• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

A/L කාලෙ ලයිට් දෙන්න ඔක්කොම එකඟ වුණා! වැඩේ සම්පූර්ණයෙන්ම විනාශ කළේ කංචන! එයා ළමයින්ගේ අනාගතය බිල්ලට අරගෙන! ‌බෝම්බ ගහලා මිනී මරලා බලය ගත්ත ජඩ දේශපාලනයක් තියෙන රටක ළමයින්ගෙ අනාගතය බිල්ලට ගන්න එක ලොකු දෙයක් නෙමෙයි! මානව හිමිකම් කොමිසමේදී වෙච්ච සියල්ල විදුලි ඉංජිනේරුවෝ හෙළිකරති!

January 30, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
A/L කාලෙ ලයිට් දෙන්න ඔක්කොම එකඟ වුණා! වැඩේ සම්පූර්ණයෙන්ම විනාශ කළේ කංචන! එයා ළමයින්ගේ අනාගතය බිල්ලට අරගෙන! ‌බෝම්බ ගහලා මිනී මරලා බලය ගත්ත ජඩ දේශපාලනයක් තියෙන රටක ළමයින්ගෙ අනාගතය බිල්ලට ගන්න එක ලොකු දෙයක් නෙමෙයි! මානව හිමිකම් කොමිසමේදී වෙච්ච සියල්ල විදුලි ඉංජිනේරුවෝ හෙළිකරති!
Share on WhatsAppShare on Facebook

මානව හිමිකම් කොමිසම ඉදිරියේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් බලපෑමකට ලක් නොවුණු බවත් විදුලි ඉංජිනේරුවරුන් ලෙස මීට මාස ගණනකට පෙර සිට සියලුම සැලසුම් සකස් කළේ උසස් පෙළ විභාගය කාලය තුළ අඛණ්ඩ විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් බවත් ඔහු කියා සිටියේය.

එම තීන්දුව ගැනීමේ අභිලාෂය සහිතව මානව හිමිකම් කොමිසම හමුවට ගිය අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලය ලෙස ඇති කරගත් එකඟතාවය ඉන් පසුව වෙනස් කරනු ලැබුවේ සභාපතිවරයා විසින් බව කී විදුලි ඉංජිනේර සංගමයේ සභාපති නිහාල් වීරරත්න ඒ වෙනස් කිරීම සිදුවන්නේ ඇමතිවරයාගේ බලපෑම හේතුවෙන් බව හෙළි වූ ආකාරය කීවේය.

මේ සම්බන්ධව ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරතන් ලංකාසරට මෙම පැහැදිලි කිරීම කළේය.

‘25 දා උදේ වරුවෙ ලංකා විදුලිබල මණ්ඩලයත් මානව හිමිකම් කොමිසමට කැඳවලා තිබුණා. ඒකට අපේ සම්ප්‍රේක්ෂණ අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ පද්ධති පාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා සහභාගී වුණා. ඔවුන්ට විදුලිබල මණ්ඩලය ලෙස බලය පවරලා තිබුණා ගිහින් ඒ සඳහා කටයුතු කරන්න. තීන්දු ගන්න. එතැනදි ප්‍රමුඛ වුණේ ඉන්ධන ප්‍රශ්නයක්. ගැටලුව වෙලා තිබුණේ විදුලි ජනනය සඳහා විදුලිබල මණ්ඩලයට ඉන්ධන නොලැබීම. ඉන්ධන මිල වැඩිකරලා තිබුණා. ඒ මිල ගෙව්වෙ නැතිනම් ඉන්ධන ලබාදෙන්නෙ නෑ කියන කතාව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කිව්වා.’

‘ඉන්ධන තියනවා නම් මේ අහිංසක දරුවො වෙනුවෙන් විදුලිය ජනනය කරලා දෙන්න බලාගාර ඕන තරම් තියනවා. ඒ සඳහා කිසිම ගැටලුවක‍් නෑ…’

උසස් පෙළ විභාග කාලය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය යුතුයි කියන වගකීම් සහගත ස්ථාවරයෙ අපි හිටියා. ඒ නිසා අපි කලින්ම ක්‍රියාමාර්ග ගත්තා. ගල් අඟුරු ටික පරක්කුවෙලා ආවත් අපි ඉක්මනට බාගත්තා. විභාගයට කලින් නොරොච්චෝලෙ විදුලි බලාගාරයෙ ජනන යන්ත්‍ර දෙකයි වැඩ කළේ. තුන්වැනි ජනන යන්ත්‍රයත් අපි ඉක්මනට පණගැන්නුවා. පණගන්වලා මේ කාලසීමාව ඇතුළෙ අඛණ්ඩ විදුලි ජනනය වෙනුවෙන් කටයුතු කළා.

ඒ අතරෙ තමයි එක්වරම නැප්තා මිල වැඩි කළේ. කිසිම විද්‍යාත්මක හේතුවක් නෑ. ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල වැඩිවුණෙත් නෑ. මිල අඩුවීමේ ප්‍රවණතාවක් තමයි පෙනුනෙ. අනික කලින් ආපු බොරතෙල් නැව පිරිපහදුවෙන් ලැබුණු අතුරු ඵලයක් තමයි මේ නැප්තා ටික. අපි ඇරෙන්න ඒ නැප්තා ටික ගන්න කෙනෙකුත් නෑ. ඒකට මිලක් වැඩි කළා. අපට තේරෙන්නේ නෑ ඇයි මෙහෙම කරන්නෙ කියලා.

