• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමාන්‍යයෙන් සිදු නොවන අසාමාන්‍ය සිදුවීමක්! ලෝක ළමා දිනයේ විපක්ෂනායක බස් රථයක් දරුවන්ට පරිත්‍යාග කරන උත්සවයට ඉන්දීය මහකොමසාරිස්තුමාත් එයි! වේදිකාවට නැග කතාවකුත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 2, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
සාමාන්‍යයෙන් සිදු නොවන අසාමාන්‍ය සිදුවීමක්! ලෝක ළමා දිනයේ විපක්ෂනායක බස් රථයක් දරුවන්ට පරිත්‍යාග කරන උත්සවයට ඉන්දීය මහකොමසාරිස්තුමාත් එයි! වේදිකාවට නැග කතාවකුත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාසල් තුළ දේශපාලනය කතා කරන බවට තමාට චෝදනා කරන බවත් ඒ අයට දිය හැකි පිළිතුර වන්නේ සියල්ලන්ටම වඩා දරුවන් වටී කියන දේ අද රටේ ක්‍රියාත්මක වන්නේද කියා සිතන ලෙසත් සියල්ලන්ටම වඩා දරුවන් වටිනවා නම් ඇත්ත කතා කරන්න හැකියාවක් තිබිය යුතු බවත් ඒ සදහා පන්සල, පල්ලිය, කෝවිල, දේවස්ථානය, පාසල කියා සීමා නොකරන බවත් එවැනි බොරු තර්ක ඉදිරිපත් කරන පුද්ගලයන් ජනතාවටත් හොරා රටේ මුදල් පිට්පොකට් ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

අපේ රට බේරාගත් හමුදාව සියයට 50ක් කප්පාදු කරන බවට වාර්තා වන බවත් එසේ රැකියා අහිමි කරන්නේ නම් ඔවුන්ට විකල්ප ජීවනෝපායක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දත්ත පද්ධතියක් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් බදු ගෙවන්නන්ගේ මුදල් ආයෝජනය කර ඇති නමුත් එය ක්‍රියාත්මක නොවන බවත් ඊට අමතරව මුලතිව්වල විනිසුරුවරයෙක් විවිධ පාර්ශ්යන්ගේ බලපෑම් නිසා ඉල්ලා අස් වූ බවත් මෙවැනි භයංකාර තත්ත්වයක් නිර්මාණය වීම ගැන දූදරුවන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තව ද වසර 15ක් යාමට මත්තෙන් මෙරට අලි සම්පත විනාශ වන බවත් පසුගිය වසර 12ට අලි 3765ක් මිය ගියත් පසුගිය මාස 8ට අලි 271ක් මියගොස් ඇති බවත් පසුගිය සතියේ පමණක් අලි 11ක් මියගොස් ඇති බවත් බොරුවට හරිත ආර්ථිකය, හරිත සංවර්ධනය යන වචන කිව්වත් එය ක්‍රියාවට නැංවිය යුතු බවත් මෙම වන අලි සම්පත මෙරට ඩොලර් උපයන පවුරක් බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේ ම මේ බංකොලොත් රටේත් බාල බෙහෙත්, එන්නත් ගෙනවිත් කෝටි ගණන් මුදල් ගසා කන බවත් ප්‍රතිශක්තිය සදහා ලබා දෙන ප්‍රතිදේහ එන්නත් කුප්පි 22500ක් ඇ. ඩොලර් මිලියන 3ක් වැය කර ගෙනාවත් ඒ සියල්ල බාල බෙහෙත් බවට ප්‍රකාශයට පත් කර ඇති බවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ගෙන ආ මේ එන්නත නිසා කෝටි ගණනක මුදල් අහිමි වී ඇති බවත් මීට අමතරව රටේ සංචිත ඇති බෙහෙත් පවා නැවත මිල දී ගන්නට සූදානම් බවත් මේවා සම්බන්ධයෙන් දූදරුවන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (1) ලෝක ළමා දිනය නිමිත්තෙන් සක්වල වැඩසටහනේ 80 වැනි බස් රථය හෝමාගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ ආරාධනයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා ද එක් විය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ රටේ දරුවන් ඇත්ත දැන ගත යුතු බවත් දරුවන්ට මව්වරුන්ට හිමි ත්‍රිපෝෂ සලාකය අහිමිවන්නේ කරමින් ත්‍රිපෝෂ කර්මාන්තශාලාව විකුණා දැමීමට රජය සුදානම් බවට ඔවුන් දැනුවත් විය යුතු බවත් ය.

