ඉන්දියාවෙන් ලැබී ඇති ඉන්ධන නෞකා හේතුවෙන් ඉදිරි සතිය තුළ අඛණ්ඩව විදුලිය ලබා දීමේ හැකියාවක් පවතින බව වාර්තා වේ.
මේ වනවිට ඉන්දියාවෙන් තෙල් නැව් 2ක් ලැබී ඇති අතර ඒ හේතුවෙන් අවුරුදු සමය තුළ කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකියාව පවතින බව දැනගන්නට ඇත.
නමුත් අවුරුදු සීමාවෙන් පසු, එනම් අවසන් සති දෙකේදී යළි විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව මැයි මස මුලදී ඉන්දියාවෙන් තවත් තෙල් නැව් දෙකක් ලැබීමට නියමිතව ඇති අතර ඒ හේතුවෙන් මැයි මස මුල් සති දෙකේදීද කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකි වනු ඇති බව දැනගන්නට ඇත.
නමුත් ඉන් අනතුරුව නැවතත් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතව ඇති බව පැවසේ.
ඉදිරියේදී ලැබීමට නියමිත වර්ෂාවත් සමග විදුලිය කපන පැය ගණන වෙනස් වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.