පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. Sri Lanka Latest News
එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය.










