• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැදපෙරදිගදී පීඩාවට පත්වන ගෘහ සේවිකාවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කාලි අම්මා උසාවි යයි ! Sri Lanka Latest News

June 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මැදපෙරදිගදී පීඩාවට පත්වන ගෘහ සේවිකාවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කාලි අම්මා උසාවි යයි ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැදපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටියදී පීඩාවන්ට පත්වන ශ්‍රී ලාංකික කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ට අවශ්‍ය නීතිමය සහාය ලබාදීම සහ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. (Sri Lanka Latest News)

ඕමානයේ ගෘහ සේවයට ගොස් හිරිහැරයට ලක්ව අතරමංව සිටින වවුනියාවේ පදිංචි සෙල්ලයියා කාලි අම්මා නමැති කාන්තාවක් වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්. හිල්මි ඇතුළු එහි අධ්‍යක්ෂවරු, කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර, එම අමාත්‍යාංශ ලේකම්වරයා, ඕමානයේ තානාපති අමීර් අජ්වාඩ්, ඇතුළු 11 දෙනකු නම් කර තිබෙනවා.

පෙත්සම්කාර කාලි අම්මා නමැති කාන්තාව 2022 වසරේ අප්‍රේල් මස ගෘහ සේවය සඳහා ඕමානයට ගිය බවත්, ඕමානයට යාමට පෙර ඇය ලෙබනනයේ අවුරුදු 06ක් ද කුවේටයේ අවුරුදු 03 ක් ද ගෘහ සේවයේ නිරත වී ඇති බවත් පෙත්සමේ සඳහන්.

ඕමානයේ නිවසක මෙහෙකාර සේවයට ගිය පසු එම නිවසේ දී ඇය තාඩන පීඩනවලට පත්වූ බවත් ඇයගේ වැඩ අසතුටුදායක බව සඳහන් කරමින් ඇයව නිවසින් පිටත් කිරීමට එම නිවසේ හාම්පුතුන් කටයුතු කළ බවත් එහි සඳහන් වනවා.

ඉන් අනතුරුව අදාළ කාන්තාව ඕමානයේ පිහිටා ඇති ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර එහි අගතියට පත් කාන්තාවන් 30 දෙනෙකු පමණ සිටි බවත් එහි සිටින කාන්තාවන් විවිධ අතවරයන්ට ලක්වන අතර ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

පසුව කාලි අම්මා නම් කාන්තාව ඇතුළු එහි රැඳී සිටි කාන්තාවන් විරෝධතාවයක් ආරම්භ කළ අතර පසුගිය මැයි මස 25 වනදා ඔවුන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

මෙම කාන්තාව නැවත ලංකාවට ගෙනැවිත් දෙන ලෙස වවුනියාවේ පිහිටි විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශ කාර්යාලයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් ඉල්ලීම් කළ අතර ඒ සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ පසුව රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාදෙන ලෙස එහි නිලධාරීන් ඉල්ලා සිටි බවත් එතරම් මුදලක් ඇයගේ පවුලේ සාමාජිකයින් සතුව නොමැති බවත් පෙත්සමේ දක්වා තිබෙනවා.

මෙම කාන්තාවට නීතිමය සහායක් ලබාගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙන අතර, අදාළ කාන්තාව යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම ඇයට එරෙහිව ඕමානයේ පැවැත්වෙන නඩු කටයුතුවලදී නීතිඥ සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය සහාය ලබාදීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිලධාරීන්ට නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සමින් අයැද තිබෙනවා.

මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැවරී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කාර නීතීඥවරයා මෙම ක්‍රියාව තුළින් කාලි අම්මා නමැති කාන්තාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

dasathalankanews

SendShareShare
Previous Post

අවුරුදු 52ක් තිස්සේ රටට අවශ්‍ය ශල්‍ය ගෝස් නිෂ්පාදනය කළේ දේශීය නිෂ්පාදකයන්! දැන් ආණ්ඩුව මේ ටෙණ්ඩරය විදේශ ආයෝජකයෙක්ට දීලා! සජිත් අසාධාරණයට ලක්වූ 5000කට අධික දේශීය නිෂ්පාදකයන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පළාත් පාලන ඡන්දය ඉල්ලා ජවිපෙ අද සිට පාරට බසී! මුලින්ම මැතිවරණ ‌කොමිසම ඉදිරිපිටට! පොලිසිය අනුරට එරෙහිව තහනමක් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.