තමන් විසින් ජනාධිපතිවරයාට යෝජනා කළ නියෝජිතයන් හට ආණ්ඩුකාර ධූර හිමිවීමත් සමග බැසිල් රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අනිද්දා (19) දිනයේදී බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේදී ඩුබායි බලා පිටත්ව ගිය අතර ඉකුත් අප්‍රේල් 22වන දින ජනාධිපතිවරයා මුණගැසී ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබිණ.
එහිදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පී.එස්.එම්. චාර්ල්ස් සහ සෙන්දිල් තොණ්ඩමාන් යන මහත්ම මහත්මීන්ගේ නම් ලබා දී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසිනි.
මේ බව අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණය කිරීමට පියවර ගෙන තිබිණ.










