• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාරසීයේ කුඩු පැකට්ටුව 2500ට නගී! කුඩු සලිදුගේ බණ්ඩාරගම රාජ්‍යය දෙදරයි! කෝටි 40ක කුඩු ඔත්තුව ගියේ පොලිසිය ඇතුළෙන්මද?

October 24, 2021
in CID, Exclusive
Reading Time: 3 mins read
A A
පාතාලය බලවත් වෙයි! කුඩු සලිදු අල්ලන්න ගිය පොලිස් ප්‍රධානියාට මාරුවක්!!
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග මතට තිත තියන්න පොලීසිය දැඩි කැපකිරීමක් කරන බවක් දක්නට ලැබුණේ අල්ලාගන්නා මත්කුඩු ඡාවාරම්කරුවන් ගැන පොලීසිය දෛනිකව මාධ්‍ය හමු පවත්වමින් කියන්නට ගැනීමත් සමගිනි. රූපවාහිනී කැමරා ඉදිරියේ අදාළ සැකකරුවන්ගේ මුහුණත් තහඩුවත් පෙන්වා වැඩ පෙන්නුවේ මාසෙන් දෙකෙන් මතට තිත ෂවර් යැයි කියාපාන්නාක් මෙනි. එම වකවානුවේ මත්කුඩු පැකට්ටුවක් එක්ක අල්ලාගන්නා මත්කුඩු පානයට ඇබ්බැහිවූ’ පුද්ගලයාවත් පොලීසිය දුටුවේ මත්කුඩු ජාවාරම්කරුවකු ලෙසිනි. මාධ්‍ය ඉදිරියට ඒ අල්ලා ගන්නා මත්කුඩු ලෝලියාව පවා පොලීසිය ඉදිරිපත් කරනු ලැබුවේ අමුතු අමුතු නම්වලින් ගෞතීස්ම කරමිනි.

ඒ අල්ලපු ඇල්ලිල්ලේ හැටියට දැන් ලංකාවේ මත්කුඩු විකුණන්න ජාවාරම්කරුවන් නැත්තටම නැතිවිය යුතුය. ඒ, ඔවුන් ඔක්කෝම සිටිය යුත්තේ හිරේ විලංගුවේ’බැවිණි. එසේම මත්කුඩු ජාවාරම්කරුවන්ගේ යැයි පවසමින් මාලිගා වැනි නිවාස මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ගෙන ගියේය. ඒවා රාජසන්තක කරන බවට පම්පෝරිද ගැසුවේය. එහෙත් දැන් අවුරුද්දක් දෙකක් ගෙවී ගොස් හමාරය. රාජසන්තක කළ මත්කුඩු ජාවාරම්කරුවකුගේ දේපළක් ගැන අසන්නට නැති තරම්ය.

පොලීසිය ඒ අල්ලපු ඇල්ලිල්ලේ තරමට රටේ තිබිය යුත්තේ මත්කුඩු හිඟයකි. එහෙත් ඒ වෙනුවට මත්කුඩු බෙදන්නන් වැසි වසින තරමට සුලබ වූයේ රුපියල් 1,500ට පැවැති හෙරොයින් මත්කුඩු පැකට්ටුවේ මිල රුපියල් 400 දක්වා පල්ලම් බසිමිනි.

බලධාරීන්ට පවා මේ සිදුව ඇත්තේ කුමක්දැයි පැහැදිලි වූයේ තරමක් කල් ගියාට පසුවය. පොලීසියේ කිහිප දෙනෙක් කර තිබුණේ ඇන්දිල්ලකි. ඒ, එම නිලධාරීන්ට වඩා ඉහළ නිලධාරීන්ව පමණක් නොව, රටේ රාජ්‍ය නායකයා පවා ඔවුන් ඇන්දවූ’බව පොලීසිය ඇතුළේ ප්‍රසිද්ධ රහසකි. ඉහළ තැන්වලින් ලකුණු දාගන්නටත් සිය තනතුරු රැකගන්නටත් පොලීසියේ කිහිප දෙනෙක් ගැසූ ඒ ගැහිල්ලේ තරම කොයි කාටත් දැනෙන්නට ගත්තේ කොවිඩ් උවදුර බන්ධනාගාරය වසාගන්නා විටදීය. මත්කුඩු භාවිත කරන්නන්ගෙන් සිර මැදිරි පුරවනවා වෙනුවට ජාවාරම්කරුවන් අල්ලන ලෙස අධිකරණ ඇමැති අලි සබි්‍රට පවා කියන්නට සිදුවූයේ ඒ නිසාය. අවසානයේ සිදුවන්නේ සිරගෙවල් නිකරුණේ පුරවා සිටි පොලීසිය විසින් මහා ජාවාරම්කරුවන් යැයි කී මත්ක්ඩු ලෝලීන් රැසක්ම එළියට ඒමය. ඔවුන් එළියට ආවා යැයි කියා සිදුවූ එකම වෙනස වූයේ නිවෙස් බිඳුම් හා සොරකම් ටිකක් වැඩිවීමය.

