• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිනිතුල්ලෝ ! Sri Lanka Latest News

May 20, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook


ඈත අතීතයේ පටන් මහනුවර මහ වාසලේ (රජ මාලිගාවේ) රාජකාරිය පරම්පරාවෙන් පරම්පරාවට අඛණ්ඩව කරමින් පැමිණි පවුලක කාන්තාවකට සිය මව මියයන මොහොතේ ලැබුණු මහානර්ඝ වස්තුවක් තිබුණේය. එය හත්මුතු පරම්පරාවකටත් එහා සිට මවගෙන් දියණියට යන සිද්ධාන්තයේ පිහිටා පරවේණියෙන් උරුම වූවක් හෙයින් එය අන්සතු නොකරන ලෙසට සපථ කරවා ගිවිස්වා ගෙන රහසිගතවම සිය දියණියට දුන් මවු තොමෝ පරලෝකප්ප්‍රාප්ත වූවාය. (Sri Lanka Latest News)

මවගේ වියෝවෙන් පසුව ඒ පෙට්ටිය කුමක්දැයි විවර කර බැලූ කල්හි ඈ දුටුවේ රනින් කළ ලොකු මණ්ඩුකයෙකි (ගෙම්බෙකි). උගේ නෙත් දෙකට නිල් මැණික් ඔබ්බවා තිබුණේය. මේ ගෙම්බා මකවා අත කනකර (ආභරණ) ටිකක් සාදවා ගැනීමට ඇය දහඅතේ කල්පනා කළත් ඒ සඳහා විශ්වාස කළ හැක්කකු හමු නොවූයෙන් ඕ විපිළිසරව කල් ගෙව්වාය.

ඇය කරකාරෙ බැඳ ගැනීමට කොතෙකුත් දෙනා ආව ගියද ඒ එකකට හෝ ඇගෙන් නම් මනාපෙ ලැබුණේ නැත.
ඔන්න ඔය අතරේ දවසක් කපු මහත්තයෙක් මනමාලයකු කැටුව ආවේය. දෙපැත්තේ උදවිය වංහුං කතා කරගැනීමෙන් පසුව ඒ යෝජනාවට නං අර ඇත්තී එක පයින්ම කැමැත්ත දුන්නාය. ඊට හේතුව ඒ ඉලංදාරියා නවං දන්නා (ලෝකුරු) කර්මාන්තය ජීවන වෘත්තිය වශයෙන් කරගෙන යන බව පැහැදිලිවම ප්‍රකාශ කරන ලද හෙයිනි.

දෙපැත්තේ උදවියගේ තීරණෙන් මඟුලද කෙරුණේය. එය බින්න (බිරියගේ නිවෙසේ පදිංචි වීම) කසාදයකි. පවුලට බැඳුණු ඉලංදාරියා ගෙදරම පට්ටලයක්ද (රන්රිදී වැඩපොළක්) ඉදිකරගෙන වැඩකටයුතුද පටන් ගත්තේය.

තමන්ගේ ගෙම්බා මකවා ආභරණ ටිකක් හදවා ගන්නට හිතුවත් ඔහුගේ ඇතැම් කටයුතු හිතට ඇල්ලුවේ නැති නිසා ඇය වැඩේ දිනෙන් දිනම කල් දැම්මාය. ඒ අතරේ ඕ ගැබ් ගත්තාය. ඉපදෙන දරුවා පිරිමි දරුවකු විය යුතු බවට දෙවියන්ගෙන් ඉල්ලා ඕ පුද පූජා පවත්වන්නට ද වූවාය. වැඩේ කිරි ගහට ඇන්නා සේ හරියටම හරි ගියේය. ඉපදුණු දරුවා කොල්ලෙකි. ඇය දරුවාට සිය සැමියාගේම කර්මාන්තය උගන්වන්නට මහත් වෙහෙසක් ගත්තාය.

