• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ඉන්දියාව-චීනය ලියුම් දුන්නාට IMF වැඩේ පරක්කු වෙන්නේ ඇයි?

February 1, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඉන්දියාව-චීනය ලියුම් දුන්නාට IMF වැඩේ පරක්කු වෙන්නේ ඇයි?
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට IMF අරමුදල් පහසුකම ලබාගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය දිග්ගැස්සෙමින් තිබෙන්නේ, දිගින් දිගටම ජාත්‍යන්තර ණය හිමියන් සමග ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ පවතින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ මුල්‍ය පහසුකම ලබාගැනීම විසඳුමක් ලෙස රජයේ දේශපාලනඥයන් හා ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් දිගින් දිගටම හුවා දැක්වුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත්ව තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා තම සහාය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පසුගිය සතියේ මෙරට කළ සංචාරයේදී අවධාරණය කළේය. එවන් පසුබිමක චීනයද ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාදෙන බවට ජනවාරි 24 වැනිදා නිවේදනයක් නිකුත් කර ඇත.

චීනය ණය සහනයක් ලබාදීමට පොරොන්දු වුවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන විස්තීරණ ණය පහසුකම අනුමත කරගැනීම සඳහා එය ප්‍රමාණවත් වේද යන්න තවමත් අවිනිශ්චිත බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දියාවේ ස්ථාවරය

පසුගියදා ඉන්දියාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විශේෂ ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් සහාය දෙන බවත්, ඒ සඳහා සියලු ණය හිමියන් එකහා සමාන කොදේසි මාලාවකට එකඟ වියයුතු බවය.

එම ලිපියේ සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකාවේ ගැඹුරු තිරසාර ණය තත්ත්වය සහ IMF මූල්‍ය ආධාර යටතේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ විසඳුමක් සඳහා ඔවුන්ගේ නිල සහ වාණිජ ණය හිමියන් සම්බන්ධ කරගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ මෑතකාලීන උත්සාහයන් පිළිගනිමු’ යනුවෙනි.

එහි වැඩිදුරත් ‘ශ්‍රී ලංකාවේ අනාගත EFF- සහයෝගී වැඩසටහන සඳහා අපගේ ප්‍රබල සහයෝගය අපි මෙයින් තහවුරු කරන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අනුකූලව ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබාදීමට කැප වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ප්‍රක්ෂේපණය කර ඇති පරිදි වැඩසටහන සම්පුර්ණයෙන්ම අරමුදල් සපයන බව සහතික කරන අතර මෙම මූල්‍ය/ණය සහන ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව විසින් සපයනු ලැබේ.’ සඳහන් වේ.

‘මෙම සන්දර්භය තුළ, ණය කල් පිරෙන කාලය දිගු කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම හෝ ඒ හා සමාන මූල්‍ය සහ ණය සහන ලබාදෙන වෙනත් ඕනෑම මූල්‍ය මෙහෙයුම් හරහා මධ්‍යකාලීන සිට දිගුකාලීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා පැරිස් සමාජය සමග මෙන්ම ශ්‍රී ලංකා රජය සමග අඛණ්ඩ සාකච්ඡා කිරීමට අපි කැපවී සිටිමු’ යනුවෙන් ඉන්දියාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දී ඇත.

ඉන්දියාව තවදුරත් පවසන්නේ සියලු වාණිජ ණය හිමියන්ගෙන් සහ අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් එක හා සමාන සාධාරණ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් මූල්‍ය දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන ලෙස අවධාරණය කරණ බවය.

‘මේ සඳහා ඔබ ගන්නා උත්සාහයට සහාය දීමට අපි සූදානම්’ යනුවෙන් ඉන්දියාව පවසා තිබේ.

‘ඉදිරි සතිවලදී මෙම මූල්‍යකරණ ණය සහනවල විශේෂතා අවසන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා බලධාරීන්, IMF සහ Paris Club සමග සුහද සහ ගැඹුරු සාකච්ඡා දිගටම කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු’ යනුවෙනි.