එහෙත් දැන් සොරකම් කෙසේ වෙතත් මත්කුඩුවල නම් දැනෙන හිඟයක් රටේ ඇතිවී තිබෙන බව පැහැදිලිය. ඒ බව ඇතැම් පිරිස් පිළිගන්නට අකැමැත්තක් දැක්වූවත් සැබෑ යථාර්ථය වන්නේ එයයි. ඒ, ලකුණු දමාගැනීමට වැඩ කරනවා වෙනුවට පොලීසිය දැන් සංවිධානාත්මකව මත්කුඩු ජාලයට පහර දීමට පටන්ගෙන ඇති බැවිනි. එය පොලීසිය තනිවම දක්වන දක්ෂතාවක් නොව, ඊට නාවික හමුදාවෙන් සහ බුද්ධි අංශයෙන් ලැබෙන්නේ ඉහළ දායකත්වකි. තනි තනිවම ලකුණු දමාගැනීම වෙනුවට රට වෙනුවෙන් සහ රටේ අනාගත තරුණ පරපුර වෙනුවෙන් කෙරන මෙම ඒකාබද්ධ මෙහෙයුම් කොතරම් ප්‍රබල ලෙස මත්කුඩු ජාවාරමට පහරවැදී දැයි සඳහන් කළහොත් දැන් මත්කුඩු ලෝලියෙක් භාවිත කරන හෙරොයින් පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 2,500ටත් එහාටය. සාමාන්‍යයන් දෛනිකව මත්කුඩු ළෝලියෙක් හෙරොයින් පැකට් දෙක තුනක් භාවිත කළත් දැන් ඔවුන්ට එක පැකට්ටුවක්වත් භාවිත කරන්නට හැකියාවක් නැති තරම්ය. ඒ, මේ ගානටවත් ගන්නට මත්කුඩු සොයා ගන්නට නොහැකි බැවිණි. මේ නිසාම හොරායින් භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් රැසක්ම දැන් මත්කුඩු භාවිතය අතහැර ගොසිණි. තවත් පිරිසක් හුරුවී ඇත්තේ අයිස් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය භාවිතයටය.

ඇෆ්ගනිස්තානයේ නිෂ්පාදනය කරන හෙරොයින් කාලයක් අපේ රටට ආවේ ඉන්දියාව හරහාය. ඒ, ඇෆ්ගන් ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කළේ ඉන්දියානුවන් වූ’බැවිණි. එහෙත් වසර 10ක 15ක සිට ඒ තැන පාකිස්තානුවන් අත්පත්කර ගත්තේය. දැන් අපේ රටට පොපි මලෙන් නිෂ්පාදනය කරන හෙරොයින් විතරක් නොව, රසායනාගාරවල නිෂ්පාදනය කරන ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය අතර ඉහළින්ම ඇති අයිස් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍යයද එන්නේ පාකිස්තානයේ සිටය. ඒ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම් පාකිස්තානයේද ඇති බැවිනි.

