ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් හෙට (18) දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවීමට පියවර ගෙන ඇත.
මෙම මාධ්‍ය හමුව සදහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසකට ආරාධනා කොට ඇති බව දැනගන්නට ඇති අතර මෙම හමුවේදී ජනක රත්නායක මහතා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදු කරනු ඇති බවද දැනගන්නට තිබේ.
ආණ්ඩුව දැනටමත් ජනක රත්නායක මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් යොමු කොට ඇති අතර ලබන 24 වැනිදා ඒ මහතාව තනතුරෙන් ඉවත් කිරීම සදහා යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත.
විපක්ෂය දැනටමත් ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කොට ඇති අතර පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක්ද එම යෝජනාවට ඡන්දය නොදෙනු ඇති බව දැනගන්නට තිබේ.