බීබීසී සිංහල වෙබ් අඩවිය ඇසුරෙනි

Share357Tweet223SendShare89
Previous Post

චීනය දුන් ණය සහතිකය ප්‍රමාණවත් නෑ! IMF ප්‍රමිතීන්ට ගැලපෙන වඩාත් විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ඕනෑ! ලංකාවට පැමිණි අමෙරිකානු නියෝජිත නූලාන්ඩ් ප්‍රසිද්ධියේම කියයි!

Next Post

බංග්ලාදේශ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා! අපිට පස්සෙ ගිහිල්ලත් ඒ අයට IMF එක ණය 2ක් දුන්නේ ඒකයි! මේ ආණ්ඩුවට ජනවරමක් නෑ! ඉතින් IMF ණයත් නෑ! VIDEO

MORE NEWS

හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)
Exclusive

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO
Exclusive

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO
Exclusive

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO
Exclusive

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023
IMF ප්‍රධානියා හදිසියේම ඉන්දියාවට එයි! ලංකාව ගැන කතා කරන්න නිලධාරීන් ඉන්දියාවට කැඳවයි!
Exclusive

‌ඩොලර් බිලියන 7ක් ගන්න IMF අනුමැතිය ලැබුණා -ජනාධිපති මාධ්‍ය අංශය! අද රනිල් ජාතිය අමතයි! ඩොලර් බිලියන 3ක් දෙනවා! IMF එකෙන් නිවේදනයක්!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
හදිස්සියට ඉල්ලන සල්ලි දෙන්නත් ණය පියවන හැටි පෙන්වන්න! ස්ථාවරත්වය පෙන්වන්න! IMF ලංකාවේ නියෝජිතයා පැහැදිලිවම කියයි!
Exclusive

තවම හොඳ හරිය පටන් ගත්තේ නෑ! ටිකක් බලන් ඉන්නකෝ! IMF එකත් එක්ක එන ‘මරු වැල්’ මෙන්න! VIDEO

March 21, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති භයානක කොන්දේසි මොනවාද යන්න ඉදිරියේදී බලා ගත හැකි වනු ඇති බව වාසුදේව නානායක්කාර...

Read more
අන්තිම මොහොතේ මාතරට දාපු හිච්චි රාජපක්ෂ පැටියා! විමල් වේදිකාවේදී නම කියලා දායි! (VIDEO)

පළාත් පාලන ඡන්දෙ ඉස්සුවා! JR ඡන්ද පෙට්ටි ඉස්සුවා! රනිල් ඡන්දෙ පිටින්ම ඉස්සුවා! ඒක අපි උසාවියේදී බලාගමු! JVP එක අද බලන්නේ රුපියල ගැන නෙමෙයි ඩොලරය ගැන! JVP එකට අද චරිත සහතික දෙන්නේ ජූලියා නෝනා! VIDEO

March 21, 2023
කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි!  VIDEO

කව්රුත් ආදරය කරන නිළිය සුසන්තා චන්ද්‍රමාලිගේ ගෙදරට සජිත් ‌බෙහෙත් අරන් ගිය කතාවේ කවුරුත් නොදත් රහස් කතාව එළියට එයි! VIDEO

March 21, 2023
අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

March 21, 2023
රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ පට්ටපල් බොරු! ඡන්දෙ කල් දැනවා කියලා හැමෝම බැන්නේ මුදල් ලේකම්ටයි-මුද්‍රණාලයාධිපතිනියටයි! හැබැයි අද රටට ඔප්පු වුණා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයා කව්ද කියලා! දැන් ඡන්දයේ දේහය තියෙන්නේ වික්‍රමසිංහ මල් ශාලාවේ! මරික්කාර්ගෙන් පසු ඩලස් පාර්ලිමේන්තුවේදී රනිල්ට දුවන්න දෙයි! VIDEO

මැතිවරණ කොමිසමට අත තිබ්බා! අධිකරණයට අත තිබ්බා! ඊළඟට අත තියන්නේ මාධ්‍යයට! රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! මේක සියලු එකතු වෙලා සටන් කළ යුතු වෙලාවක්! පුරවැසියෙක් වෙනවද? යටත්වැසියෙක් වෙනවද? තීන්දුව ඔබ අතේ! ඩලස්ගෙන් සැර කතාවක්! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version