• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව-චීනය ලියුම් දුන්නාට IMF වැඩේ පරක්කු වෙන්නේ ඇයි?

February 1, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඉන්දියාව-චීනය ලියුම් දුන්නාට IMF වැඩේ පරක්කු වෙන්නේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට IMF අරමුදල් පහසුකම ලබාගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය දිග්ගැස්සෙමින් තිබෙන්නේ, දිගින් දිගටම ජාත්‍යන්තර ණය හිමියන් සමග ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ පවතින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ මුල්‍ය පහසුකම ලබාගැනීම විසඳුමක් ලෙස රජයේ දේශපාලනඥයන් හා ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් දිගින් දිගටම හුවා දැක්වුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත්ව තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා තම සහාය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පසුගිය සතියේ මෙරට කළ සංචාරයේදී අවධාරණය කළේය. එවන් පසුබිමක චීනයද ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාදෙන බවට ජනවාරි 24 වැනිදා නිවේදනයක් නිකුත් කර ඇත.

චීනය ණය සහනයක් ලබාදීමට පොරොන්දු වුවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන විස්තීරණ ණය පහසුකම අනුමත කරගැනීම සඳහා එය ප්‍රමාණවත් වේද යන්න තවමත් අවිනිශ්චිත බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉන්දියාවේ ස්ථාවරය

පසුගියදා ඉන්දියාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට විශේෂ ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් සහාය දෙන බවත්, ඒ සඳහා සියලු ණය හිමියන් එකහා සමාන කොදේසි මාලාවකට එකඟ වියයුතු බවය.

එම ලිපියේ සඳහන් වන්නේ ‘ශ්‍රී ලංකාවේ ගැඹුරු තිරසාර ණය තත්ත්වය සහ IMF මූල්‍ය ආධාර යටතේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ විසඳුමක් සඳහා ඔවුන්ගේ නිල සහ වාණිජ ණය හිමියන් සම්බන්ධ කරගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ මෑතකාලීන උත්සාහයන් පිළිගනිමු’ යනුවෙනි.

එහි වැඩිදුරත් ‘ශ්‍රී ලංකාවේ අනාගත EFF- සහයෝගී වැඩසටහන සඳහා අපගේ ප්‍රබල සහයෝගය අපි මෙයින් තහවුරු කරන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට අනුකූලව ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබාදීමට කැප වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ප්‍රක්ෂේපණය කර ඇති පරිදි වැඩසටහන සම්පුර්ණයෙන්ම අරමුදල් සපයන බව සහතික කරන අතර මෙම මූල්‍ය/ණය සහන ඉන්දියාවේ අපනයන ආනයන බැංකුව විසින් සපයනු ලැබේ.’ සඳහන් වේ.

‘මෙම සන්දර්භය තුළ, ණය කල් පිරෙන කාලය දිගු කිරීම සහ පොලී අනුපාත අඩු කිරීම හෝ ඒ හා සමාන මූල්‍ය සහ ණය සහන ලබාදෙන වෙනත් ඕනෑම මූල්‍ය මෙහෙයුම් හරහා මධ්‍යකාලීන සිට දිගුකාලීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා පැරිස් සමාජය සමග මෙන්ම ශ්‍රී ලංකා රජය සමග අඛණ්ඩ සාකච්ඡා කිරීමට අපි කැපවී සිටිමු’ යනුවෙන් ඉන්දියාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දී ඇත.

ඉන්දියාව තවදුරත් පවසන්නේ සියලු වාණිජ ණය හිමියන්ගෙන් සහ අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලින් එක හා සමාන සාධාරණ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් මූල්‍ය දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන ලෙස අවධාරණය කරණ බවය.

‘මේ සඳහා ඔබ ගන්නා උත්සාහයට සහාය දීමට අපි සූදානම්’ යනුවෙන් ඉන්දියාව පවසා තිබේ.

‘ඉදිරි සතිවලදී මෙම මූල්‍යකරණ ණය සහනවල විශේෂතා අවසන් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා බලධාරීන්, IMF සහ Paris Club සමග සුහද සහ ගැඹුරු සාකච්ඡා දිගටම කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙමු’ යනුවෙනි.

බීබීසී සිංහල වෙබ් අඩවිය ඇසුරෙනි

SendShareShare
Previous Post

චීනය දුන් ණය සහතිකය ප්‍රමාණවත් නෑ! IMF ප්‍රමිතීන්ට ගැලපෙන වඩාත් විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ඕනෑ! ලංකාවට පැමිණි අමෙරිකානු නියෝජිත නූලාන්ඩ් ප්‍රසිද්ධියේම කියයි!

Next Post

බංග්ලාදේශ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා! අපිට පස්සෙ ගිහිල්ලත් ඒ අයට IMF එක ණය 2ක් දුන්නේ ඒකයි! මේ ආණ්ඩුවට ජනවරමක් නෑ! ඉතින් IMF ණයත් නෑ! VIDEO

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.