රජයට අයත් සියලුම් වැවිලි සමාගම්හි සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්‌ට ඉල්ලා අස්වන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිල වශයෙන් දැනුම් දීමක් කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන් ඇල්කඩුව වැවිලි සමාගමේ ඉහළ නිලධාරීන්ටද ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වේ.
එමෙන්ම චෝදනා එල්ල වී ඇති නිලධාරීන් ඉවත් කොට ඒ වෙනුවට වංචා දූෂණ චෝදනා නොමැති පිරිසුදු පුද්ගලයන් පත් කිරීමට පියවර ගන්නා බවකි.
මේ සම්බන්ධයෙන් මව්රට පුවත්පතට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සියඹලාපිටිය අමාත්‍යවරයා කියා සිටියේ නව සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සදහා මෙම දැනුම් දීම සිදු කළ බවකි.
එමෙන්ම ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධානීන් විසින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් මව්රට කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට තමන් කටයුතු කරන බවකි.
මීට අමතරව පසුගිය කාලයේදී ඇල්කඩුව වැවිලි සමාගම තුළ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඉදිරියේදී මව්රට පුවත්පත ඔස්සේ ඒ පිළිබද විශේෂ අනාවරණයක් සිදුකිරීමට අප සියලු කටයුතු සූදානම් කොට ඇත.










