• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මෝල් වැටලීම අසාර්ථකයි! ඩඩ්ලි අඩුවට දෙන්න බෑ කියයි! සංඝරත්නය රත්න හිමිකරුගේ සහායට!

September 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සිරිසේන විශ්‍රාම යන්න සූදානම්…
Share on WhatsAppShare on Facebook

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ඊයේ (08 වැනිදා) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ලබා දීමට වී මෝල් හිමියෝ එකඟ වී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුළු විමර්ශන නිලධාරීන් පොලිසිය, ස.තො.ස. හා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ලබාගැනීම ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ආරම්භ කරන ලදී.

ලබා ගන්නා සහල් ස​.තො.ස. වෙත රැගෙන ඒම සඳහා ස.තො.ස. ආයතනය සතු ලොරි 70ක්ද රැගෙන ගිය නමුත් ලොරි 39කට ප්‍රමාණවත් සහල් පමණක් ලැබුණු බව අනාවරණය වේ.

නිපුන සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි හයකට, අරලිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි විස්සකට, නිව් රත්න සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි දහයකට සහ සූරිය සහල් කර්මාන්ත ශාලාවෙන් ලොරි තුනකට ප්‍රමාණවත් සහල් ලැබී තිබේ. සම්බා, කීරි සම්බා සහ නාඩු සහල් තොග මෙලෙස ලැබී ඇත. ලබා ගත් සහල් ස.තො.ස. මගින් අලෙවි කර දින දහයක් ඇතුළත මුදල් ගෙවන බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය වී මෝල් හිමියන්ට පොරොන්දු වී ඇත. සහල් පාලන මිලට වඩා රුපියල් 3-5ත් අතර අඩු මුදලකට ලබාගෙන ඇත. අරලිය සහල් කර්මාන්ත ශාලාවේදී එහි හිමිකරු ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කර ඇත්​තේ වී සඳහා ඉහළ මිලක් ගෙවීම හේතුවෙන් සහල් අඩු මිලකට ලබාදිය නොහැකි බවයි. තමන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව ඔහු කරුණු පැහැදිලි කර රටේ නීතියට ගරු කරමින් සහල් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

නිව් රත්න සහල් මෝලෙන් සහල් ලබාගැනීමට යාමේදී මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර බාධා එල්ල කර තිබේ. ‘‘දේශීය ආයතනවලට කරදර නොකරන ලෙසත් සහල් බලහත්කාරයෙන් ලබා නොගන්නා ලෙසත් මහා සංඝතරන්ය ඉල්ලා සිටියහ. මෙම ස්ථානයට විමර්ශන නිලධාරීන් පැමිණෙන විට නිව් රත්න සහල් ලොරි අටක සහල් පුරවා තිබූ අතර එක් සේවකයකු එම ලොරිවල තිරිංග ගලවා ඉවත් කිරීමට සූදානම් වුවද පොලිසිය එය ව්‍යර්ථ කළේය. කෙසේ වෙතත් විවිධ බාධා මධ්‍යයේ ලොරි දහයකට ප්‍රමාණවත් සහල් ලබාදීමට නිව් රත්න සහල් කර්මාන්ත ශාලා හිමිකරු එකඟ වී ඇත.

සහල් ලබාගැනීමට පෙර අත්‍යවශ්‍ය සේවා කොමාසාරිස් ජනරාල් කාර්යාලය මහා පරිමාණ වී මෝල්වල ඇති සහල් හා වී තොග පිළිබඳ වාර්තාවක් පොළොන්රුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගෙන තිබේ. එම වාර්තාවට අනුව මහා පරිමාණ වී මෝල් හතරක වී කිලෝග්‍රෑම් මිලියන 136ක් ඇති බව අනාවරණය වී තිබේ. -අරුණ

SendShareShare
Previous Post

කුණ්ඩලීනී ශක්තියෙන් කොරෝනා පැරදුවා කියපු ඒලියන්ත වයිට්ටත් ‌කොරෝනා!

Next Post

එජාපෙන් පොදු මැතිවරණ ක්‍රමයක් ගැන යෝජනාවක්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.