අපි අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන්න සියල්ල සූදානම් කරනකොට ඇමැතිවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ ආකාරයෙන් හසුරවනවා. එහෙම තත්ත්වයක් යටතේ තමයි අපිව මානව හිමිකම් කොමිසමෙන් කැඳෙව්වෙ.

අපි එතැනදි කිව්වෙ අපට සල්ලි නෑ. ණයට හරි තෙල්ටික දුන්නොත් විදුලිය ජනනය කරන්න පුලුවන් කියලා.

නමුත් ඒ වෙලාවෙ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඒ රැස්වීමට ඇවිත් හිටියේ නෑ. උදේ සාකච්ඡාවට ඇවිත් හිටියෙ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් තුන්දෙනක්. අපේ එතන හිටියේ මූල්‍ය කළමණාකාරතුමයි, අතිරේක සාමාන්‍යාධිකාරීතුමයි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමයි. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවයි, මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි හිටියා. ඒ වෙලාවෙ සාකච්ඡාවට හිටියෙ ඒ කණ්ඩායම.

ඒ රැස්වීමෙදි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නැතිව තීරණයක් ගන්න බෑ. අපි කිව්වාට තෙල් දෙනවා නම් විදුලිය සපයලා දෙන්නම් කියලා. තෙල් දෙන්න කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා මානව හිමිකම් කොමිසම එදින හවස ඛණිජතෙල් නීතිගත සංස්ථාව කැඳවලා තිබුණා. බැංකුවලිනුත් ඇවිත් තිබුණා.

ඒ අවස්ථාවෙ සාකච්ඡා කළාම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියලා තිබුණා මාස දෙකකට ණයට ඉන්ධන නිකුත් කරන්නම් කියලා. එතකොට මානව හිමිකම් කොමිසම සහ මහජන උපයෝගීතා කොමිසම මැදිහත් වෙලා තිබුණා ඒ කටයුත්තට. බැංකුවලින් කියලා තිබුණා ණයක් ලබාදෙන්නම් කියලා ඉන්ධන සැපයීම කරන්න. දැන් මෙතැන ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය විසඳිලා තිබුණේ.

එහෙම කියලා නිලධාරීන් ගියාට පස්සේ තමයි මේ තීරණය කරන්නෙ මුදල් ගෙවනතුරු විදුලිය දෙන්න බෑ කියලා. ඒ තීරණය එන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන්. අපිට හෙළිදරවු වෙන විදිහට සභාපතිවරයාට ඒ උපදෙස් දෙන්නෙ ඇමතිවරයා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැන් කියනවා ඉන්ධන දෙන්න බෑ කියලා ණයට. ඒත් ඔවුන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ ඉන්ධන දෙන්න කැමති වෙලා ගියෙ. ගියාට පස්සෙයි ඔවුන් අකැමැති වෙන්නේ. ඒ අමාත්‍යවරයාගේ බලපෑම මත.

මේක තමයි තත්ත්වය. දැන් වැඩේ කෙරෙන්නෙ නෑ. අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් අරන්දීලා තියනවා වැඩේ නොකෙරෙන්න.

අමාත්‍යවරයා හදන්නෙ අය ක්‍රමය වැඩිකරන්න ළමයින්ගෙ අනාගතය බිල්ලට තියාගෙන.

මේ රට දේශපාලනය කරන්න බෝම්බ තියලා මිනිස්සු මරපු දේශපාලකයො ඉන්න රටක්. ඒ රටේ මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා අපි පුදුම වෙන්නෙ නෑ.

දැන් අපේ සාමාජිකයින් දෙන්නා බරපතල පීඩනයක ඉන්නේ. ඔවුන් එක් පැත්තකින් මහජන උපයෝගීතා කොමිසමේ සහ මානව හිමිකම් කොමිසමේ පීඩනයට ලක් වෙනවා. අනෙක් පැත්තෙන් අපේ කළමනාකාරීත්වයේ පීඩනයට තෙරපෙනවා.

මේ සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය ලෙස අපි නිදහසට කාරණා අහන්නයි ඉන්නේ සාමාන්‍යාධිකාරීවරයාගෙන් සහ සභාපතිවරයාගෙන්. පැහැදිලිව අපේ නිලධාරීන් ගියෙ බලතල පැවරුවට පස්සේ. මානව හිමිකම් කොමිසමට යන්න බෑ බලතල නැතිව. එහෙම තැනකට යන්නේ තීරණයක් දෙන්න. පඹයො වගේ ඉන්න බෑ අපිට තීරණයක් දෙන්න පුළුවන්කමක් නැතිව.

අතිරේක සාමාන්‍යාධිකාරී සාමාන්‍යාධිකාරීවරයාට පමණයි දෙවැනි වන්නේ. ඔවුන් සැදීපැහැදී ගියේ අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීමේ තීන්දුව ගන්න. නැවත ඒ තීරණය අනෙක්පැත්තට හරවනවා දේශපාලන බල අධිකාරිය විසින්. මේ රට දුවන්නෙ කොතෙන්ට ද කියලා හිතාගන්න වේවි.

lankasara

SendShareShare
Previous Post

දෙමළ සන්ධානය නිදහස් උළෙල වර්ජනය කරන්න තීන්දු කරයි! කළු දිනයක් ප්‍රකාශයට පත් කරයි!

Next Post

PHIලා ලෙඩ වෙයි! හේතුව බිත්තර!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.