අපරාදෙ කියන්න බැරිය. මූණේ දැළි රැවුල එන්න පටන්ගන්නා කාලය එළැඹෙන විටත් පුත්‍රයා තමන්ගෙ අපුච්චාටත් (තාත්තාටත්) වඩා වැඩකාරයකු බව දුටු මහ උන්දෑ පස්වනක් ප්‍රීතියට පත්වුණාය. ඔන්න ඔය අතරෙදි ගෙදර මනුස්සයා ගහෙන් ගෙඩිය පාත්වෙන්නා සේ අකාලයේ මියගියා යැයි කියමුකො.
දැන් නිවෙසේ අම්මයි පුතයි යමක් උපයා සපයාගෙන කමින් බොමින් සැප සේ ජීවත් වූහ. තව කල් ගතවුවොත් කොහෙන් හරි කෙල්ලක් ඇදගෙන ආ විට පුතණ්ඩියා ලේලිගෙ බහට නටන්ඩ පටන් ගත් කල තමන්ගෙ හිතේ පැසවමින් තියෙන ආශාව ඉටු කරගත නොහැකි බව කල්පනා කළ අම්මා මීට වඩා සුදුසු අවස්ථාවක් නොඑළඹෙන බවද සිතාගත්තාය. ඒ නිසා ඕ කල්යල් බලා පුතාට කාරණේ පහදා දුන්නාය.

අනතුරුව පසුදා උදෑසනම වැඩේ පටන්ගත යුතු බවට ඔවදන් දී ආහාර පානාදියද සූදානම් කළාය. උදේ පාන්දරම බ්‍රහ්ම මුහුර්තයෙන් වැඩ පටන් ගැනීම සඳහා පුතා සුදු පිරුවටයක් ඇඳ මල් බුලත් තට්ටුවක් කාරිය තබා දෙවි දේවතාවුන්ට කන්නලා කාරිය කියා උදුනේ ලිප ගිනි දැල්ලුවේය. මේ සියල්ල සතුටින් බලා සිටි මව රන් ගෙම්බා පුතාටදී එතැනම ඉඳගෙන කෙරෙන කාර්යය දෙස බලා සිටියාය.

පුතණ්ඩියා රන් ගෙම්බා කෝවක දමා වැසුවේය. අනතුරුව “අම්මේ දැං මම කෝවෙ වැඩ ටික කරනකං අම්මා මයින හම අදින්න” යැයි කීවේය. අරුන්දෑද කීවක්ම කළාය. මයින හම බූස් බූස් ගා දෙතුන් පාරක් අදින විට නැගුණු ගිනි පුළිඟු අතරින් එළියට පැන්න ලොකු ගෙම්බෙක් මිදුල හරහා වදුලට (කැලෑවට) පැන පැන යනවිට “අන්න අම්මේ ගෙම්බ පැනල යනවා” යැයි පුතණ්ඩියා කෑගැසුවේය.

“අම්මටත් ගෙම්බං පන්නපු එවුං” යන විරුදාවලියෙන් කට්ට කෛරාටිකයන් හැඳින්වෙන්න පටන් ගත්තේ ඉන් පසුවය.

පණ තියෙන ගෙම්බකු අල්ලා කෝව යට හංගා අම්මටත් ගෙම්බං පන්නපු අය ඉන්න රටේ ඒ පැත්තටත් මේ පැත්තටත් වාසි පැත්තට පැන පැන මහජනයාගේ ඇස්පනා පිටම අඩව් අල්ලන ගෙම්බෝ ඕනෑ පදං නැත්තේ නොවේ.

ගෙම්බන්ට වතුර නැතිව ඉන්න බැරිය. උං වතුරෙන් ගොඩදමා ටික වේලාවකින්ම ගැහිගැහී මැරෙනවාය.

ඒ පැත්තට මේ පැත්තට පනින සමහර ගෙම්බන්ටත් ඇමැතිකං නැතිව ඉන්න බැරිය. නොමැරි මැරිමැරී ගැහිගැහී මැරෙනවාය. නමසිය හැත්තෑවේදී එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව ආසන අටට වැටී පෙරැළුණු විට හිටපු ඇමැතිවරු පෝලිමේ එලොව ගියෝය.

