ඇල්කඩුව වැවිලි සමාගම ඇතුලු රජයට අයත් සියලුම් වැවිලි සමාගම්හි සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්‌ට ඉල්ලා අස්වන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිල වශයෙන් දැනුම් දීමක් කොට තිබුණද ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධානීන් එම නියෝග ගණනකට නොගෙන තවමත් එම තනතුරුවල රාජකාරී සිදුකරමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
පසුගියදා පැවැති කෝප් කමිටු රැස්වීමවලදී ඇල්කඩුව වතු සමාගමේ ඉහළ ප්‍රධානීන් වංචා – දූෂණ සහ අක්‍රමිකතා සිදු කොට ඇති බවට චෝදනා රැසක් එල්ල වූ අතර අවසානයේදී කෝප් කමිටුව විසින් වහාම ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ රැසක්ද නිකුත් කිරීමට කටයුතු කොට තිබිණ.
නමුත් මේ දක්වා ඉන් නිර්දේශ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමද ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධානීන් විසින් මගහැර ඇති බව වාර්තා වී තිබේ.
වාර්තා වන ආකාරයට මෙම පිරිස හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී මේ පිළිබද දැනුම් දී සිය තනතුරු ආරක්ෂා කොට ගැනීමට කටයුතු කොට ඇතැයි පැවසේ.
එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ හයිය ගෙන තවදුරටත් එම ආයතනවල රාජකාරී කරමින් සිටින බවද දැනගන්නට ඇත.
මීට අමතරව අදාළ හමුවෙන් පසු ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධානීන් කෝප් කමිටුවට තොරතුරු දුන් බවට සැක කරමින් ආයතනයේ විවිධ පුද්ගලයන් පසුපස පැන්නීම ආරම්භ කොට ඇති බවද දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කෝප් කමිටුවට සහ අමාත්‍යවරයාට පැමිණිලි කිරීමටද ඇල්කඩු වැවිලි සමාගමේ සේවකයන් තීරණය කොට ඇති බවද වාර්තා වේ.