ඊයේ රාත්‍රියේදී ගාල්ලේදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ මාමණ්ඩිය වන ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති කෝටිපති ව්‍යාපාරිකයකු බව මේ වනවිට අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
ඊයේ රාත්‍රියේ ගාල්ල ඩික්සන් හන්දියේදී මෙම ඝාතනය සිදුව තිබූ අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියකින් මෙන්ඩිස් මහතා ගමන් කළ වාහනයට වෙඩි වරුසාවක් එල්ල කොට තිබිණ.
එහිදී වෙඩි 15ක් පමණ මෙන්ඩිස් මහතාගේ සිරුරට වැඩිදී ඇති බව වාර්තා වේ.
මෙන්ඩිස් මහතා රියදුරු අසුන මතම මිය ගොස් තිබිණ.