පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය අතිපූජ්‍ය එල්ලාවල මෙධානන්ද අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය “මෙධානන්දාභිනන්දන” කෘතිය හා මුල්දින කවරය එළිදැක්වීමේ මහෝත්සවය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.Sri Lanka Latest News
එම අවස්ථාවට මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නායක මාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ, ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, දියවඩන නිළමේ නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු විශාල ආරාධිතයන් පිරිසක් සහභාගි වුණා.