දැන් ලෝකෙටම හෙරොයින් බෙදන තිප්පොළ බවට පත්ව ඇත්තේ පාකිස්තානයයි. ශ්‍රී ලංකාවද පත්ව ඇත්තේ පාකිස්තාන ජාවාරම්කරුවන්ගේ මත්කුඩු හුවමාරු තිප්පොළක් බවටය. එය මේ වන විට ඉන්දියාවේ ජාතික ආරක්ෂාවටද දැඩිව බලපා ඇති බව තහවුරු වන්නේ අපේ රටේ කිහිප දෙනෙක් ඉන්දියානු නාවික හමුදාවේ මෙහෙයුමකදී හොරායින් කිලෝ සිය ගානක් සමග අත්අඩංගුවට ගැනීමට සමත්වීමත් සමගිනි. ඉන්දියානු මධ්‍යම මත්ද්‍රව්‍ය කාර්යාංශයට එම සැකකරුවන් භාරදීමෙන් අනතුරුව ගෙවීගිය මාස කිහිපය තුළ ඉන්දියාව තුළ කර ඇති මෙහෙයුම්වලින් පමණක් ඉන්දියාවේ රැඳී සිටිමින් පාකිස්තානය සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, ඉන්දියාවේද මත්කුඩු ජාවාරම මෙහෙයවන ලද ශ්‍රී ලාංකිකයන් විස්සකට තිහකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඒ සියලු දෙනාම පාහේ මෙරට විවිධ අපරාධවලට රතු නිවේදන නිකුත්වූ දරුණු පාතාල අපරාධකරුවන්ය. ඒත් එක්කම ඉන්දියානු නාවික හමුදාව විසින් මත්කුඩු ජාවාරම්කරුවන්ට ඉන්දියානු සාගරයේ ඇති ඉඩකඩ අහුරාලන්නට වගබලා ගත්තේය. ඊට ශ්‍රීලංකා නාවික හමුදාවද එක්ව සිටින්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ට කිසිදු බුරුලක් නොලැබෙන ලෙසිනි. මාධ්‍යයට පෙන්නන්නට කිලෝ සිය ගණනින් අල්ලන විට වෙන පැත්තකින් ඊට දෙතුන් ගුණයකින් වැඩි මත්ද්‍රව්‍ය තොග දැන් රට ඇතුළට එන්නේ නැත. ඒ සැබෑ මෙහෙයුම් නිහඬව දියත්වන නිසාය. මාධ්‍ය ඉදිරියේ දත් තිස්දෙකම පෙන්වමින් විරිත්තිලි දැන් පෙනේනනට නැත. සිදුවන්නේ සැබෑ මත්කුඩු ජාවාරම්කරුවන් කොටුකර ගැනීමය. මේ සාර්ථකත්වය ලකුණු දමාගැනීම වෙනුවට සැබෑ ලෙසම වැඩකිරීම නිසා ඇතිවූ’තත්ත්වයක් මිස මැජික් එකක් නම් නොවන බව පැහැදිලිය.

එහෙත් දැන් ඉන්දියාවේ සිට රට තුළට උතුරු මුහුදෙන් අයිස් මත්ද්‍රව්‍ය එන බවක් නම් පෙනීගොස් ඇත. ඊටද මේ වන විටත් ඇත්තේ වැට බැඳෙමිනි.

මෙසේ මෙරට මත්කුඩු ජාවාරම සැබෑ ලෙසම පාලනය වෙමින් තිබෙන අවස්ථාවකදී මත්කුඩු ජාවාරම්කරුවෝ ඔවුන්ට එරෙහිව ආරක්ෂක අංශවලට තොරතුරු සපයන්නන්ට ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන ඇත්තේ භීෂණයක් මවා ජනතාව බිය වද්දවීමටය.