තව ද ළමා අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රකාශනය 1959 දී නික-ුත් වූ බවත් 1989 දී ළමා අයිතිවාසිකම් සම්බන්ධ ලෝක ප්‍රඥප්තිය ඉදිරිපත් වන බවත් මේ තුළින් ළමා සුබසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සම්බන්ධයෙන් සෑම අතකින්ම සවිබල ගැන්වූ දරු පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වූ නමුත් රටක් ලෙස අප ද මෙම ප්‍රඥප්තිවලට අත්සන් කළත් කොතෙකුත් දුරකට මෙම ප්‍රඥප්තිවල අඩංගු මූලික යෝජනා යථාර්ථයක් බවට පත්කරන්න කටයුතු කළා ද යන්න ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පවා සීමා වි ඇත්තේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම්වල නිසා අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මේවා පුළුල් කර මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අධ්‍යාපනය, සෞඛය, හොඳ ජීවන රටාවක්, ආර්ථික සමාජීය සංස්කෘතික හා ආගමික අයිතින්වලින් පරිපූර්න වූ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ රටට ඇති බරපතල අවශ්‍යතාව වන්නේ ඩොලර් සහ රුපියල් උත්පාදනය කිරීම බවත් ඒ සඳහා ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් වත්මන් රජය ආර්ථිකය කුඩා කළත් සමගි ජන බලවේගය බලයට පත් වූ විගස අපේ රටේ ජනතාවටත් විශේෂයෙන් දරු පරපුරටත් ජීවත් වීමේ අයිතිය උරුම කර දෙන බවත් පැවසීය. වෙනත් පාලකයන් මෙන් නොව සමගි ජන බලවේගය වසරේ සෑම දිනකම වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් කැප වූ බවත් ඒ සම්බන්ධයෙන් තමා අද දින සතුටු වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අපේ රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමට නම් අල්ලස, දූෂණය, වංචාව හා හොරකම තුරන් කර විනිවිදභාවයෙන් යුක්තව වගකියන හා වගවන පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කළ යුතු බවත් එවිට ජනතාවට රට වෙනුවෙන් කැපකිරීම් සිදුකිරීම අනවශ්‍ය බවත් ආණ්ඩු පත් කරන්නේ පත්වූ පාලකයන් වෙනුවෙන් ජනතාවට කැපකිරීම් සිදු කිරීමට නොව ජනතාවට හොඳ ජිවන තත්වයක් හිමිකර දීමට බවත් රටේ නායකයා යනු රටේ ජනතාවගේ බාරකාරයා බවත් ඔහුගේ හදවත ජනතාව දුක් විදින විට උණුවිය යුතු බවත් අනුකම්පාව දයාව කරුණාව මෛත්‍රිය නොමැතිව තනතුරුවල සිටීම ඵලක් නොවන බවත් මේ රටට අවශ්‍ය ජනදුක තේරෙන දූෂණය තුරන් කරන රාජ්‍ය පාලනයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පාසල් දූදරුවන් හා සරසවි සිසුන්ට ද හරියාකාර කෑමක් නොමැති බවට සමීක්ෂණයක් මඟින් අනාවරණය වී ඇති බවත් පාසල් සිසුන් ආහාර නොමැතිව ක්ලාන්ත දමන බවත් ඔවුන්ට හිමි මූලික අයිතිවාසිකමක් වන රජයෙන් දිවාආහාරය ලබා දීම පවා අහිමි කර ඇති නමුත් සමගි ජනබලවේග රජයක් යටතේ සියලුම පාසල් සිසුන්ට එය ලබා දෙන බවත් පැවසීය. ඊට අමතරව නිල ඇදුම් මෙන්ම අධ්‍යාපනය කර ගෙන යාමට පහසු වන සුහුරු ජංගම දුරකථනයක් හෝ ටැබ් යන්ත්‍රයක් ලබා ගත නොහැකි අයට එවැන්නක් ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ වන විට රට ආර්ථික සමාජීය පරිහානියක පවතින බවත් මේ සඳහා බොහෝ දෙනා උත්තර හා විසදුම් සොයන බවත් ලෝක ළමා දිනය දවසේ පවා පාසලකට බස් රථයක් පරිත්‍යාග කිරිමට හැකි වීම පසුගිය කාලයේ ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස යථාර්ථයක් කිරීම බවත් නිදහස ලැබූ දවසේ සිට වසර 75ක් පුරා සිදු වූයේ බලය ලබා ගෙන රටට වැඩ කිරීම මිස විපක්ෂය විසින් රටට වැඩක් නොකර ආණ්ඩුබලය ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම බවත් මේ තත්ත්වය පසුගිය වසර 3 සමගි ජනබලවේගය වෙනස් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙම පරිත්‍යාග සිදු කිරීමේ දී කිසිදු කොමිස් මුදලක් ලබා ගෙන නොමැති බවත් සෑම දෙයක්ම විනිවිදභාවයෙන් යුක්තව සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ රටට අවැසි කැට හොල්ලා ලෝකේ වටේ හිඟා කකා යන දේශපාලනය නොව රටේ දරුපරපුර ශක්තිමත් කර ඒ තුළින් රට ගොඩ නැගීම බවත් ඒ සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ මොහොත වන විට සමගි ජන බලවේගය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල බස්රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා ලක්ෂ 3892ක් වැය වී තිබේ. එසේම තවත් රජයේ පාසල් 33කට ලක්ෂ 290ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ. ඊට අමතරව හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ හා ඖෂධ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

කිසිම ලේඛනයක් අතේ නෑ! කටුනායක ගුවන්තොටුපොළට හොරෙන්ම ඇතුලු වූ අයෙක් ජපන් යන ප්ලේන් එක ඇතුළටත් නැගලා සීට් එකකත් වාඩි වෙලා ඉඳලා! ඒ තරමටම කටුනායක සිස්ටම් එක ෆේල්ද? I Sri Lanka Latest News

Next Post

ටිකට් නැතුව බස් එකේ ගියොත් අයකරන දඩය රු. 250 සිට රු. 3,000 දක්වා වැඩිකරයි! Sri Lanka Latest News

MORE NEWS

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.