ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේදී පැනවෙන දඩය රුපියල් තුන්දහසක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. (Sri Lanka Latest News)
මේ අනුව ප්‍රවේශපත්‍ර නොමැතිව හසුවන පුද්ගලයින්ට රුපියල් තුන් දහසක දඩයට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවේ.
ප්‍රවේශපත්‍ර නොමැතිව බස් රථවල ගමන් ගන්නා පිරිස් නිසා මණ්ඩලයට දෛනිකව රුපියල් ලක්ෂ 70 ක පමණ පාඩුවක් සිදුවීම මත මෙම තීරණය ගෙන ඇත.
මීට අදාළ නෛතික කටයුතු සිදුවෙමින් පවතින බවත් ලබන වසර තුළ මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් අරුණට පැවැසීය.
මේ වන විට ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේදී අයකරන දඩ ගාස්තුව රුපියල් 250 ක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයකි.
aruna