මොන ආණ්ඩුව ආවත් මේ ගෙම්බෝ ඒ පැත්තේය. එන එන හැටියට ගහ උළුවස්සා කියන සිද්ධාන්තය සේම වැල යන හැටියට මැස්සට පටි ගහන්නත් දස්සයෝය.

ඕකුනට හොඳ හොඳ ඇමතිකංද ඕනෑය. එමෙන්ම ලැබෙන්නේය. ඒ සඳහා ඔවුහු කප්පිත්තෝය. ඒ පැත්තට පනින්නෝය. මේ පැත්තට පනින්නෝය. නැවත මේ පැත්තට පනින්නෝය. පැනිල්ලේ තොර තෝංචියක් නැත. මුන්ට ලැජ්ජාව කියන එකක් ගෑවිලාවත් නැත. ඒ උපතින්ම ලැජ්ජා නහර නැති නිසා විය යුතුය. මුන්නැහේලාට අවශ්‍ය තාන්න මාන්නය, නිලතලය. ඇමැති පට්ටංය. මේ සඳහා ඇතැම් වෙලාවට කෝටි ගණං එහාට මෙහාට විසිවෙන බවද කියති.
මට මතක හැටියට ඔය පැනිල්ල පටන් ගත්තේ හැත්තෑ හතෙන් පසුවය. ඊට පෙර ඒ පැත්තෙන් මේ පැත්තට පැනිල්ල අරහං (හරාම්)ය. තහනම්ය. පැන්නොත් මන්ත්‍රීකම අහෝසිය. 1947 අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ඒ බව තහවුරුකර තිබුණු නිසාය.

හරියට මහෞෂධ පණ්ඩිතයන් උපදින විටම මහා බලගතු ඖෂධ ගුළියක් අත මිටමොළවා ගෙන ආ අන්දමින්ම ජේ.ආර්. ලොක්කාත් 1977 දී පාර්ලිමේන්තු ආවේ හයෙන් පහක බලයක් අත දරාගෙනය.

එසේ අවුත් වැඩිකල් යන්ට පෙරම එක්සත් ජාතික පක්‍ෂයේ සෑම මන්ත්‍රී කෙනකුගෙන්ම දිනය නොදැමූ ඉල්ලා අස්වීමේ ලිපියකට අස්සන් ගෙන ඒක අර අල ගෝනියක් වැනි කමිස සාක්කුවේ දමාගෙන ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් ධාර්මිස්ටව ආණ්ඩුව ගෙනිච්චේය.

“මට බැරි ගෑනියෙක් මිනිහෙක් කොරාන්ඩ විතරයි” ඔය අතරේ කීවේය.

මොනවා කළත් ඒ කාලයේ මිනිහාට එරෙහිව එකෙකු හෝ කටක් ඇරියේද නැත. කවුරු හරි කෙනකු කට ඇරියොත් ඉතිං වහ කෑවා වගේ බව මිනිහා දැන සිටියේය. බකමූණන් “හුම්ම්ම්” කීවත් අපේ බඩු නම් නෝ හෙල්ලුංය. වල්ගාධිය දෙකකුල අස්සේ රුවාගත් පයාගල යන පුංචි මහත්වරු සේ උන්නෝය. හැබැයි ඕනෑ කෙනකුට විපක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට එක්විය හැකි අන්දමට ලොක්කා ව්‍යවස්ථාවද සංශෝධනය කෙළේය.

මහජනයා කැමැත්ත (මනාපය) පළකෙළේ අපේක්‍ෂකයා ඉදිරිපත් වූ පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට මිස වෙනත් පක්‍ෂයක ප්‍රතිපත්තිවලට නොවේ. එහෙත් ඒ ගැන තඹ fදායිතුවකට තබා පයිසෙකටවත් මායිම් නොකොට ලොක්කා තමන්ගෙ ඔඩොක්කුව පුරවා ගත්තේය. ශ්‍රී ලංකා පක්‍ෂයේ පතාක යෝධයකු වූ කළුගල්ල (පී.බී.ජී. – හෙතෙම මුදල් ඇමැතිවරයා ද වූයේය) ජේ.ආර්.ට සමීප වූ කල “මගෙ ඔඩොක්කුවට කළුගලුත් වැටෙනවා” යැයි ලොක්කා කීවේය.

