අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) පැවසීය. (Sri Lanka Latest News)
ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසයක් තුළ පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම පසුගියදා සිදුකළ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අය වැය දෙවැනි වර කියවීමේ හත්වැනි දින විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
පසුගිය උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව මාස තුනක් ප්‍රමාද වූ නිසා බවත් එසේ නොවුණේ නම් උසස් පෙළ විභාගය නොවැම්බර් මස ආරම්භ කිරීමට හැකියාව තිබූ බවත් ඇමැතිවරයා පැවසුවේය.
dinamina










