මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉඩමක පොල් වළවල් කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන් සහ ගම්මුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.
මෙම ගැටුමෙන් රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයතු තුවාල ලබා ඇත.
සිද්ධියට ගම්වැසියන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබේ.










