• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News

October 23, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඇල්කඩුව වතුයායේ ගැහිලි පිට ගැහිලි! සභාපතිටම ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් දීලා! දෙවරක් වැරදිකරු වූ අයෙක් සාමාන්‍යාධිකාරී කරලා! රුපියල් 400ක ගම්මිරිස් කිලෝ 2කට නඩු කියන්න ලක්ෂ 274ක් ගෙවලා! කෝප් එකේදී එකපිට එක එළියට එයි! තවත් ෆයිල් ගොඩක් අරන් සේවකයන් රනිල්-සජිත්-අනුර හමුවන්න සූදානමින්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතුයායේ සභාපතිවරයා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තනතුරු දෙකක් දරමින් සිටින බව කෝප් කමිටුවේදී අනාවරණය විය.Sri Lanka Latest News

එමෙන්ම එම තනතුරු දෙකටම අදාළ වරප්‍රසාද සියල්ල මෙම පුද්ගලයා ලබාගෙන ඇති බවද මෙහිදී හෙළිදරව් විය.

මීට අමතරව අවස්ථා කිහිපයකදීම චෝදනාවලට වැරැදිකරු වූ පුද්ගලයකු සාමාන්‍යාධිකාරී තනතුරට පත්කොට ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණ විය.

මෙහිදී මෙම තත්ත්වය සති දෙකක් ඇතුළත නිවැරැදි කරන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ ලබා දීමට පියවර ගෙන තිබිණි.

මේ අතර, ඇල්කඩුව වැවිලි සමාගමට අයත් රත්වත්තේ වතුයායේ රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කළ වතුයායේ සේවකයින් දෙදෙනකුට පවරා ඇති නඩුවෙන් වැවිලි සමාගම පරාජය වී ඇති අතර නඩු කටයුත්ත අවසන් වනවිට සමාගමට රුපියල් ලක්ෂ 274ක මුදලක් වැයවී ඇති බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභා රැස්වීමේ දී අනාවරණ විය.

2017 වර්ෂයේ දී රත්වත්තේ වතුයායෙන් ගම්මිරිස් කිලෝ 02ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියකුට හා මුරකුරුවකුට ඇල්කඩුව වැවිලි සමාගම විසින් මාතලේ අධිකරණයේ නඩු අංක 39/32/2017 යටතේ නඩු පවරා තිබිණි.

මෙම නඩුවෙන් ඇල්කඩුව වැවිලි සමාගම පරාජය වී තිබූ අතර එම නිසා එක් සේවකයෙකුට රුපියල් 534,000ක හා අනෙක් සේවකයාට රුපියල් 858,000ක වන්දි මුදලක් ගෙවීමට සමාගමට සිදුවුණේය. ඔවුන්ගේ නීතිඥ ගාස්තු වශයෙන් රුපියල් 1,350,000ක මුදලක් ගෙවා ඇති බවද පොදු ව්‍යාපාර කමිටු රැස්විමේ දී අනාවරණ විය.

සොරකම් කරනු ලැබූ රුපියල් 400ක් වටිනා ගම්මිරිස් කිලෝ 02 වෙනුවෙන් පවරනු ලැබූ නඩු කටයුතු වසර 6ක් තිස්සේ පවත්වාගෙන ගොස් අවසන් වනවිට ඇල්කඩුව වැවිලි සමාගමට රුපියල් ලක්ෂ 274ක මුදලක් වැයවී ඇති බව මෙම කමිටුවේ දී අනාවරණ විය.

මීට අමතරව ඇල්කඩුව සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ අයකුට චෝදනා රැසක් එල්ල වී තිබූ බවත්, ඒ මහතා විනය පරීක්ෂණවලින් පවා වැරැදිකරුවකු වූ බවත් පෙන්වා දුන් කෝප් කමිටු මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරිපත් කළහ.

එහීදී කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසය.

මේ අතර ඇල්කඩුව වතුයායේ තවත් වංචා දූෂණ රැසක්ම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීමටත්, ඊට අදාළ ලිපිගොනු ජනාධිපතිවරයාට, විපක්ෂ නායකවරයාට සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වෙත ලබාදීමටත් එම වතු යායේ සේවකයන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ආරක්ෂක ලේකමුයි හමුදාපතියි පසුගිය දා නයිජීරියාවට ගියාද? ඒ ගමනට ඇවන්ගාඩ් එකේ සම්බන්ධේ මොකද්ද? ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී අහන්න යන ප්‍රශ්න අනුර කලින්ම කියයි! මේවා රටේ මිනිස්සු දැනගන්න ඕනෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

DP EDUCATION IT කැම්පස් එකක් අරන් ධම්මික පෙරේරා යාපනයටත් ඇතුලු වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.