවෙත් ඇමතිකම් ගත්තා. මේක මේ විපක්ෂයේ සටන් පාඨයක් විතරයි.
මේ වෙලාවේ රටේ සියළුම දෙනාට ආර්ථික අපහසුකම් තිබෙනවා. අපි අතුරු අයවැය ගෙනාවෙත් ජනතාවට සහන ලබාදෙන්නයි. ඒ වගේම නොවැම්බර් මාසයේදී ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පවතින ආර්ථික තත්ත්වය කළමණාකරණය කරගනිමින් එමගින් ජනතාවට තවත් සහන ලබාදෙන්න අපි බලාපොරාත්තු වෙනවා.
මේ රටේ විපක්ෂයට වගේම අරගලකරුවන්ටත් තවමත් රාජපක්ෂ භීතිකාවක් තියෙනවා. සාමාන්‍ය ජනතාවට එහෙම භීතිකාවක් නැහැ. මේ රටේ සාමකාමී අරගලකරුවන්ට අවශ්‍ය වුනේ සිස්ටම් චේන්ජ් එකක්. ඒක අපිත් පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති තනතුරට පත්කළේ ඒ සඳහායි. මම හිතන විදියට නාමල් රාජපක්ෂත් ඇමතිකමක් දරන්න සුදුසුයි. නමුත් ඔහු ඇමතිකම් ගනීද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පළමුවෙනියා නිසා ඇමතිධූරයක් දරන්න ඔහු සුදුසුයි. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැවත දේශපාලනයට එනවද නැද්ද කියලා ඔහු තීරණය කළ යුතුයි. ඔහු කළ දේවල් හරිද වැරදිද කියලා අනාගතය තීන්දු කරයි.