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේදී ඉකුත් සතියේදී එල්ල වූයේද එවන් භීෂණයකි. ඒ, දෑත් වෙන්වන්නට තරුණයකුගේ දෑත් කපා මහමඟ දමා යාමකි. මත්කුඩු ජාවාරමකට බන්ධනාගාරගතව සිට ඇප ලබා නිදහස්ව පැමිණි පාතාලයට සම්බන්ධ වූවෙක් එම ප්‍රහාරය එල්ල කරන්නේ ඉකුත් ජූලි 30 වැනිදා බණ්ඩාරගම රේරුකානේ පිහිටි හමුදා සෙබළකුගේ නිවෙසකින් හෙරොයින් කිලෝ 40ක් සොයාගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට තොරතුරු දුන් බව කියන පුද්ගලයාටය. එම පුද්ගලයාත් සත්ගුණවත් බෝධිසත්වයෙක් නොව, මත්කුඩු ජාවාරමට ගෑවුණු අයෙකි. පොලීසියේ දූෂිත නිලධාරීන් කිහිප දෙනකුගේ ආශීර්වාදයෙන් හිස එසවූ’බවට පොලීසිය ඇතුළේම දැඩි කතාබහක් තිබෙන පානදුරේ කුඩු සලිඳු නමැත්තාගේ ගෝලයෙකි. පොලීසියට ඔත්තුව දුන්නාට ඒ පුද්ගලයාගේ දෑත කපන්නේද කුඩු සලිඳුගේ ගෝලයෙකි. ඒ අනුව පෙනී යන්නේ දෑත් කැපීම සහ ඔත්තුව දීම ගුරු ගෝල ගැටුමක් බවකි. මෙහි ඇති භයානකම තත්ත්වය නම් ඔත්තුකරු මත්කුඩු ජාවාරම්කරුවකු වූවත් ඔහුට පහරදී දෑත් කැපීම පොලීසියට එල්ල කළ අභියෝගයක් වන බැවිනි. මේ නිසා පොලීසියට තොරතුරු සැපයීමට පෙර මහජනතාව සිය ජීවිතය ගැන දෙවරක් සිතනු ඇත.

මත්කුඩු කිලෝ 40ක් යනු රුපියල් කෝටි 40කට අධික වටිනාකමක් ඇති වස්තුවකි. ඔත්තුකරුටද අඩුම තරමින් කෝටියක් දෙකක් තෑගි මුදල්ද ලැබෙනු ඇත. තෑගි වෙනුවෙන් එම ඔත්තුව දුන්නාද විය හැකිය. නැතිනම් වෙනත් අරමුණක් ඇතිව ඒ ඔත්තුව ඔහු පොලීසියට ලබාදෙන්නට ඇත. මෙහිදී පොලීසියට සිය ඔත්තුකරු රැකගැනීමට නොහැකි වීම ගැන ඇත්තේ ලොකු අපහැදිලිකමකි. පොලීසිය ඇතුළෙන්ම ඔත්තුකරු අනාවරණ වූයේදැයි සාධාරණ සැකයක් මෙහිදී පැන නොනගින්නේද නැත. ඒ, සලිඳුට පොලීසියේ ආශීර්වාදය ඇති බව කියන නිසාය.

දෑත් කැපුණු පුද්ගලයා ඔත්තුකරුවෙක් හෝ තොරතුරුකරුවෙක් බව පොලීසිය තවමත් නිල වශයෙන් කියන්නේ නැත. එසේ දෑත් කැපීමට ලක්වූයේ කෝටි 40ක මත්කුඩු අල්ලන්නට ඔත්තුව දුන් පුද්ගලයෙක් බවට පළවන මාධ්‍ය වාර්තා පොලීසිය ප්‍රතික්ෂේප කරද නැත. මේ තත්ත්වය මත ඉදිරියේදී දෑත් කැපූ පුද්ගලයාට පොලීසියෙන් ලැබෙන ප්‍රතිචාරයද හොඳ එකක් නොවනු ඇත. නීතිඥවරුන් මගින් පොලීසියට භාරවීමට ඔහු මේ වන විටත් වලිකමින් ඇත්තේ ඒ නිසා විය හැකිය. ඉකුත් 21 වැනිදා ඔහු බැරිම තැන නීතිඥ නෝනා කෙනෙක් මගින් පානදුර අධිකරණයට භාරවීමටද දැඩි වෙහෙසක් ගත්තේය. එය අසාර්ථක වූ’තැන ඔහුට සිදුවූයේ නීතිඥ කාර්යාලයක සැඟවී සිට පස්සා දොරින් පලායන්නටය. ඒ පොලීසියට හසුවුවහොත් ආයුධ පෙන්වන්නට තමාව රැගෙන යනු ඇතැයි දැඩි බියකින් ඔහු පසුවන නිසා විය හැකිය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ගුරුවරුන්ගේ පඩි කපන බව කී ආණ්ඩුකාර ‌කොල්ලුරේව පක්ෂයෙන් දොට්ට දමයි!

Next Post

මැදමුලනටත් ගොවී රස්නය වදී!

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.