මේ වසර අවසන් වීමට පෙර පත්වන තම රජයක් යටතේ ලක්ෂ 41ක් වන සමස්ත පාසල් දූදරුවන්ට දිවා ආහාරය නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. (Sri Lanka Latest News)
ADVERTISEMENT
තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ උත්සවයට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියා.
විපක්ෂනායකවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ ජනාධිපතිවරයා විසින් සුජාතා බාළිකාවේ දැරියන්ට දිවා ආහාරය ලබා දීමට ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින්.