• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවයි අමෙරිකාවයි අතර හිතවත්කමට අවුරුදු 75යි! මහින්ද අලුත් වැඩක් පටන් ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 26, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
ලංකාවයි අමෙරිකාවයි අතර හිතවත්කමට අවුරුදු 75යි! මහින්ද අලුත් වැඩක් පටන් ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75 සපිරීම වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පවත්වමින් ශ්‍රී ලංකාව ඇමරිකානු ජාතිකයන් අතර ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, “Things To Do DC” සමාජය සමඟ එක්ව, 2023 මැයි 19 වන දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකාව උතුරු අර්ධගෝලයේ ගිම්හාන සෘතුවේ එක්සත් ජනපද ජාතිකයන් අතර ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් විචිත්‍රවත් සන්ධ්‍යා පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලදී. එම සමාජ සංවිධානයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

තානාපති මහින්ද සමරසිංහ මහතා රැස්ව සිටි පිරිස අමතමින්, රටේ විවිධ සංචාරක ආකර්ෂණීය ස්ථාන මෙන්ම, ලංකා තේ සහ කුළුබඩු වල අද්විතීය රසය පිළිබඳව දැනුවත් කල අතර, සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණ එහි රසය විඳ ගැනීමට ආරාධනා කළේය.

විචිත්‍රවත් ඡායාරූප ප්‍රදර්ශනයක් මෙන්ම, සංචාරකයන් ඉලක්ක කරගත් වීඩියෝ දර්ශන හරහා ත්‍රාසජනක සහ සුවතාවයේ සිට වනජීවීන් දක්වා වූ විවිධ ආකර්ෂණ ස්ථාන, පෞරාණික වෙරළ තීරයන්, හරිත කඳුකර භූ දර්ශන පෙන්වාදෙමින් තානාපති කාර්යාලය රටේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන ප්‍රදර්ශනය කරන ලදී.

“වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන කණ්ඩායමේ Natamu පාසල” විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික ප්‍රසංගය සහභාගී වූවන්ගේ සිත් ඇද බැඳ ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ උසස් සාම්ප්‍රදායික නර්තන උරුමයන් විදහා දැක්වෙන උඩරට සහ පහතරට යන අංශ දෙකෙහිම නැටුම් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලාංකේය රිද්මයට අනුව වාදනය වූ සංගීත භාණ්ඩ සමඟින් “Ceylon Bera” කණ්ඩායම ඉදිරිපත් කළ දක්ෂතා රැස්ව සිටි පිරිස කුල්මත් කළේය. ශ්‍රී ලාංකේය සංස්කෘතියේ විචිත්‍රවත් බව ප්‍රදර්ශණය කරමින් “Natraj School” විසින් ඉදිරිපත් කළ දෙමළ ප්‍රජාවගේ සංස්කෘතිය නිරූපණය කරන භරතනාට්‍ය නර්තනය මෙම උත්සවය තවත් වර්ණවත් කළේය.

ශ්‍රී ලාංකේය සූපවේදියෙකු විසින් එවෙලේම සකසා පිළිගන්වන ලද රසවත් ආප්ප සහ ලංකා කුළු බඩුවල රස මුසුවූ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයක් බුක්තිවිදීමටද සහභාගිවන්නන්ට මෙහිදී අවස්ථාව ලැබිණ.

ශ්‍රී ලංකාවේ නිශ්පාදිත විවිධ තේ වර්ග ප්‍රදර්ශනය කරන ලද කුටියක, “Basilur(Sri Lanka)” සහ “QTrade Teas & Herbs(California, USA)” අනුග්‍රහය ඇතිව, නැවුම් ලෙස පෙරන ලද උණුසුම් සහ අයිස් කළ ලංකා තේ කෝප්පයක් අමුත්තන් සදහා පිරිනැමීමට තානාපති කාර්යාලය කටයුතු යොදා තිබිණ. මීට අමතරව, ලංකාවේ නිශ්පාදනය කරන විවිධ වර්ගයේ ලංකා කුළු බඩු සහ එහි ගුණාත්මකභාවය හැදිනගැනීමට සහ අත්විදීමට කුළු බඩු ප්‍රදර්ශන කුටියක් ද පිහිටුවා තිබිණ.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අනෙකුත් ක්‍රියාකාරකම් අතර, අමුත්තන්ට සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය බතික් සාරි සහ සරම් වලින් සැරසී ඡායාරූප ගැනීමේ අවස්ථාවක් ලබාදෙන ලදී. ලී වෙස් මුහුණු, බෙර, බෑග්, බතික් ඇඳුම්, පිත්තල භාණ්ඩ සහ සිතුවම් වලින් සමන්විත ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයක් ද පවත්වන ලදී.

“Things To Do DC” යනු වොෂින්ටන් ඩීසී හි 175,000කට අධික වෘත්තිකයන්ගේ ක්‍රියාකාරී සාමාජිකත්වය ඇති තරුණ වෘත්තිකයන් සඳහා වන ප්‍රමුඛතම සමාජ සහ ජාලකරණ සංවිධානයකි. සංවිධානයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ වොෂින්ටන් ඩීසී හි නව දේවල් ඉගෙන ගැනීමට සහ නව සම්බන්ධතා සදහා ඔවුන්ගේ සාමාජිකයින් දිරිමත් කරන විවිධාකාර අන්තර්ක්‍රියාකාරී සමාජ, අධ්‍යාපනික සහ සංස්කෘතික ක්‍රියාකාරීකම් හරහා සියලුම වයස්වල වෘත්තිකයන්ගේ පුද්ගලික සහ වෘත්තීය ජීවිතය නගාසිටුවීමට උපකාර කිරීමයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) වැනි ආයතනයන්හි අනුග්‍රහය ඇතිව, 75 වැනි සංවත්සර සැමරුම සඳහා මෙවැනි වූ වැඩසටහන් රැසක් වසර පුරා පැවැත්වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 මැයි 23

SendShareShare
Previous Post

ගොඩගත් ෂාෆ්ටර්ගේ ‌සිරුරට ඊයේම අතිනවීන ස්කෑන් පරීක්ෂණයක්! සිරුර අභ්‍යන්තරය පිළිබද විශේෂ කරුණු අනාවරණය කරගනී! විශේෂ මරණ පරීක්ෂණය අද! I Sri Lanka Latest News

Next Post

‘උඹලට අදාළ නෑ! මේවා ප්‍රසන්නගේ ඉඩම්! වැඩක් බලාගෙන පලයල්ලා!’ ගම්පහ පොදු පිට්ටනියක වළවල් කපන්න ගිහින් ගම්මු එක්ක ගුටි කෙළියක්! ඇමැති ප්‍රසන්නගේ ආරක්ෂක නිලධාරියෙකුයි කාර්ය මණ්ඩල සාමාජිකයකුයි රෝහලේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper