ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක බැංකුවෙන් (WB) ඖෂධ මිල දී ගැනීම සඳහා ඉකුත් වසරේ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලින් මේ වනතුරු කිසිදු මිල දී ගැනීමක් කර නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්තා කරනවා.
ඊට අමතරව ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ, ඖෂධ මිලදී ගැනීම සඳහා ලැබුණු මුදල් ද මුළුමනින් ම වැය කර නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ ලැබුණු මුදල්වලින් ඩොලර් මිලියන 50ක් ඖෂධ මිල දී ගැනීම සඳහා ණයක් වශයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති අතර ඔවුන් පමණක් ඖෂධ ගෙන්වීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.