• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

SriLankan Cargo හා CargoAi එක්වෙයි! දැන් ලේසියෙන්ම ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් වෙන්කර ගන්නත් පුලුවන්! ගෙවීම් කරන්නත් පුලුවන්! I Sri Lanka Latest News

May 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන CargoAi සමඟ එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් ක්‍රියාවලීන් සරල කිරීමට පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය (SriLankan Cargo), CargoAi ඩිජිටල් පද්ධතිය හා ඒකාබද්ධ කිරීම මඟින් පාරිභෝගිකයින් හට අන්තර්ජාලය හරහා වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් හැකියාවන් සඳහා ප්‍රවේශය ලැබෙන අතර, මේතුලින් ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ මෙහෙයුම් පුළුල් කිරීමටත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුලින් වඩාත් හොඳ සේවාවක් ලබාදීමටත් හැකියාව ලැබෙනවා.

බහුවිධ ගෙවීම් ක්‍රම හඳුන්වා දීම ,මූල්‍ය ගනුදෙනුවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගින් ගෙවීම් ක්‍රියාවලීන් විධිමත් කෙරේ. මීට අමතරව, CargoAi හි CargoWALLET පහසුකම ඇතුලු තවත් ඩිජිටල් පහසුකම් රැසක් පාරිභෝගිකයින් හට හඳුන්වාදීමට නියමිතයි.

එමෙන්ම බැංකු ඇපකරයක් සැපයීමට හෝ වාර්ෂික දායක මුදල් ගෙවීමට අවශ්‍ය නොවන අතර CargoMART පහසුකම මගින් සංකීර්ණතාවලින් තොරව හා පොදු කාර්ය පිරිවැය අඩු කිරීම තුලින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනකරුවන්ට කාර්යක්ෂමව සිය මෙහෙයුම් කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව හිමි වේ.

“CargoAi සමඟ අපගේ හවුල්කාරිත්වය අපගේ ඩිජිටල්කරණ ගමනේ තවත් වැදගත් ස්ථානයක් සනිටුහන් කරනවා. විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙන්ම අපගේ පාරිභෝගිකයින් හට ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් කලින් වෙන්කරවා ගැනීමේ නව අත්දැකීම ලබා දීමට අපට හැකි වෙනවා. CargoAi හා එක්ව අපගේ වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමටත් පාරිභෝගිකයන් වෙත හොඳ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. ” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසී ය.

“ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo) සමඟ ඇතිකර ගත් අපගේ සහයෝගීතාවය ,ගුවන් භාණ්ඩ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ අපගේ මෙහෙවරේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ක්‍රියාවලි ක්‍රමවත් කිරීමට සහ පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට තාක්ෂණය උපයෝගී කරගනිමින්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ වඩාත් කාර්යක්ෂම සහ තිරසාර අනාගතයක් සඳහා පහසුකම් සැලසීම අපගේ අරමුණයි. ” CargoAi හි ප්‍රධාන විධායක නිලධාරී Matt Petot මහතා නව හවුල්කාරිත්වය පිළිබඳව සිය සතුට පළ කරමින් පැවසී ය.

මෙම හවුල්කාරිත්වය මගින් සිය පාරිභෝගිකයින්ට කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම සඳහා ඉදිරියේ දී තවත් පහසුකම් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.
SriLankan Cargo

ශ්‍රීලංකන් කාගෝ මේ වනවිට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. තම හවුල්කරුවන් සමග එක් වී මාර්ගස්ථ ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත. එමෙන්ම විශිෂ්ට තලයේ ගබඩා පහසුකම් සහ අතිනවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණද සමගින් ශ්‍රීලංකන් කාගෝ, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන සේවා සම්පාදකයෙකු ලෙස ඇගයීමට ලක් වී තිබේ.

CargoAi

ගෝලිය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් සේවා සැපයුම්කරු වන CargoAi සිය නවෝත්පාදනයන් හරහා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව හැඩයක් ලබා දීමට කටයුතු කෙරේ. කර්මාන්තයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන මෙම සමාගම, සංකීර්ණ ක්‍රියාවලියන් තුලින් තොර ප්‍රසම්පාදන, ගෙවීම් සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කරයි. එහි නවතම පහසුකම වන CargoWALLET සමඟින්, රටවල් 150 කට වැඩි හා මුදල් වර්ග 47 කට ආරක්ෂිතව සහ ක්ෂණික ගෙවීම් කඩිනම් කිරීම සඳහා තාක්‍ෂණික පහසුකම් සලසා දෙයි. CargoTech හි සාමාජිකයෙක් වන CargoAi හි මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටුවා ඇත.

SendShareShare
Previous Post

ඒ භයානක කතාව ලාල්කාන්තගේ කටින් පැන්නා! අනෙක් අය ඒක නොකියා හංගගෙන ඉන්නවා! මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක්! ගමේ ඉන්න මිනිස්සු නඩු අහලා ‌දඬුවම් දෙන්න ගියොත් හොඳට තියෙයි! ලාල්කාන්තගේ පරණ මිතුරා විමල් ලාල්කාන්ත කියපු කතාව පට්ට ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බදුල්ලට වැහි පිට වැහි! ගමන් බිමන් අවදානම්! අද හවස ඉඳන් හෙට උදේ වෙනකම් ඇල්ල වැල්ලවාය පාර වසා දමයි! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.