පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පොදු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ක්‍රම සංශෝධන සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සඳහා කොට්ඨාශ ක්‍රමය යටතේ සියයට 65 ක් සහ සමානුපාතික ක්‍රමයට සියයට 25 ක් ලෙස මන්ත්‍රීවරුන් පත් කර ගත යුතු බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
කොට්ඨාශ සංඛ්‍යාව අඩු කිරීම මගින් පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කල යුතු බවටද ඔවුන් එහිදී යෝජනා කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙහිදී පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදයට අදාළ විවිධ ආකෘති කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ කාරක සභාවට ඉදිරිපත් කළා. විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීමට පත් කළ විද්වත් කමිටුවේ ඔහු සාමාජිකයෙක්.
පළාත් පාලන ආයතනවල දැනට පවතින විශාල මන්ත්‍රී ධූර සංඛ්‍යාව අවම කිරීමේ අවශ්‍යතාව මෙහිදී මහාචාර්යවරයා පෙන්වා දුන්නා.
කාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ වඩා යහපත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බවයි.