හෙතෙම තම ප්‍රතිවාදියාගේ (සිරිමාවෝ) ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබුවේය. ගැටඹේ විහාරය වටා කටුකම්බි ගැසුවේය. විනිශ්චයකාරවරුන්ගේ නිවෙස් ඉදිරිපිට දාමරිකයන් ලවා හූ කියෙව්වේය. මහාචාර්යවරුන්ට (සරච්චන්ද්‍ර) පහරදී මහමග කානු දිගේ ඇදගෙන යැව්වෝය. එහෙත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීය, ධාර්මිස්ටය. ලොක්කා නිකං මිස්ටර නොව ධර්මිස්ට වූවේය. ඔහුට එරෙහිව බුරන්ට බල්ලෙක්වත් හිටියේ නැත.

ඒ අතරේ ගෙම්බෝ පනින්නට පටන් ගත්හ. මට මතක හැටියට 1977 දී වෙනත් පක්‍ෂයකට යා හැකි අන්දමට කෙරුණු ව්‍යවස්ථා සංශේධනයෙන් පසුව එසේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට එක්සත් ජාතික පක්‍ෂයට පළමුවෙන්ම පැන්නේ ආර්.ජී. සමරනායක නම් කෙනෙකි. එහෙත් ඒ සමයේත් (දැන් නැතුවට) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර නියම මහත්වරුද උන්හ. පක්‍ෂ ප්‍රතිපත්ති තමන්ට නොගැළපෙන්නේ නම් ඊට කෙළින්ම විරෝධය පා පක්‍ෂයෙන් පමණක් නොව මන්ත්‍රීකමද එපා කී මහත්වරුද උන්හ.

ඇම්.ඩී.එච්. ජයවර්ධන ගාමණී ජයසූරිය යන මහත්වරු එවන් ශ්‍රේෂ්ඨයෝය. ඔවුන් මන්ත්‍රීකමත් ඇමැතිකමත් දමා ගියා ගියාමය. නැවත පැත්ත හැරී බැලුවේ නැත. අනිත් පැත්තට ගියේත් නැත. අනුර බණ්ඩාරනායකද පැත්ත මාරු කෙළේ ගෞරවනීය අන්දමටය. හෙතෙම මන්ත්‍රී ධුරය අත්හැරියේය. පසුව පත්කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ගියේය.

වර්තමානයේ කංකුං මිටියක් පොල් ගෙඩියක් තුනපහේ ටිකක් ගන්නට සති පොළට (ජාතික පොළට) ගොස් තමන්ට ඇමැතිකමක් නොලැබුණු තරහට කණවැන්දුම් ගෑනු නාහෙන් අඬන්නා සේ ආඩපාළි (ඇනුම්පද) කියමින් නාහෙන් අඬන්නෝ ද නොවූහ.
චන්ද්‍රිකා අක්කාගේ කාලයේදීද යූ.ඇන්.පී.යෙන් ශ්‍රී ලංකාවට පැන්නෝ උන්හ. ජිනදාස නියතපාල, සරත් අමුණුගම එසේ පැන්නෝය.

සුfදා් සුදෙන් සැරසී කිරි කොක්කු මෙන් පෙනී සිටින්නන් අතරින් කෑ පතේ අහවල් දේ කළ අන්දමින් එකවර දාහත් දෙනෙක් යූ.ඇන්.පී.ය හාන්සි ගස්සා අනිත් පැත්තට පැන්නෝ ද උන්නෝය. කණ්ඩායමේ කප්පිත්තා මිස්ටර් “කරු”ය. කරු කීවාට කීකරුද අකීකරුද කිව නොහැකිය.
“මචං ඔය අයියලා සුදු අත් දිග කමිස අඳින්නෙ ඇයි දන්නවද?” මාධ්‍ය යාළුවෙක් ඒ කාලයේ ඇසුවේය.

“ශීලවන්තකම පේන්න” මම කීවෙමි.

“උඹට පිස්සු”යැයි කී හෙතෙම “අත්වලත් එක්ක ඇඟේ කොටල තියෙන පච්ච වැහෙන්ඩ යකෝ” යැයි කියා දුන්නේය.
දැන්නම් පැත්තෙන් පැත්තට පැනීම වනාහි කොට්ටය මාරු කරන්නා සේය. අද මෙහේය. හෙට අනිත් පැත්තේය.
දැන් දේශපාලනය කරන්නෝ එදා රුසියාවේ සාර් රජු සමයේ උන් ප්‍රභූ පරම්පරාවේ වර්තමාන පුරුක්ය. එදා උන්නෝ සුරසැප වින්දේ රට වැසියාගේ රිහිරි මාංශයෙනි.

ඇයි දැන් කියා වෙනසක් තිබේද?
කබල් පාපැදියේ ගිය එකා මොන අන්දමින් හෝ :ඊහ යදදන දර ඉහ ජරදදන* බලයට ආ විට ඉලැක්ෂන් එකට වියදම් කළ මුදල් හොයන්නට පටන් ගනියි. අනතුරුව ඊළඟ එකට සල්ලි හොයයි. ඒත් එක්කම ඔටුන්න හිමි එකා ටේ්‍රනිං කරයි. ඊට සමගාමීව පරම්පරාව රකියි.

උන් කන්නේ, බොන්නේ, අඳින්නේ පලඳින්නේ, ගමන් බිමන් යන්නේ, පදිංචිව සිටින්නේ මහජන රිහිරි මාංශයෙනි. එපමණක් නොව අවුරුදු පහකින් පසු මැරෙන තුරා පැංසොං එකය. මුන් හරියට කිනිතුල්ලන් වගේය. ගව මහීෂ සුනඛ ආදී සතකුගේ සිරුරේ එල්ලුණු කිනිතුල්ලා ඒ සත්වයා මැරෙන තුරුම ලේ උරා බොයි. මුනුත් එහෙමය. මේ පැත්තෙන් මදිනම් අනිත් පැත්තට පනින්නේය. ලේ රස වැඩි පැත්තට පනින්නේය. පැන පැන ලේ උරා බොන්නේය.

මහජනයාට අවශ්‍ය මේ වෙනසය. මේ වෙනස කොල්ලන් දුටුවේය. අරගලයේ කොල්ලන්ට අවශ්‍ය වූයේත් මහජනයා දකින වෙනසය. ඔවුහු මහජන පපුකැනැත්තේ ගැස්ම හඳුනාගෙන උන්හ.

මේ වෙනස කවරදා වෙයිද?
රනිල් නම් කියන්නේ 2048 දී ලැබෙන බවය. එතකං “බකං නිලාගෙන බඩ උලාගෙන ඔහේ හිටපල්ලා”

හැබැයි මේ කොටු පැනිල්ල ආවාට ගියාට නොව ව්‍යවස්ථාවෙන්ම නවතාලිය යුතුය. පැන්නොත් පනින මන්ත්‍රීගේ මන්ත්‍රීකම අහෝසි වන ලෙසට නීති ගෙන ආ යුතුය. නැත්නම් වෙන්නේ හැමදාම වත්ත බද්දට දී ඇස්සට දත නියව නියවා සිටින්නටය.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අසුබ ලකුණක්? කොළඹ ගහපු ලොකුම එක! ගෝල්ෆේස් තොරණ බිමට කඩන් වැටේ! I Sri Lanka Latest News

Next Post

කළුතර පාතාලයෝ ගෙදරටම ඇවිත් වෙඩි තියලා මරලා දමයි! හත්හැවිරිදි දියණියටත් තුවාලයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.